PHPWord

 

 

 

نُبذَةٌ فِي العَقِيدَةِ الإِسْلَامِيَّة (شَرْحُ أُصُولِ الإِيمَانِ)

 

ඉස්ලාමීය විශ්වාස පද්ධතිය පිළිබඳ හැඳින්වීමක්

 

بِقَلَم فَضِيلَة الشَّيخ العَلَّامَة

مُحَمَّدِ بْنِ صَالِحٍ العُثَيمِين

غَفَرَ اللَّهُ لَهُ وَلِوَالِدَيْهِ وَلِلْمُسْلِمِين

 

කතෘ

මුහම්ද් බින් සාලිහ් අල්උසයිමින්

අල්ලාහ් එතුමාටත්, එතුමාගේ දෙමව්පියන්ටත් මුස්ලිම්වරුන්ටත් සමාව ලබා දෙත්වා!

 

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

ඉස්ලාමීය විශ්වාස පද්ධතිය පිළිබඳ හැඳින්වීමක්.

අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්

පෙරවදන

සියලු ප්‍රශංසා අල්ලාහ්ට පමණක් හිමි වන්නේය. අපි ඔහු ප්‍රශංසා කරමු, ඔහුගේ සහාය ද පතමු, ඔහුගෙන් සමාව අයද සිටිමු. අපි අපගේ පාපයන් සඳහා ඔහුගෙන් පාපොච්චාරණය කරමු. අපේ හදවතේ ඇති පාප සිතුවිලි වලින් සහ අපේ කටයුතු වලදී සිදුවෙන අයහපත් දෙයින් මිදීමට අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමු, අල්ලාහ් කවරෙකුට මඟ පෙන්වූයේ ද ඔහුව නොමඟ යවන්නෙකු නැත. ඔහු කවරෙකුට නොමඟ යන්නට ඉඩ හැරියේ ද ඔහුට මඟ පෙන්වන්නෙකු නැත. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැති බව මම සාක්ෂි දරමි. තවද මුහම්මද් (සල්ලල්ලාහු අලෙහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ගේ ගැත්තා හා දූතයා බවට මම සාක්ෂි දරමි. එතුමාණන්ට සහ එතුමාණන්ගේ පවුලේ අයට, එතුමාණන්ගේ සහගාමීන් සහ ධර්මිෂ්ඨ ලෙස ඔවුන් අනුගමනය කළ සියලු දනන්හට අල්ලාහ් සාමය හා සමාදානය ඇති කරත්වා!

මේ සියල්ලට පසු, "ඉල්මුත් තව්හීද්" හෙවත් දේව ඒකීයකරණයේ දැනුම, දැනුම් අතරින් අති ශ්රේෂ්ඨ, ඉතා කීර්තිමත්, පරිශීලනය කිරීමට අනිවාර්යය වූ එකකි. මක්නිසාද යත් සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ් පිළිබඳවත්, ඔහුගේ නාම, ඔහුගේ ගුණාංග හා ඔහුගේ ගැත්තන් කෙරෙහි ඔහු මත වූ වගකීම් පිළිබඳවත් සොයා බලන දැනුම වන බැවිනි. එමෙන්ම එය උත්තරීතර අල්ලාහ් වෙත වූ මාර්ගය විවර කරන යතුරය. ඔහුගේ පිළිවෙත්හි පදනමය.

සියලු ධර්ම දූතවරු, ඒ වෙත ඇරයුම් කිරීම සඳහා ඒකමතිකව එකඟ වී ඇත්තේ එබැවිනි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِيٓ إِلَيۡهِ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدُونِ 25﴾

‘තවද නියත වශයෙන් ම මා හැර වෙනත් දෙවියකු නොමැත. එහෙයින් නුඹලා මට ම නමදිනු’ යැයි ඔහු වෙත දේව පණිවිඩ දන්වා සිටීමෙන් මිස නුඹට පෙර කිසිදු ධර්ම දූතයකු අපි නො එව්වෙමු. (අල් අන්බියා 21:25)

උත්තරීතරයාණන් තමන්ගේ ඒකීයභාවය පිළිබඳ තමන් විසින්ම සාක්ෂි දරන අතර ඒ ගැන ඔහුගේ මලක්වරු හා බුද්ධිමතුන් ද සාක්ෂි දරති. උත්තරීතර අල්ලාහ් මෙසේ  ප්‍රකාශ කරයි:

﴿شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلۡمَلَٰٓئِكَةُ وَأُوْلُواْ ٱلۡعِلۡمِ قَآئِمَۢا بِٱلۡقِسۡطِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ 18﴾

සැබැවින් ම තමන් හැර වෙනත් දෙවියෙක් නොමැත බව අල්ලාහ් සාක්ෂි දරයි. එමෙන් ම මලක්වරුන් ද, යුක්තිය ඉටු කරන ඥානයෙන් යුත් අය ද (සාක්ෂි දරති.) මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත. (ආලු ඉම්රාන් 3:18)

මෙය ඒකදේවවාදයේ කාරණය වන බැවින්, ඒ ගැන ඉගෙනීම, ඉගැන්වීම, පරිශීලනය කිරීම, ප්‍රතිපත්තියක් ලෙස ගැනීම යනාදිය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සෑම මුස්ලිම්වරයෙකුගේම යුතුකම වේ. එය ඔහුගේ ආගම ශක්තිමත් පදනමක් මත හා සන්සුන් භාවය සහ යටත්වීම මත ගොඩනගාගැනීම පිණිසය. අවසානයේ එහි ප්‍රතිඵල හා ප්‍රයෝජන තුළින් සතුටට පත්විය හැක.

සාර්ථකත්වයේ භාරකරු අල්ලාහ්ය.

කතෘ

 


ඉස්ලාම් ආගම

ඉස්ලාම් ආගම: එය මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව කවර ධර්මයක් සමග අල්ලාහ් එව්වේ ද එම ආගමයි. එමගින් අල්ලාහ් සියලු ආගම්වලට මුද්‍රා තැබීය. තම ගැත්තන් වෙනුවෙන් එය පූර්ණවත් කළේය. එමගින් ඔවුනට ආශිර්වාදය සම්පූර්ණ කළේය. ඔවුන් සඳහා ආගමක් ලෙස එය පිළිගත්තේය. එය හැර වෙනත් ආගමක් කිසිවකුගෙන් පිළිගන්නේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٖ مِّن رِّجَالِكُمۡ وَلَٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّـۧنَۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا 40﴾

මුහම්මද් නුඹලාගේ පිරිමින් අතරින් කිසිවකුගේ පියෙකු නො වීය. එහෙත් ඔහු අල්ලාහ්ගේ ධර්ම දූතයාණන් ය. තවද නබිවරුන්ගේ මුද්‍රාව ය. තවද සියලු දෑ පිළිබඳව අල්ලාහ් සර්ව ඥානී ය. (සූරා අල් අහ්සාබ් 33:40)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿...ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗاۚ...﴾

අද දින නුඹලාට නුඹලාගේ දහම මම සම්පූර්ණ කළෙමි. නුඹලා කෙරෙහි වූ මාගේ ආශිර්වාදය ද සම්පූර්ණවත් කළෙමි. නුඹලා වෙනුවෙන් දහමක් ලෙස ඉස්ලාමය මම පිළිගතිමි. (අල් මාඉදා 5:3)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿إِنَّ ٱلدِّينَ عِندَ ٱللَّهِ ٱلۡإِسۡلَٰمُ...﴾

නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ... (ආලු ඉම්රාන් 3:19)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿وَمَن يَبۡتَغِ غَيۡرَ ٱلۡإِسۡلَٰمِ دِينٗا فَلَن يُقۡبَلَ مِنۡهُ وَهُوَ فِي ٱلۡأٓخِرَةِ مِنَ ٱلۡخَٰسِرِينَ 85﴾

කවරෙකු ඉස්ලාමය හැර වෙනත් දහමක් සොයන්නේ ද එවිට ඔහුගෙන් කිසිවක් පිළිගනු නො ලබන්නේ ම ය. තවද ඔහු මතු ලොවෙහි අලාභ වන්තයින් අතුරින් කෙනෙකි. (ආලු ඉම්රාන්: 85)

උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් ඒ අනුව දහම්ගත වන මෙන් සමස්ත මිනිස් සංහතියටම අල්ලාහ් නියම කළේය. අල්ලාහ් තම දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අමතමින් මෙසේ පවසයි:

﴿قُلۡ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُمۡ جَمِيعًا ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحۡيِۦ وَيُمِيتُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِ ٱلنَّبِيِّ ٱلۡأُمِّيِّ ٱلَّذِي يُؤۡمِنُ بِٱللَّهِ وَكَلِمَٰتِهِۦ وَٱتَّبِعُوهُ لَعَلَّكُمۡ تَهۡتَدُونَ 158﴾

‘අහෝ ජනයිනි! සැබැවින් ම මම නුඹලා සියළු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි. අහස් හා පොළොවේ ආධිපත්‍යය ඔහු සතු ය. ඔහු හැර නැමදුමට වෙනත් සුදුස්සෙකු නොමැත. ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. එබැවින් නුඹලා යහමඟ ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ව ද ඔහු හා ඔහුගේ වදන් විශ්වාස කරන ඔහුගේ දූත උම්මි (ශාක්ෂරතාව නො දන්නා) නබිවරයාව ද විශ්වාස කරනු. තවද ඔහුව අනුගමනය කරනු’ යැයි (නබිවරය!) නුඹ පවසනු. (අල් අඃරාෆ් 7:158)

සහීහ් මුස්ලිම් හි සඳහන් පරිදි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

«وَالَّذِي ‌نَفْسُ ‌مُحَمَّدٍ ‌بِيَدِهِ ‌لَا ‌يَسْمَعُ بِي أَحَدٌ مِنْ هَذِهِ الْأُمَّةِ يَهُودِيٌّ وَلَا نَصْرَانِيٌّ، ثُمَّ يَمُوتُ وَلَمْ يُؤْمِنْ بِالَّذِي أُرْسِلْتُ بِهِ إِلَّا كَانَ مِنْ أَصْحَابِ النَّارِ».

“මුහම්මද්ගේ ජීවිතය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුදෙව් හෝ කිතුනු ප්‍රජාව අතරින් කිසිවෙකු හෝ මා ගැන අසා, නමුත් මා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද ඒ ගැන විශ්වාසය සහතික නොකර (එම තත්වයෙන්ම) මිය ගියේ ද ඔහු අපායේ පුද්ගලයින් අතරින් කෙනෙකු විය.”1.

ඔහු කෙරෙහි විශ්වාසය තැබීම යනු: එය හුදු විශ්වාසය පමණක් නොව, පිළිගැනීමෙන් හා එයට යටත් වීමෙන් ඔහු ගෙන ආ දේ විශ්වාස කිරීමය. එතුමාණන් ගෙන ආ දේ අබු තාලිබ් පිළිගත්තත්, එය හොඳම ආගම බවට සාක්ෂි දැරුවත්, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහිවසල්ලම්) තුමාව විශ්වාස කරන්නෙකු බවට අබුතාලිබ් පත් නොවූයේ එබැවිනි.

ඉස්ලාමීය ආගම: පෙර ආගම්වල ඇතුළත් වූ සියලුම දැහැමි කටයුතු ඇතුළත් වන අතර එය සෑම කාලයකටම, සෑම ස්ථානයකටම සහ සෑම ජාතියකටම වලංගු වීම මගින් කැපී පෙනේ. සර්වබලධාරී අල්ලාහ් තම දූතයා අමතමින් මෙසේ පවසයි:

﴿وَأَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلۡكِتَٰبِ وَمُهَيۡمِنًا عَلَيۡهِ...﴾

තවද සත්‍යයෙන් යුතු මෙම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කළෙමු. එය තමන් අතර තිබූ (පෙර පහළ වූ) ධර්ම ග්‍රන්ථය සත්‍ය කරවන්නකි. තවද ඒවා මත ආධිපත්‍ය දරන්නකි... (අල් මාඉදා 5: 48)

එය සෑම කාලයකටම, ස්ථානයකටම සහ ජාතියකටම වලංගු වේ යන්නෙහි තේරුම: එය පිළිපැදීම ඕනෑම වේලාවක හෝ ස්ථානයක සමූහයාගේ අවශ්යතාවලට පටහැනි නොවන අතර, එය එහි යහපතම අපේක්ෂා කරයි. ඇතැම් ජනයා සිතන පරිදි සෑම කාලයකටම, ස්ථානයකටම හා ජාතියකටම සමහර අයට අවශ්ය පරිදි එය යටත් බව ඉන් අදහස් වන්නේ නැත.

ඉස්ලාමීය ආගම: එය සැබෑ ලෙස පිළිපදින්නන් හට එයට සහයෝගය දක්වන බවටත් සෙසු ඕනෑම දෙයකට වඩා එය ප්‍රකට කරන බවටත් උත්තරීතර අල්ලාහ් සහතික කර ඇති සත්‍යෙය් ආගම එයයි.

﴿هُوَ ٱلَّذِيٓ أَرۡسَلَ رَسُولَهُۥ بِٱلۡهُدَىٰ وَدِينِ ٱلۡحَقِّ لِيُظۡهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُشۡرِكُونَ 9﴾

දේව ආදේශකයින් පිළිකුල් කළ ද සියලු දහම්වලට වඩා ඔහුගේ දහම ඉස්මතු කරනු පිණිස යහ මඟ හා සත්‍ය දහම සමඟ ඔහුගේ දූතයාණන්ව එව්වේ ඔහු ම ය. (අස්-සෆ්: 61:9)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَيَسۡتَخۡلِفَنَّهُمۡ فِي ٱلۡأَرۡضِ كَمَا ٱسۡتَخۡلَفَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَلَيُمَكِّنَنَّ لَهُمۡ دِينَهُمُ ٱلَّذِي ٱرۡتَضَىٰ لَهُمۡ وَلَيُبَدِّلَنَّهُم مِّنۢ بَعۡدِ خَوۡفِهِمۡ أَمۡنٗاۚ يَعۡبُدُونَنِي لَا يُشۡرِكُونَ بِي شَيۡـٔٗاۚ وَمَن كَفَرَ بَعۡدَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ 55﴾

තවද නුඹලා අතරින් දේවත්වය විශ්වාස කළවුනට, ඔවුනට පෙර සිටියවුන්ට බලය ලබා දුන්නාක් මෙන් මහපොළොවේ ඔවුනට ද බලය ලබා දෙන බවද, ඔවුන් වෙනුවෙන් ඔහු පිළිගත් දහම (අනුගමනය කිරීමට) ඔවුනට ඉඩ සලසා දෙන බව ද ඔවුනට ඇති වූ බියෙන් පසුව සුරක්ෂිත තත්ත්වයකට ඔවුන් වෙනස් කරන බව ද අල්ලාහ් ප්‍රතිඥා දුන්නේ ය. ඔවුහු මට නැමදුම් කරති. මට කිසිවක් ආදේශ නො කරති. තවද මින් පසුව කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද එවිට ඔවුහු මය පාපතරයෝ. (අන්-නූර් 24:55)

ඉස්ලාම් ආගම: දේව විශ්වාසයකි, ආගමික නීතියකි. එය දේව විශ්වාසය හා ආගමික නීති වලින් සම්පූර්ණ වූවකි.

1- උත්තරීතර අල්ලාහ්ගේ ඒකීයත්වය තහවුරු කරන මෙන් එය නියෝග කරන අතර ඔහුට ආදේශ තැබීමෙන් වළක්වයි.

2- සත්‍යය කතා කරන මෙන් නියෝග කරන අතර බොරුව වළක්වයි.

3- යුක්තිය අණ කරන අතර අයුක්තිය වළක්වයි. යුක්තිය යනු සමානකම්වල සමානාත්මතාවය සහ වෙනස්කම්වල වෙනස පවත්වා ගෙන යාමයි. ඉස්ලාම් දහම සමානාත්මතාවයේ දහමයි, යනුවෙන් පොදුවේ අතැම් අය පැවසුව ද යුක්තිය යනු නිරපේක්ෂ පොදු සමානතාවය නොවේ. වෙනස්කම් අතර සමානතාවය යනු ඉස්ලාම් නිර්දේශ නොකරන අසාධාරණ කරුණකි. එය සිදු කරන්නා අගයන්නේ ද නැත.

4- පැවරුම් ඉටු කරන මෙන් අණ කරන අතර වංචාව තහනම් කරයි.

5- වගකීම් ඉටු කරන මෙන් අණ කරන අතර ඒවා කඩ කිරීමෙන් වළක්වයි.

6- දෙමව්පියන්ට ඇප උපස්ථාන කරන මෙන් නියෝග කරන අතර හිංසා කිරීමෙන් වළක්වයි.

7- ඥාතී සම්බන්ධකම් පවත්වන මෙන් අණ කරයි. ඔවුන් නෑදෑයෝ වෙති. එමෙන්ම එම සම්බන්ධකම් බිඳ දැමීම තහනම් කරයි.

8- අසල්වැසියන් සමග දැහැමි අයුරින් කටයුතු කරන මෙන් නියෝග කරයි. නපුරුකම් කිරීමෙන් වළක්වයි.

සමස්ත ප්‍රකාශය තුළින් අදහස් වනුයේ: ප්‍රශංසනීය සෑම යහපත් ගුණාංගයක්ම එය (ඉස්ලාමය) නියෝග කරන අතර, පහත් සෑම අයහපත් ගුණාංගයකින්ම වළක්වයි. සෑම දැහැමි  ක්‍රියාවක්ම අණ කරන අතර, සෑම නපුරු, අයහපත් ක්‍රියාවක්ම වළක්වයි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿إِنَّ ٱللَّهَ يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَٱلۡإِحۡسَٰنِ وَإِيتَآيِٕ ذِي ٱلۡقُرۡبَىٰ وَيَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِ وَٱلۡبَغۡيِۚ يَعِظُكُمۡ لَعَلَّكُمۡ تَذَكَّرُونَ 90﴾

නියත වශයෙන් ම අල්ලාහ් යුක්තිය ඉටු කරන ලෙස ද කාරුණිකත්වය පෙන්වන ලෙස ද සමීප ඥාතීන්ට පිරිනැමීමට ද නියෝග කරයි. එමෙන් ම අශික්ෂිත දැයින් ද පිළිකුල් සහගත දැයින් ද අපරාධකාරී දැයින් ද ඔහු වළක්වයි. තවද නුඹලා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස ඔහු නුඹලාට උපදෙස් දෙයි. (අන් නහ්ල් 16:90)

ඉස්ලාමයේ මූලිකාංග

ඉස්ලාමයේ මූලිකාංග: එය කරුණු පහක් මත පදනම්ව ගොඩනැගී ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටී:

«بُنِيَ الْإِسْلَامُ عَلَى خَمْسَةٍ: عَلَى أَنْ يُوَحِّدَ اللَّه - وَفِي رِوَايَةٍ عَلَى خَمْسٍ -: شَهَادَةِ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ، وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ، وَإِقَامِ الصَّلَاةِ، وَإِيتَاءِ الزَّكَاةِ، وَصِيَامِ رَمَضَانَ، وَالْحَجِّ».

“ඉස්ලාමය කරුණු පහක් මත ගොඩ නැගී ඇත.  එනම් අල්ලාහ්ව ඒකීයකරණය කිරීම, -තවත් වාර්තාවක: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් තුමාණන් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම,- සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම, හජ් වන්දනාව ඉටු කිරීම.” එවිට එක් මිනිසෙක්: 'හජ්, සහ රමළාන් උපවාසයද?' යැයි විමසීය. එතුමාණෝ මෙසේ පැවසූහ:

«لَا، صِيَامُ رَمَضَانَ، وَالْحَجُّ».

"නැත, රමළාන්හි උපවාසය සහ හජ්" මම එය අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සවන් දී ඇත්තේ එලෙසය. (2)2

1- නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත්, මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම වනාහි: මෙම සාක්ෂියේ ප්‍රකාශය දිවෙන් උච්චාරණය වූ ස්ථීර විශ්වාසයයි. ඔහුගේ දැඩි විශ්වාසය පිළිබඳ ඔහු ම සාක්ෂි දරන්නාක් මෙනි. මෙහි සාක්ෂි දැරිය යුතු කරුණු එකකට වඩා වැඩි වශයෙන් තිබියදීත් එක් මූලිකාංගයක් ලෙස ගැනීමට හේතුව පහත සඳහන් වේ.

අ: සැබැවින්ම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) උත්තරීතර අල්ලාහ් ගැන දැනුම් දෙන්නා වන බැවින් එම ගැතිභාවය හා දූතත්ත්වය සම්බන්ධයෙන් වන සාක්ෂි දැරීම ද නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත යන පූර්ණ සාක්ෂි දැරීමෙන් එකකි.

ආ: සැබැවින්ම සිදු කරනු ලබන ක්‍රියාවන් වලංගු වීමටත්, ඒවා පිළිගැනීමටත් මූලික පදනම වන්නේ මෙම සාක්ෂියේ ප්‍රකාශ දෙකය. එසේ නොවූ විටක ක්‍රියාව වලංගු වන්නේ හෝ පිළිගනු ලබන්නේ හෝ නැත. එය පිළිගනු ලබනුයේ උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් අවංක ලෙස ඉටු කිරීමෙන් හා ඔහුගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව පිළිපැදීමෙනි.

අවංකව අල්ලාහ් වෙනුවෙන් ඉටු කිරීම තුළින්, 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට වූ සාක්ෂියේ ප්‍රකාශයත්, අල්ලාහ්ගේ දූතයාණන් පිළිපැදීම තුළින් 'සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට වූ සාක්ෂියේ ප්‍රකාශයත් තහවුරු වන්නේය.

මෙම මහඟු සාක්ෂි දැරීමේ ඵලය වනුයේ, මැවීම්වලට වහල් වීමෙන් හා දූතවරුන් ලෙස එවනු නොලැබූ අය පිළිපැදීමෙන් හදවත හා සිත නිදහස් කර ගැනීමය.

2- සලාතය විධිමත්ව ඉටු කිරීම යනු: නිවැරදි හා පූර්ණ අයුරින්, එහි නියමිත වේලාවන්හි හා නිවැරදි  ක්‍රමවේද පිළිපදිමින් අල්ලාහ් වෙනුවෙන් ඉටු කරනු ලබන නැමදුමකි.

ඉන් ලැබෙන ඵලය වනුයේ: හදවත විවෘත වීම, නෙතට සිසිලක් ගෙනදීම, අශීලාචාර හා පිළිකුල් සහගත දැයින් වැළැක්වීමය.

3- සකාත් පිරිනැමීම යනු: සකාත් සඳහා සුදුසු වස්තුවෙහි නියම වූ ප්‍රමාණයක් වියදම් කිරීමෙන් උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් කරන නැමදුමකි.

එහි ඵලය වනුයේ: (මසුරුකම වැනි) පහත් ගතිගුණ වලින් සිත පිරිසිදු කර ගැනීම හා ඉස්ලාමයේ හා මුස්ලිම්වරුන්ගේ අවශ්‍යතා සපුරාලීම.

4- රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම යනු: රමළාන් මස දහවල් කාලයේ උපවාසය කඩකරන කරුණුවලින් වැළකී සිටිමින් උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් කරන නැමදුමකි.

එහි ඵලය වනුයේ: කීර්තිමත් සර්වබලධාරී අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඇලුම් කරන දෑ අත්හැර දැමීමට සිත පුහුණු කරවීම.

5- දේව නිවස වෙත හජ් වන්දනාවේ යෑම යනු: හජ් සංකේතවත් කරන සළකුණු ක්‍රියාත්මක කිරීම සඳහා ශුද්ධ වූ නිවස පදනම් කර ගෙන යමින් උත්තරීතර අල්ලාහ්ට කරන නැමදුමයි.

එහි ඵලය වනුයේ: උත්තරීතර අල්ලාහ්ට නැමදුම් කිරීමෙහි දී මූල්‍යමය හා ශාරීරික වශයෙන් තමන්ව කැප කිරීමට පුහුණු කිරීම. හජ් වන්දනාව උත්තරීතර අල්ලාහ්ගේ මාර්ගයේ කැපවන ක්‍රියාදාමයන් අතරින් එකක් බවට පත් කර ඇත්තේ එබැවිනි.

මෙම මූලිකාංග සඳහා අප සඳහන් කළ මෙම ප්‍රතිඵල හා අප සඳහන් නොකළ ප්‍රතිඵල අල්ලාහ් වෙනුවෙන් සත්‍ය දහම පිළිපදින, මැවීම් සමග යුක්තිය හා සත්‍ය අනුව කටයුතු කරන පිවිතුරු පාරිශුද්ධ ඉස්ලාමීය සමාජයක් බිහි කරයි. ඉස්ලාම් පිළිවෙත් අතර පවතින මේවා හැර සෙසු කරුණු මෙම මූලිකාංග විධිමත් වීම තුළින් විධිමත් වනු ඇත. ඒවායෙහි කටයුතු විධිමත් වීම තුළින් සමාජයේ තත්ත්වයන් ද විධිමත් වනු ඇත. මෙම ආගමික කටයුතු විධිමත් කිරීමට මඟ හැරෙන ප්‍රමාණයට ඒවායෙහි තත්ත්වයන් ද විධිමත් වීම අසමත් වී යයි.

මෙය පැහැදිලි කර ගන්නට බලන තැනැත්තා, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශය පාරායනය කර බලත්වා.

﴿وَلَوۡ أَنَّ أَهۡلَ ٱلۡقُرَىٰٓ ءَامَنُواْ وَٱتَّقَوۡاْ لَفَتَحۡنَا عَلَيۡهِم بَرَكَٰتٖ مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ وَلَٰكِن كَذَّبُواْ فَأَخَذۡنَٰهُم بِمَا كَانُواْ يَكۡسِبُونَ 96 أَفَأَمِنَ أَهۡلُ ٱلۡقُرَىٰٓ أَن يَأۡتِيَهُم بَأۡسُنَا بَيَٰتٗا وَهُمۡ نَآئِمُونَ 97 أَوَأَمِنَ أَهۡلُ ٱلۡقُرَىٰٓ أَن يَأۡتِيَهُم بَأۡسُنَا ضُحٗى وَهُمۡ يَلۡعَبُونَ 98 أَفَأَمِنُواْ مَكۡرَ ٱللَّهِۚ فَلَا يَأۡمَنُ مَكۡرَ ٱللَّهِ إِلَّا ٱلۡقَوۡمُ ٱلۡخَٰسِرُونَ 99﴾

නියත වශයෙන් ම එම ප්‍රදේශවාසීන් විශ්වාස කොට බිය බැතියෙන් කටයුතු කර තිබුණේ නම් සැබැවින් ම අහසින් හා මහපොළොවෙන් අපි ඔවුන් වෙත සමෘධිය විවෘත කර දෙන්නට තිබුණි. එහෙත් ඔවුහු බොරු කළෝ ය. එවිට ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.

"ඔවුන් නිදා ගනිමින් සිටිය දී රාත්‍රියේ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්‍රදේශවාසීහු අභයදායීව සිටින්නෝ ද?" (97)

"ඔවුහු කෙළිලොල් කරමින් සිටිය දී පෙරවරුවේ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණීම ගැන ප්‍රදේශවාසීහු අභයදායීව සිටින්නෝ ද?" (98)

"අල්ලාහ්ගේ උපාය ගැන ඔවුහු අභයදායීව සිටින්නෝ ද? අල්ලාහ්ගේ උපාය මාර්ගයට අලාභවන්ත ජනයා මිස වෙනත් කිසිවකු අභයදායීව නො සිටියි." (99) (අල් අඃරාෆ් 7:96-99)

එමෙන්ම ඉකුත්ව ගිය අයගේ ඉතිහාසය දෙස බලන්න. සැබැවින්ම බුද්ධිමතුන්හට ඉතිහාසය පාඩමකි. හදවත් තුළ ආවරණයක් නොවැටුනු අයට පැහැදිලි සාක්ෂියකි. අල්ලාහ් උදව් කරත්වා!

ඉස්ලාමීය විශ්වාස පද්ධතියේ පදනම

ඉස්ලාම් දහම:- අප කලින් පැහැදිලි කළ පරිදි- ප්‍රතිපත්තියකි. පිළිවෙතකි. එහි ඇති පිළිවෙත් කිහිපයක් අපි පෙන්වා දුන්නෙමු. එහි පිළිවෙත් සඳහා පදනමක් ලෙස සැළකෙන එහි මූලිකාංග අපි මෙනෙහි කළෙමු.

ඉස්ලාමීය විශ්වාස පද්ධතිය වනාහි: එය අල්ලාහ්, ඔහුගේ මලාඉකාවරුන්, ඔහුගේ දිව්‍ය ග්‍රන්ථ, ඔහුගේ දූතවරුන්, අවසන් දිනය හා පෙර නියමය -එහි යහපත හා අයහපත යනාදිය විශ්වාස කිරීමය.

මෙම මූලික ප්‍රතිපත්ති පිළිබඳ අල්ලාහ්ගේ  ග්‍රන්ථය හා ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සුන්නාව පෙන්වා දෙයි.

උත්තරීතර අල්ලාහ්ගේ  ග්‍රන්ථයේ ඔහු මෙසේ සඳහන් කරයි.

﴿لَّيۡسَ ٱلۡبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمۡ قِبَلَ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَلَٰكِنَّ ٱلۡبِرَّ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَٱلۡمَلَٰٓئِكَةِ وَٱلۡكِتَٰبِ وَٱلنَّبِيِّـۧنَ...﴾

නැගෙනහිර හා බටහිර දෙසට නුඹලාගේ මුහුණ හැරවීම පමණක් යහපත නො වේ. එහෙත් යහපත වනුයේ කවරෙකු අල්ලාහ්, අවසන් දිනය, මලක්වරුන්, දේව ග්‍රන්ථය සහ වක්තෘවරුන්ව විශ්වාස කොට... (අල් බකරා 2:177) 'කද්ර්' හෙවත් පෙර නියමය ගැන ඔහු මෙසේ පවසයි:

﴿إِنَّا كُلَّ شَيۡءٍ خَلَقۡنَٰهُ بِقَدَرٖ 49 وَمَآ أَمۡرُنَآ إِلَّا وَٰحِدَةٞ كَلَمۡحِۭ بِٱلۡبَصَرِ 50﴾

නියත වශයෙන් ම අපි සෑම දෙයක් ම ප්‍රමාණයකින් යුතුව මවා ඇත්තෙමු.

"තවද අපගේ නියෝගය ඇසි පිය ගසන්නාක් මෙන් එකක් පමණි" (50) (අල්-කමර් 54:49,50)

ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමා ඊමානය ගැන විමසා සිටි අවස්ථාවේ එතුමාට පිළිතුරු සපයමින් නබිතුමාණන් මෙසේ පවසා සිටි බව සුන්නාවෙහි සඳහන්ව ඇත.

«الْإِيمَانُ: أَنْ تُؤْمِنَ بِاللَّهِ، وَمَلَائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَالْيَوْمِ الْآخِرِ، وَتُؤْمِنَ بِالْقَدَرِ: خَيْرِهِ وَشَرِّهِ».

“ඊමාන් යනු: අල්ලාහ්, ඔහුගේ මලක්වරුන්, ඔහුගේ දහම්, ඔහුගේ දූතවරුන් හා අවසන් දිනය පිළිබඳ ඔබ විශ්වාස කිරීම හා පෙර නියමය පරිදි එහි හොඳ නරක සිදුවන බවත් ඔබ විශ්වාස කිරීමයි.”3

උත්තරීතර අල්ලාහ් විශ්වාස කිරීම.

අල්ලාහ්ව විශ්වාස කිරීම තුළ කරුණු හතරක් ඇතුළත් වේ.

පළමු කරුණ: උත්තරීතර අල්ලාහ්ගේ පැවැත්ම විශ්වාස කිරීම:

උත්තරීතර ඔහුගේ පැවැත්ම පෙන්වා දෙන කරුණු වනුයේ: සහජ ධර්මතාව, බුද්ධිය, ආගමික පිළිවෙත්, සංවේදීතාව.

උත්තරීතර අල්ලාහ්ගේ පැවැත්ම පෙන්වා දෙන සහජ ධර්මතාව: සෑම මැවීමක්ම කිසිදු පූර්ව ඉගැන්වීමකින් හෝ චින්තනයකින් තොරව ඔහුගේ මැවුම්කරු විශ්වාස කරන ධර්මතාව මත මවා ඇත. ඉන් තම හදවත වෙනතකට යොමු කිරීමට බලන්නෙකු මිස එම ධර්මතාවෙන් හැරෙන්නේ නැත. නබිවරයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා) මෙසේ පවසා ඇත්තෝය.

«‌مَا ‌مِنْ ‌مَوْلُودٍ إِلَّا يُولَدُ عَلَى الْفِطْرَةِ، فَأَبَوَاهُ يُهَوِّدَانِهِ أَوْ يُنَصِّرَانِهِ أَوْ يُمَجِّسَانِهِ».

“ඉපදෙන සෑම දරුවකුම සහජ ධර්මතාව මත උපත ලබන්නේය. නමුත් ඔහුගේ දෙමාපියන් ඔහුව යුදෙව්වකු බවට හෝ කිතුනුවකු බවට හෝ අග්නි වන්දනාකරුවකු බවට පත් කරති.”4.

2- උත්තරීතර අල්ලාහ්ගේ පැවැත්ම පෙන්වා දෙන බුද්ධිමය සාධක වනුයේ: පෙර බිහි වූ මෙන්ම බිහි වෙන්නට ඇති සියලුම මැවීම් සඳහා ඒවා මවන මැවුම්කරුවකු සිටිය යුතු බැවිනි. යමක් එය තුළින්ම බිහිවීමට හෝ අහඹුවෙන් ඇතිවීමට හෝ නොහැකිය.

යමක් එය තුළින්ම බිහි කිරීමට නොහැකිය; සැබැවින්ම යමක් එය විසින්ම මවා ගන්නට නොහැකිය. හේතුව එය ඇති වීමට පෙර කිසිවක් නැති තත්ත්වයක පසු විය. එසේ නම් එය මවන්නෙකු විය හැක්කේ කෙසේ ද?

එය අහඹුවෙන් සිදු වූවක්ද විය නොහැකිය. හේතුව සෑම සිදුවීමකටම සිදු කරන්නෙකු සිටිය යුතු බැවිනි. තවද එහි පැවැත්ම මෙම විස්මිත අනුපිළිවෙල මත පවතින නිසාත්, සුසංයෝගී බැඳීමක් සහිතව පවතින නිසාත්, කරුණු හා හේතු සාධක අතර මෙන්ම ජීවීන් එකිනෙකා අතර පවතින ඒකාබද්ධ සම්බන්ධතා යනාදිය නිසාත් ඒවායෙහි පැවැත්ම අහඹු සිදුවීමක් වීම මුළුමණින්ම වළක්වාලයි. එය අහම්බෙන් සිදු වන්නක් නම් එහි පැවැත්මේ මූලාරම්භයේදී පිළිවෙලක් දකින්නට නොහැකි වේ. එසේ නම් එහි පැවැත්ම හා වර්ධනයේ දී එය නිත්ය වන්නේ කෙසේද?!

යමක් තමන් තුළින්ම බිහිවී තිබීම හෝ අහම්බෙන් සිදු වී තිබීම හෝ මෙම මැවීම් අතර දකින්නට නොලැබෙන්නේ නම්, ඒවා බිහිකළ කෙනෙකු සිටිය යුතු බව පෙන්වා දෙයි. ඔහු සකල ලෝකයන්හි පරමාධිපතියාණන් වන අල්ලාහ්ය.

බුද්ධිමය හා තාර්කික සාධක සූරා අත්-තූර්හි උත්තරීතරයාණන් අල්ලාහ් මෙසේ සඳහන් කර ඇත:

﴿أَمۡ خُلِقُواْ مِنۡ غَيۡرِ شَيۡءٍ أَمۡ هُمُ ٱلۡخَٰلِقُونَ 35﴾

එසේ නැතහොත් කිසිවක් නොමැතිව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද? (අත්තූර් 52:35) ඉන් අදහස් කරනුයේ: සැබැවින්ම ඔවුන් මැවුම් කරුවකු නොමැතිව මවනු ලැබුවේ නැති බවත් ඔවුන් විසින්ම ඔවුන්ව මවා නැති බවත්ය. ඒ අනුව ඔවුනට මැවුම්කරුවකු සිටින බව එය පෙන්වා දෙයි. ඔහු උත්තරීතර අල්ලාහ්ය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සූරා තූර් පාරායනය කරන අවස්ථාවේ එයට සවන් දුන් ජුබෙයිර් ඉබ්නු මුත්ඉම් (රළියල්ලාහු අන්හු) තුමා මෙම වදන් කිහිපය ලබා ගත්තේය:

﴿أَمۡ خُلِقُواْ مِنۡ غَيۡرِ شَيۡءٍ أَمۡ هُمُ ٱلۡخَٰلِقُونَ 35 أَمۡ خَلَقُواْ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۚ بَل لَّا يُوقِنُونَ 36 أَمۡ عِندَهُمۡ خَزَآئِنُ رَبِّكَ أَمۡ هُمُ ٱلۡمُصَۜيۡطِرُونَ 37﴾

එසේ නැතහොත් කිසිවක් නොමැතිව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?

"එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝ ද? එසේ නොව ඔවුහු තරයේ විශ්වාස නො කරති." (36)

"එසේ නැතහොත් ඔවුන් අබියස නුඹගේ පරමාධිපතිගේ භාණ්ඩාගාර තිබේ ද? එසේ නැතහොත් (ඒ මත) ආධිපත්‍යය දරන්නෝ ඔවුහු ද?" (37) (අත්තූර් 52:35-37)

ඒ වන විට ජුබෙයිර් දෙවියන්ට ආදේශ තබන මුෂ්රික් වරයකු ලෙස සිටියේය. ඔහු මෙසේ පැවසීය: "මාගේ හදවත පියාසර කරන්නට විය. මාගේ හදවත තුළ දේව විශ්වාසය ගැන කියවුනු පළමු දෑ මෙය විය."5.

එය පැහැදිලි කරන උදාහරණයක් අපි මෙසේ ඉදිරිපත් කරමු: උද්යාන වලින් වට වුණු; ඒවා අතර ගංගා ගලා බසින; මෙට්ට සහ ඇඳන් වලින් පිරුණු, සංරචක සහ අනුපූරක අතරින් සියලු වර්ගවල සැරසිලි කළ; ශක්තිමත්ව ඉදිකරන ලද මාලිගාවක් ගැන යමෙක් ඔබට පවසයි. හෙතෙම ඔබට මෙසේ පවසා සිටියි: සැබැවින්ම මෙම මාලිගාව හා එහි පවතින පූර්ණත්වය එය විසින්ම බිහිකර ගත්තක් යැයි හෝ එය කිසිදු නිර්මාණකරුවකුගෙන් තොරව අහඹුවෙන් සිදු විය යැයි හෝ ඔබට පැවසුවහොත් එය ඔබ හෙළා දකින්නටත් එය බොරු යැයි පැවසීමටත් පසුබට වන්නේ නැත. එමෙන්ම එම ප්‍රකාශය මෝඩ ප්‍රකාශයක් බව ඔබ සළකනු ඇත. එසේ නම්, මින් පසු පවා පෘථිවි තලය, අහස, ග්‍රහ තාරකා, විවිධ තත්වයන් සහ විශ්මය ජනක පද්ධතිය සහිත මෙම විශාල විශ්වය, මැවුම්කරුවෙකු නොමැතිව එය විසින්ම නිර්මාණය කරන ලද්දක් හෝ අහම්බෙන් බිහි වූවක් ලෙස සැළකීම සුදුසු කාර්යයක් වන්නේ ද?

3- උත්තරීතර අල්ලාහ්ගේ පැවැත්ම සහතික කරන ආගමික සාධක වනුයේ: දිව්‍යමය සෑම පුස්තකයක්ම මේ ගැන කතා කර තිබීමය. මිනිසාගේ යහපත ඇතුළත් කරගත් සාධාරණ නීති සමග පැමිණි ඇති කරුණු සැබැවින්ම මේවා මැවීම්වල යහපත මැනවින් දන්නා මහා  ප්‍රඥාවන්ත පරමාධිපතිගෙන් වූවක් බව පෙන්වා දෙයි. එමෙන්ම විශ්ව තොරතුරු පිළිබඳව, ඒවායෙහි සිදුවීම් තහවුරු කරමින් සඳහන් කර ඇති කරුණු ද පරමාධිපතියාණන් විසින් දන්වා සිටින සියලු දෑ බිහිකරන්නට ඔහු බලය ඇත්තා බව ද පෙන්වා දෙයි.

4- අල්ලාහ්ගේ පැවැත්ම පෙන්වා දෙන සංවේදී සාක්ෂි හා සාධක කරුණු දෙකකින් සමන්විතය:

ඒ දෙකින් පළමුවැන්න: අයැද සිටින්නන් සඳහා පිළිතුරු සපයනු ලැබීම, පීඩාවට පත්වූවන්ට සහන ලැබීම යනාදිය පිළිබඳ අපි අසන්නෙමු. දකින්නෙමු. එය උත්තරීතර අල්ලාහ්ගේ පැවැත්ම පැහැදිලිව පෙන්නුම් කරයි. සුවිශුද්ධ අල්ලාහ් මෙසේ පවසයි:

﴿وَنُوحًا إِذۡ نَادَىٰ مِن قَبۡلُ فَٱسۡتَجَبۡنَا لَهُۥ...﴾

තවද නූහ්, මීට පෙර ඔහු ඇමතූ අවස්ථාවේ අපි ඔහුට පිළිතුරු දුනිමු... (අල් අන්බියා: 76) උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත.

﴿إِذۡ تَسۡتَغِيثُونَ رَبَّكُمۡ فَٱسۡتَجَابَ لَكُمۡ...﴾

නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා උදව් පතන විට ඔහු නුඹලාට පිළිතුරු දුන්නේ ය... (අල් අන්ෆාල්: 9)

සහීහ් අල් බුහාරි හි අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

«إنَّ أعرابيًّا دَخَلَ يَوْمَ الجُمُعَةِ -والنَّبِيُّ صَلَّى اللَّهُ عَلَيهِ وَسَلَّمَ يَخْطُبُ- فقالَ: يا رسُولَ اللَّهِ، هَلَكَ المَالُ، وجَاعَ العِيَالُ، فَادْعُ اللَّهَ لنَا؛ فَرَفَعَ يَدَيْهِ ودَعَا، فَثَارَ السَّحَابُ أمثَالَ الجِبَالِ، فَلَمْ يَنْزِلْ عَنْ مِنْبَرِهِ حتَّى رَأَيْتُ المَطَرَ يَتَحَادَرُ عَنْ لِحْيَتِهِ».

සිකුරාදා දින නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් දේශනා කරමින් සිටිය දී ගැමි අරාබිවරයකු එහි පිවිස; "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! වස්තුව විනාශ විය, දරුමල්ලන් කුස ගින්නෙන් සිටිති. අප වෙනුවෙන් අල්ලාහ් ඉදිරියේ කණ්ණලව් කර සිටින්නැ"යි ඉල්ලා සිටියේය. එවිට එතුමාණන් දෑත් ඔසවා ප්‍රාර්ථනා කළහ. එවිට කදු මෙන් වළාකුළු නැගී ආවේය. එතුමාගේ රැවුලෙන්  වැහි බිඳු වැටෙනු මම දකින තෙක් එතුමා මින්බර් වේදිකාවෙන් බැස්සේ නැත."6

දෙවන සිකුරාදි දිනයේදී එම ගැමි අරාබිවරයා හෝ වෙනත් කෙනෙකු හෝ පැමිණ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ගොඩනැගිලි විනාශ විය. වස්තුව ජලයේ ගිලී ඇත. අප වෙනුවෙන් අල්ලාහ් ඉදිරියේ කණ්ණලව් කරන්න" යැයි පවසා සිටියේය. පසුව එතුමාණන් තම දෑත් ඔසවා මෙසේ ප්‍රාර්ථනා කළහ:

«اللَّهُمَّ حَوَالَيْنَا وَلَا عَلَيْنَا».

"අල්ලාහුම්ම හවාලයිනා වලා අලයිනා"(අපට විරුද්ධව නොව අපට පක්ෂව වර්ෂාව පතිත කරනු මැනව!) "ඔහු කුමන දෙසට ඉඟි කළේද ඉන් වර්ෂාව ඉවත් වන්නට විය."(7)7

අල්ලාහ් වෙත සැබෑ ලෙසින් නැඹුරු වී, ප්‍රාර්ථනා පිළිගනු ලබන කොන්දේසි පිළිපදිමින්, තම ප්‍රාර්ථනාවන්ට පිළිතුරු සපයනු ලබන අය අදටත් දැකිය හැකි කරුණක් වී ඇත්තේය.

දෙවැන්න: ප්‍රාතිහාර්යයන් ලෙස හඳුන්වනු ලබන, ජනයා විසින් දැක ඇති හෝ ඒවා ගැන අසා ඇති නබිවරුන්ගේ ඇතැම් සාධක, ඔවුන් එවූ දෙවිදුන්ගේ පැවැත්ම පිළිබඳ පැහැදිලිව පෙන්වා දෙන සාධකයකි. ඔහු උත්තරීතර අල්ලාහ්ය. හේතුව එම කටයුතු මිනිස් හැකියාවෙන් බැහැර වුවකි. ඔහුගේ දූතවරුන් ශක්තිමත් කිරීම උදෙසාත්, ඔවුනට උදව් කරනු පිණිසත් උත්තරීතර අල්ලාහ් ඒවා ක්‍රියාත්මක කළේය.

මෙයට උදාහරණයක් ලෙස මූසා (අලයිහිස් සලාම්) තුමාගේ ප්‍රාතිහාර්යය දැක්විය හැක. උත්තරීතර අල්ලාහ් ඔහුගේ සැරයටියෙන් මුහුදට ගසන මෙන් නියෝග කළ අවස්ථාවේ එතුමා එසේ ගැසූ විට වියළි මාර්ග දොළොසක් මතු විය. ඒ අතරින් වූ ජලය කඳු වැනිය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

﴿فَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضۡرِب بِّعَصَاكَ ٱلۡبَحۡرَۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرۡقٖ كَٱلطَّوۡدِ ٱلۡعَظِيمِ 63﴾

ඔබේ සැරයටියෙන් මුහුදට ගසන මෙන් අපි මූසාට දන්වා සිටියෙමු. එවිට එය පැළි ගියේ ය. (පැළී ගිය) සෑම කොටසක්ම මහා කඳු මෙන් (ජලකඳ ඉහළට එස)විය. (අෂ්-ෂුඅරා 26:63)

දෙවැනි උදාහරණය නම්: ඊසා (අලෙයිහිස් සලාම්) තුමා මිය ගිය ඇත්තන්හට ප්‍රාණය දෙමින් ඉදිරිපත් කරන ලද ප්‍රාතිහාර්යයි. අල්ලාහ්ගේ අනුමැතියෙන් ඔවුන්ගේ මිනීවලවල්වලින් ඔහු ඔවුන් බැහැර කළේය. උත්තරීතර අල්ලාහ් ඒ ගැන මෙසේ පවසයි:

﴿...وَأُحۡيِ ٱلۡمَوۡتَىٰ بِإِذۡنِ ٱللَّهِۖ...﴾

මම අල්ලාහ්ගේ අනුමැතියෙන් මිය ගියවුනට ප්‍රාණය දෙමි. (ආලු ඉම්රාන් 3:49) තවද ඔහු (අල්ලාහ්) මෙසේ පැවසීය:

﴿...وَإِذۡ تُخۡرِجُ ٱلۡمَوۡتَىٰ بِإِذۡنِيۖ...﴾

තවද මාගේ අනුමැතියෙන් මියගියවුන් නුඹ බැහැර කළ අවස්ථාව (අල්-මාඉදා 5:110)

තුන්වන උදාහරණය: මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට හිමි වූ ප්‍රාතිහාර්යයි. කුරෙයිෂ්වරු එතුමාණන්ගෙන් ප්‍රාතිහාර්යක් ඉල්ලා සිටි අවස්ථාවේ එතුමාණන් චන්ද්‍රයා දෙසට සංඥා කළේය. එවිට එය දෙකඩ වෙන්විය. එවිට මිනිසුන් එය දුටුවෝය. ඒ ගැන උත්තරීතරයාණන්ගේ ප්‍රකාශය මෙසේය.

﴿ٱقۡتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلۡقَمَرُ 1 وَإِن يَرَوۡاْ ءَايَةٗ يُعۡرِضُواْ وَيَقُولُواْ سِحۡرٞ مُّسۡتَمِرّٞ 2﴾

අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්‍රයා පැළී ගොස් ඇත. ඔවුන් කිසිදු ලකුණක් දැකිය යුතු නම්, ඔවුන් මඟ හැරී 'ආරම්භක මායාවක්' යැයි කියති. (අල් කමර් 54:1,2)

මෙම අවබෝධය දෙන සංඥාවන්, ඔහුගේ දූතවරුන් ශක්තිමත් කරනු පිණිසත්, ඔවුනට උදව් කරනු පිණිසත් අල්ලාහ් ක්රියාත්මක කළේය. ඒවා උත්තරීතර අල්ලාහ්ගේ පැවැත්ම ඉතා පැහැදිලිව සනාථ කරයි.

අල්ලාහ් පිළිබඳ වූ විශ්වාසය ඇතුළත් කරගත් දෙවැනි කරුණ වනුයේ ඔහුගේ පරමාධිපත්යය පිළිබඳ වූ විශ්වාසයයි. එනම් පරමාධිපත්යය ඔහුට පමණක් සතු අතර ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. එමෙන්ම ඔහුට කිසිදු උදව් කරුවකු ද නැත.

රබ් යනු: මැවීම, ආධිපත්යය හා නියෝගය සතු අය වේ. ඒ අනුව අල්ලාහ් හැර මැවුම් කරුවකු නැත. ඔහු හැර පරමාධිපතියකු නැත. ඔහු හැර නියෝග කරන්නෙකු වෙනත් නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:

﴿...أَلَا لَهُ ٱلۡخَلۡقُ وَٱلۡأَمۡرُۗ...﴾

දැන ගනු. මැවීම් හා නියෝගය ඔහු සතු ය. (අල් අඃරාෆ් 7:54) තවද ඔහු (අල්ලාහ්) මෙසේ පැවසීය:

﴿...ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ لَهُ ٱلۡمُلۡكُۚ وَٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِهِۦ مَا يَمۡلِكُونَ مِن قِطۡمِيرٍ﴾

එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු බලය ඔහු සතු ය. තවද ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය ඉඳි ඇටයක සිවියක් තරම් හෝ යමක් සතුකර නො ගනිති. (ෆාතිර් 35:13)

අල්ලාහ්ගේ පරමාධිපත්‍යය හෙළා දකින කිසිවෙක් මැවීම් අතර දකින්නට නැත. එසේ හෙළා දකිනුයේ, ඔහු පවසන දෑ පිළිබඳ විශ්වාස නොකරන අහංකාර මුරණ්ඩුකාරයකු පමණි. එය ෆිර්අවුන් ගෙන් සිදු වූවක් මෙනි. ඔහු ජනයාට මෙසේ සවසා සිටියදී:

﴿فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلۡأَعۡلَىٰ 24﴾

"එවිට මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි යැයි ඔහු පැවසුවේ ය." (24) (අන් නාසිආත්: 24) ඔහු මෙසේද පැවසීය:

﴿...يَٰٓأَيُّهَا ٱلۡمَلَأُ مَا عَلِمۡتُ لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرِي...﴾

"අහෝ ප්‍රධානියනි! මා හැර වෙනත් දෙවිඳෙකු නුඹලාට ඇතැයි මම නො දනිමි." (අල්-කසස්: 38), එහෙත් එය විශ්වාසයක් මත නොවේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿وَجَحَدُواْ بِهَا وَٱسۡتَيۡقَنَتۡهَآ أَنفُسُهُمۡ ظُلۡمٗا وَعُلُوّٗاۚ...﴾

"තවද ඔවුන්ගේ ආත්මයන් එය පිළිගන්නා තත්ත්වයේ තිබියදීත් අසාධාරණ ලෙසින් හා පුහුමානයෙන් යුතුව ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝ ය." (අන් නම්ල්: 14) අල්ලාහ් ෆිර්අවුන් ගැන පවසා සිටින අවස්ථාවේ, මූසා ෆිර්අවුන්ට මෙසේ පැවසූ බව සඳහන් කරයි:

﴿...لَقَدۡ عَلِمۡتَ مَآ أَنزَلَ هَٰٓؤُلَآءِ إِلَّا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ بَصَآئِرَ وَإِنِّي لَأَظُنُّكَ يَٰفِرۡعَوۡنُ مَثۡبُورٗا﴾

"සැබැවින් ම නුඹ දන්නෙහි ය, මේවා පැහැදිලි සාධක ලෙස අහස්හි හා මහපොළොවේ පරමාධිපති මිස වෙනත් කිසිවකු පහළ නො කළ බව. තවද අහෝ ෆිර්අවුන්! නුඹ විනාශ කරනු ලබන්නකු බව සැබැවින් ම මම සිතමි." (අල් ඉස්රා: 102) එබැවින් දෙවියන්ට ආදේශ තැබූවෝ දේවත්වයෙහි අල්ලාහ්ට ඔවුන් යමක් ආදේශ කළ ද අල්ලාහ්ගේ පරමාධිපත්යය පිළිගනිති. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿قُل لِّمَنِ ٱلۡأَرۡضُ وَمَن فِيهَآ إِن كُنتُمۡ تَعۡلَمُونَ 84 سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَذَكَّرُونَ 85 قُلۡ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ ٱلسَّبۡعِ وَرَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ 86 سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَتَّقُونَ 87 قُلۡ مَنۢ بِيَدِهِۦمَلَكُوتُ كُلِّ شَيۡءٖ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيۡهِ إِن كُنتُمۡ تَعۡلَمُونَ 88 سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ فَأَنَّىٰ تُسۡحَرُونَ 89﴾

නුඹලා දැන සිටියෙහු නම් මහපොළොව හා එහි ඇත්තන් කවුරුන් සතු දැ? යි නුඹ විමසනු. අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා මෙනෙහි කළ යුතු නො වේ දැ? යි විමසනු. අහස් හතෙහි හිමිපාණන් හා මහත් වූ අර්ෂ්හි හිමිපාණන් කවුරුන් දැ? යි නුඹ විමසනු. අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා බිය බැතිමත් විය යුතු නො වේ දැ? යි නුඹ විමසනු. සියලු දෑහි පාලනයන් තම අතෙහි ඇත්තා කවුරුන් දැ? යි නුඹ විමසනු. තවද ඔහු රැකවරණය සලසයි. තවද ඔහු කිසිවකුගෙන් රැකවරණය නො ලබයි. නුඹලා දැන සිටියාහු නම්! අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා වශී කරනු ලබනුයේ කෙසේ දැ? යි නුඹ විමසනු. (අල්-මුඃමිනූන් 23:84-89)

උත්තරීතර අල්ලාහ් මෙසේද ප්‍රකාශ කරයි.

﴿وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ 9﴾

තවද අහස් හා මහපොළොව මැව්වේ කවුරුන් දැ? යි නුඹ ඔවුන්ගෙන් විමසා සිටියෙහි නම් සර්වඥ සර්ව බලධාරියාණන් ඒවා මැව්වේ යැයි සැබැවින් ම ඔවුන් පවසනු ඇත. (අස්-සුහ්ඃරුෆ් 43:9)

තව ද උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත:

﴿وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَهُمۡ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ 87﴾

තවද ඔවුන් මැව්වේ කවු දැ? යි ඔබ ඔවුන්ගෙන් විමසූ විට අල්ලාහ් යැයි සැබැවින් ම ඔවුහු පවසනු ඇත. එසේ නම් ඔවුන් වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද? (අස්-සුහ්ඃරුෆ් 43:87)

ශුද්ධ වූ අල්ලාහ්ගේ ආඥාව, නියෝගය ලෞකික හා ආධ්‍යාත්මික සියලු කරුණු ආවරණය කළ එකකි. ඔහු අභිමත පරිදි ඔහුගේ ප්‍රඥාවට අනුව විශ්වය පාලනය කරන්නේත්, එහි තීන්දු ලබා දෙන්නේත් ඔහුමය. එමෙන්ම ආගමික පිළිවෙත් හා ගනුදෙනු පිළිබඳ නීතිරීති ඔහුගේ ප්‍රඥාවට අනුව තීරණය කරන්නේත් ඔහුමය. එම නැමදුම්වල දී වෙනත් ආගම්ගත කරන්නෙකු හෝ ගනුදෙනුවලදී වෙනත් තීරකයකු හෝ ඔහු සමග සම්බන්ධකර ගත්තේ නම්, ඔහු ඔහුට ආදේශ තැබීය. දේව විශ්වාසය ඔහු සහතික කළේ නැත.

අල්ලාහ් පිළිබඳ වූ විශ්වාසය තුළ ඇතුළත් තුන්වන කරුණ වනුයේ: ඔහුගේ දේවත්වය පිළිබඳ විශ්වාසයයි. එනම්: සැබෑ දෙවියන් ඔහු පමණය. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත යන්නයි. 'ඉලාහ්' දෙවියා යනුවෙන් අදහස් කරනුයේ ප්‍රියභාවයෙන් හා ගරු කිරීමෙන් නැමදුම් ලබන්නාය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿وَإِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ 163﴾

"නුඹලාගේ දෙවියා එක ම දෙවියා ය. අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත ඔහු හැර වෙනත් දෙවියෙකු නැත." (අල්-බකරා: 163) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلۡمَلَٰٓئِكَةُ وَأُوْلُواْ ٱلۡعِلۡمِ قَآئِمَۢا بِٱلۡقِسۡطِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ 18﴾

"සැබැවින් ම තමන් හැර වෙනත් දෙවියෙක් නොමැත බව අල්ලාහ් සාක්ෂි දරයි. එමෙන් ම මලක්වරුන් ද, යුක්තිය ඉටු කරන ඥානයෙන් යුත් අය ද (සාක්ෂි දරති.) මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත." (ආලු ඉම්රාන්: 18) අල්ලාහ් සමග වෙනත් දෙවියකු තෝරා ගත් සෑම කෙනෙක්ම නමැද සිටින්නේ ඔහු හැර වෙනත් දෑටය. එම දේවත්වය අර්ථ විරහිතය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

﴿ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِۦ هُوَ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ 62﴾

එය නියත වශයෙන් ම අල්ලාහ් වන ඔහු ම සත්‍යය බැවිනි. තවද ඔහු හැර දමා ඔවුන් අයැදින දෑ නිෂ්ඵල දෑම ය. තවද නියත වශයෙන් ම අල්ලාහ් උත්තරීතර ය; අතිශ්‍රෙෂ්ඨ ය. (අල් හජ්: 62) දෙවිවරුන් යැයි නම් තබා හැඳින්වීමෙන් ඔවුන් කිසිවෙක් නියම දේවත්වය පිරිනමන්නේ නැත. උත්තරීතර අල්ලාහ් (ලාත්, උස්සා, මනාත් යනාදිය සම්බන්ධයෙන්) මෙසේ ප්‍රකාශ කරයි.

﴿إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٞ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ...﴾

ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ (හිස් අර්ථ) නාමයන් මිස වෙනකක් නැත. ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ නො කළේ ය. (අන්-නජ්ම් 53:23)

හූද් (අලෙයිහිස් සලාම්) තුමා තම ප්‍රජාවට පවසා සිටි දෑ පිළිබඳව අල්ලාහ් මෙසේ පවසයි:

﴿...أَتُجَٰدِلُونَنِي فِيٓ أَسۡمَآءٖ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّا نَزَّلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٖۚ...﴾

නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ නාමයන් ගැන නුඹලා මා සමඟ වාද කරන්නෙහු ද? ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ කළේ නැත. (අල් අඃරාෆ් 7:71)

යූසුෆ් (අලෙයිහිස් සලාම්) තුමා, සිරගෙදර සිටි තම මිතුරාට පැවසූ දෑ පිළිබඳව අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿يَٰصَٰحِبَيِ ٱلسِّجۡنِ ءَأَرۡبَابٞ مُّتَفَرِّقُونَ خَيۡرٌ أَمِ ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ 39 مَا تَعۡبُدُونَ مِن دُونِهِۦٓ إِلَّآ أَسۡمَآءٗ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ...﴾

‘අහෝ මාගේ මිතුරු සිරකරුවන් දෙදෙන! උතුම් වනුයේ (වෙන් වෙන්ව සිටින) විවිධ දෙවිවරුන් ද එසේ නැතහොත් බලපරාක්‍රමයාණන් වූ එක ම දෙවිඳුන් අල්ලාහ් ද?’  ‘ඔහු හැර දමා නුඹලා නැමදුම් කරන දෑ නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් විසින් ඒවාට නම් තැබූ නාමයන් මිස වෙනකක් නැත... (යූසුෆ් 12:39-40)

දූතවරු (අලෙයිහුමුස් සලාම්) තම ප්‍රජාවන්ට මෙසේ පවසා සිටියේ එබැවිනි.

﴿...ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُ...﴾

නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. (අල් අඃරාෆ් 7:59) නමුත් බහුදේව වාදීහු එය ප්‍රතික්ෂේප කරති. අල්ලාහ් හැර දමා වෙනත් දෙවිවරුන් නැමදුමට ගනිති. ශුද්ධ වූ අල්ලාහ් සමග ඔවුන්ට ද නැමදුම් කරති. ඔවුන්ගෙන් උදව් උපකාර පතති.

බහුදේවවාදීන් මෙම දෙවිවරුන් පත් කර ගැනීම බුද්ධිමය උදාහරණ දෙකකින් නිශ්ඵල බව උත්තරීතර අල්ලාහ් පෙන්වා දී ඇත.

පළමුවැන්න: ඔවුන් එසේ තෝරාගත් දෙවිවරුන් අතර දේවත්වයේ සුවිශේෂී භාවයන් කිසිවක් දක්නට නැත. ඔවුන් පවා මැවීම්ය. ඔවුන් කිසිවක් මවන්නේ නැත. ඔවුන් නමදින අය හට කිසිදු ප්‍රයෝජනයක් ගෙන දෙන්නේ නැත. ඔවුන්ගෙන් කිසිදු හානියක් වළක්වන්නේ ද නැත. ජීවත් කරවීමට හෝ මරණයට පත් කිරීමට හෝ කිසිදු බලයක් ඔවුනට නැත. අහස්හි කිසිවක් ඔවුනට හිමි නැත. එහි ඔවුහු හවුල්කරුවෝද නොවෙති.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿وَٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗ لَّا يَخۡلُقُونَ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ وَلَا يَمۡلِكُونَ لِأَنفُسِهِمۡ ضَرّٗا وَلَا نَفۡعٗا وَلَا يَمۡلِكُونَ مَوۡتٗا وَلَا حَيَوٰةٗ وَلَا نُشُورٗا 3﴾

"තවද ඔවුහු ඔහු හැරදමා වෙනත් දෙවිවරුන් ගත්තෝ ය. ඔවුන් කිසිවක් නො මවනු ඇත. ඔවුහු පවා මවනු ලැබූවන් වෙති. තවද ඔවුනට යම් හානියක් හෝ ප්‍රයෝජනයක් හෝ සැලසීමට ඔවුන් බලය නො දරනු ඇත. තවද (කිසිවක්) ජීවත් කරවීමට හෝ මරණයට පත් කිරීමට හෝ නැවත නැගිටුවීමට හෝ ඔවුන් බලය නො දරනු ඇත." (අල් ෆුර්කාන්: 3)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿قُلِ ٱدۡعُواْ ٱلَّذِينَ زَعَمۡتُم مِّن دُونِ ٱللَّهِ لَا يَمۡلِكُونَ مِثۡقَالَ ذَرَّةٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِ وَمَا لَهُمۡ فِيهِمَا مِن شِرۡكٖ وَمَا لَهُۥ مِنۡهُم مِّن ظَهِيرٖ 22 وَلَا تَنفَعُ ٱلشَّفَٰعَةُ عِندَهُۥٓ إِلَّا لِمَنۡ أَذِنَ لَهُۥ...﴾

"අල්ලාහ් හැරදමා නුඹලා විශ්වාස කළවුන් නුඹලා ඇරයුම් කරනු. අහස්හි හා මහපොළොවේ අණුවක තරම් ප්‍රමාණයක් හෝ ඔවුන් සතුව නැත. තවද ඒ දෙකෙහි කිසිදු හවුලක්ද ඔවුනට නොමැත. ඔවුන් අතරින් කිසිදු උරදෙන්නකු හෝ ඔහුට නැතැයි (නබිවරය!) නුඹ පවසනු. ඔහුගේ අවසරය ඇති අයට පමණක් මැදිහත් වීම ප්‍රයෝජනවත් වේ..." (සබඃ: 22,23)

وقال تعالى: ﴿أَيُشۡرِكُونَ مَا لَا يَخۡلُقُ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ 191 وَلَا يَسۡتَطِيعُونَ لَهُمۡ نَصۡرٗا وَلَآ أَنفُسَهُمۡ يَنصُرُونَ 192﴾

කිසිවක් නොමවන දෙයට ඔවුහු ආදේශ තබන්නෝ ද? ඔවුන් ද ඔහු විසින් මවනු ලැබ සිටිය දී. ඔවුන්ට සහය නොදිය හැකි අතර, ඔවුන්ගේම ආධාරය ලබා දිය නොහැක. (අල් අඃරාෆ්:191-192)

දෙවිවරුන්ගේ තත්ත්වය මෙසේ වූ විටෙක, ඒවා දෙවිවරුන් ලෙස ගැනීම මෝඩකමක් වන අතර එය නිෂ්ඵල ය. අර්ථ ශූන්‍යය වේ.

දෙවැන්න: සැබැවින්ම උත්තරීතර අල්ලාහ් ඒකීය බවත් ඔහු පරමාධිපති මෙන්ම මැවුම්කරු බවත්, සියලු කරුණුවල ආධිපත්යය ඔහු අතෙහි ඇති බවත් ඔහු ආරක්ෂා කරන අතර ඔහුව ආරක්ෂා කිරීමට කිසිවකු අවශ්‍ය නොවන බවත් මෙම බහුදේවවාදීහු පිළිගනිති. මෙසේ පරිපාලනය පිළිබඳව ඔහු ඒකීයත්වයට ඔවුන් පත් කරන්නාක් මෙන් ම දේවත්වය සම්බන්ධයෙන් ද ඔහුව ඒකීයත්වයට පත් කිරීම ඔවුනට අවශ්ය වන්නේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱعۡبُدُواْ رَبَّكُمُ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلَّذِينَ مِن قَبۡلِكُمۡ لَعَلَّكُمۡ تَتَّقُونَ 21 ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ فِرَٰشٗا وَٱلسَّمَآءَ بِنَآءٗ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزۡقٗا لَّكُمۡۖ فَلَا تَجۡعَلُواْ لِلَّهِ أَندَادٗا وَأَنتُمۡ تَعۡلَمُونَ 22﴾

"අහෝ ජනයිනි! නුඹලා හා නුඹලාට පෙර සිටි අය මැව්වා වූ නුඹලාගේ පරමාධිපතිට නමදිනු. නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස. නුඹලාට ඇතිරිල්ලක් ලෙස පෘථිවිය හා ගොඩනැගිල්ලක් ලෙස අහස සකසා දුන්, අහසින් වර්ෂාව වර්ෂා කර, එයින් පලතුරු නුඹලාට ආහාරයක් ලෙස ලබා දුන් අය ඔහුය. එබැවින්, නුඹලා දැන දැනම අල්ලාහ්ට සමානයන් නොතබනු." (අල් බකරා: 21,22)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَهُمۡ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ 87﴾

"තවද ඔවුන් මැව්වේ කවු දැ? යි ඔබ ඔවුන්ගෙන් විමසූ විට අල්ලාහ් යැයි සැබැවින් ම ඔවුහු පවසනු ඇත. එසේ නම් ඔවුන් වෙනතකට හරවනු ලබනුයේ කෙසේ ද?" (අස්-සුහ්ඃරුෆ් 43:87)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿قُلۡ مَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ أَمَّن يَمۡلِكُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَمَن يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَمَن يُدَبِّرُ ٱلۡأَمۡرَۚ فَسَيَقُولُونَ ٱللَّهُۚ فَقُلۡ أَفَلَا تَتَّقُونَ 31 فَذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمُ ٱلۡحَقُّۖ فَمَاذَا بَعۡدَ ٱلۡحَقِّ إِلَّا ٱلضَّلَٰلُۖ فَأَنَّىٰ تُصۡرَفُونَ 32﴾

"අහසින් හා පොළොවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරු ද? ශ්‍රවණය හා දෘෂ්ටීන් සතු වන්නේ කාහට ද? මළ දැයින් ජීවී දෑ මතු කොට ජීවී දැයින් මළ දෑ මතු කරන්නේ කවරෙකු ද? සියලු කරුණු සැලසුම් කරන්නේ කවරෙකු දැ? යි (නබිවරය!) නුඹ විමසනු. එවිට ‘අල්ලාහ්’ යැයි ඔවුන් පවසනු ඇත. එසේ නම් නුඹලා බිය හැඟීමෙන් කටයුතු කළ යුතු නො වේ දැ? යි නුඹ විමසනු. එසේ නම් එය නුඹලාගේ සත්‍ය ස්වාමීන් වන අල්ලාහ්ය. සත්‍යයෙන් පසු ඇත්තේ මුළාව හැර වෙන කුමක් ද? එසේ නම්, ඔවුන් වෙනතකට යොමු කරනු ලබන්නේ කෙසේ ද?" (32) (යූනුස්: 31-32)

අල්ලාහ්ව විශ්වාස කිරීම තුළට ඇතුළත් වන සිව්වැනි කරුණ වන්නේ: ඔහුගේ නාම හා ගුණාංග පිළිබඳ විශ්වාස කිරීමයි.

එනම්: තමන් ගැන තම ග්‍රන්ථයේ අල්ලාහ් ස්ථීර කළ හෝ අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සුන්නාවේ ස්ථීර කළ නාමයන් හා ගුණාංග කිසිදු විකෘති කිරීමකින් හෝ අඩු, වැඩි කිරීමකින් හෝ ක්රම පැහැදිලි කිරීමකින් හෝ උපමා කිරීමකින් තොරව තහවුරු කිරීමය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿وَلِلَّهِ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰ فَٱدۡعُوهُ بِهَاۖ وَذَرُواْ ٱلَّذِينَ يُلۡحِدُونَ فِيٓ أَسۡمَٰٓئِهِۦۚ سَيُجۡزَوۡنَ مَا كَانُواْ يَعۡمَلُونَ 180﴾

"වඩාත් අලංකාර නාමයන් අල්ලාහ්ට හිමි ය. එහෙයින් නුඹලා ඒවා මඟින් ඔහුව ඇරයුම් කරනු. තවද ඔහුගේ නාමයන්හි විකෘති කරන්නන් අතහැර දමනු. ඔවුන් කරමින් සිටි දෑ සඳහා ඔවුනට මතු ප්‍රතිඵල දෙනු ලබනු ඇත." (අල් අඃරාෆ්: 180) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿...وَلَهُ ٱلۡمَثَلُ ٱلۡأَعۡلَىٰ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ﴾

"...තවද අහස්හි හා මහපොළොවෙහි උසස් උපමාවන් ඔහු සතුව ඇත. තවද ඔහු සර්වබලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය." (අර් රූම්: 27) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿...لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ﴾

"ඔහු මෙන් කිසිවක් නැත. තවද ඔහු සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය." (අෂ් ෂූරා: 11)

මෙම කරුණෙහි කණ්ඩායම් දෙකක් නොමඟ ගොස් ඇත.

ඒ දෙකින් පළමුවැනි කණ්ඩායම (අල් මුඅත්තිලා හෙවත්) එම නාම හා ගුණාංග එසේ නැතිනම් ඒවායින් සමහරක් අල්ලාහ්ට ඇති බව සහතික කිරීම සඳහා උපමා කිරීම් අවශ්‍ය බව පවසා ඒවා ප්‍රතික්ෂේප කරන්නන්. එනම් උත්තරීතර අල්ලාහ් ඔහුගේ මැවීමකට ආදේශ කිරීම අවශ්‍ය බවය. මෙම පුහු තර්කය විධි කිහිපයකින් අර්ථ ශූන්ය වේ.

පළමුවැන්න: එය සහතික වශයෙන්ම අර්ථ විරහිත බව පෙන්වා දෙන්නකි. එය ශුද්ධ වූ අල්ලාහ්ගේ  ප්‍රකාශය තුළ පරස්පරතා ඇතිවීම වැනිය. මන්ද සැබැවින්ම අල්ලාහ් තමන්ට නාම හා ගුණාංග ඇති බව සහතික කරන අතරම එය කිසියම් දෙයකට සමාන කිරීම යුතු නොවන බව පවසා සිටියි. එසේ සහතික කළ දෑට උපමාවක් බලාපොරොත්තු වන්නේ නම්, අල්ලාහ්ගේ ප්‍රකාශය තුළ පරස්පරතා ඇති වීම හා ඔහුගේ ඇතැම් කරුණු බොරු කිරීම අනිවාර්යය වන්නේය.

දෙවැන්න: යම් නාමයක හෝ ගුණාංගයක හෝ කරුණු දෙකක් එකිනෙක සමාන වීම ඒ කරුණු දෙක සම්පූර්ණ ලෙස එක සමාන විය යුතුයි යනුවෙන් කොන්දේසියක් නැත. පුද්ගලයින් දෙදෙනකු දකී. ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුම මිනිසෙකි, සවන් දෙන්නෙකි, පෙනුමැත්තෙකි, කතා කරන්නෙකි. නමුත් මේවා මිනිසත්කම, සවන් දීම, පෙනුම, කතාව යන අර්ථයෙහි එකිනෙකට සමාන විය යුතු යැයි අනිවාර්යය වන්නේ නැත.

ඔබ සතුන් දකින්නෙහිය. උන්ට අත්, පා, ඇස් ද තිබේ. එම අත්,පා. හා ඇස් එකිනෙකට සමානව පිහිටිය යුතු බවට එකඟ විය යුතු නැත.

ඔවුන් එකඟවන නාම හෝ ගුණාංග තුළ මැවීම් අතර විෂමතා දකින්නේ නම්, මැවුම්කරු හා මැවීම් අතර පවතින විෂමතාවය ඉතා පැහැදිළිය. අති මහත්ය.

දෙවන කණ්ඩායම උත්තරීතර අල්ලාහ්ව ඔහුගේ මැවීමකට සමාන කරමින් නාම හා ගුණාංග සහතික කරන (අල් මුෂබ්බිහා නමැති) කණ්ඩායමයි. මෙසේ විශ්වාස කරන්නන් මේ සඳහා ඉදිරිපත් කරන සාධකය වනුයේ සැබැවින්ම අල්ලාහ් ගැත්තන් සමග ඔවුන් වටහා ගන්නා අයුරින් කතා කරයි යන්නය. මෙම විශ්වාසය විවිධාකාරයෙන් අර්ථ විරහිත වේ.

පළමුවැන්න: උත්තරීතර අල්ලාහ්ව ඔහුගේ මැවීමකට සමාන කිරීම අර්ථ විරහිත කරුණක් බව බුද්ධිය මෙන්ම දහම පෙන්වා දෙයි. අල් කුර්ආනයේ හෝ සුන්නාවේ මූලාශ්‍රයක් අර්ථ විරහිත කරුණක් විය නොහැකිය.

දෙවැන්න: උත්තරීතර අල්ලාහ් තම ගැත්තන්ට වැටහෙන බසින් කතා කළේය යනු මූලික අර්ථය පදනම් කරමිනි. ඒ මූලික අර්ථයේ යථාර්ථය හා ස්වරූපය ගත් කල ඔහුගේ චරිතය හා ඔහුගේ ගුණාංගවලට අදාලව ඔහු තෝරා ගත් ක්‍රමයකින් සිදු වූවකි.

සැබැවින්ම තමන් සවන් දෙන්නා යැයි අල්ලාහ් ස්ථීර කළ විටෙක. සවන් දීම යනු මූලික අර්ථයෙන් හඳුනන දෙයකි. (එනම් හඬවල් ලැබීමය) නමුත් අල්ලාහ් සවන් දෙන්නේය යන කරුණ කෙරෙහි යථාර්ථවාදීව බලන කළ නොහඳුනන දෙයකි. හේතුව සවන් දීම යන යථාර්ථය මැවීම් අතරත් විෂමතා සහිතය. එසේ නම් මැවුම්කරු හා මැවීම් අතර පවතින විෂමතාවය ඉතා පැහැදිළිය එමෙන්ම අති මහත්ය.

තමන් අර්ෂ් මත පිහිටීය යැයි තමන් ගැන අල්ලාහ් දන්වා සිටින විට, සැබැවින්ම එසේ පිහිටීම යන වචනයේ මූලික අර්ථය දන්නා කරුණකි. නමුත් ඔහු අර්ෂ් මත පිහිටීය යන්න ගැන සළකා බැලීමේදී ඔහු ඒ මත රැඳී පිහිටීමේ යථාර්ථය හඳුනා නොගත් කරුණකි. හේතුව පිහිටීම යනු මැවීම්හි යාථාර්ථය තුළ එකිනෙකට වෙනස් වන බැවිනි. ගමන් කරන ශක්තිමත් ඔටුවකුගේ සෑදලය මත රැදී සිටින්නාක් මෙන් දේවාසනය මත පිහිටීම පවතින්නේ නැත. මැවීම්හි යථාර්ථය තුළ විෂමතාවයක් ඇති විටෙක මැවුම්කරු හා එම මැවීම් අතර පවතින විෂමතාවය ඉතා පැහැදිලිය. අති මහත්ය.

අප විස්තර කළ පරිදි උත්තරීතර අල්ලාහ්ව විශ්වාස කිරීම දේවත්වය විශ්වාස කරන්නන්හට බොහෝ ප්‍රයෝජන ලබා දෙයි. ඒවා අතරින්:

පළමුවැන්න: ඔහුගෙන් තොරව වෙනත් අය කෙරෙහි කිසිදු අපේක්ෂාවක් හෝ බියක් හෝ නොතබා ඔහු හැර වෙනත් කිසිවකුට නැමදුම් නොකර උත්තරීතර අල්ලාහ්ව ඒකීයත්වයට පත් කිරීම.

දෙවැන්න: පූර්ණ ලෙස අල්ලාහ්ට ආදරය දැක්වීම, ඔහුගේ අලංකාර නාම හා උසස් ගුණාංගවලින් අපේක්ෂා කරන පරිදි ඔහුට ගරුබුහුමන් දැක්වීම.

තුන්වැන්න: ඔහු නියෝග කළ දෑ ක්‍රියාවට නංවමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් තම ගැතිභාවය තහවුරු කිරීම.

මලක්වරුන් හෙවත් සුර දූතයින් පිළිබඳ විශ්වාසය

මලක්වරු: ඔවුන් අදෘශ්යමාන ලෝකයකි. මැවීමකි. උත්තරීතර අල්ලාහ්ට ගැතිකම් කරන්නෝ වෙති. ඔවුනට පරමාධිපත්යයේ හෝ දේවත්වයේ හෝ කිසිදු විශේෂත්වයක් නැත. උත්තරීතර අල්ලාහ් ඔවුන් ආලෝකයෙන් මවා ඇත. ඔහුගේ නියෝග වලට මුළුමණින්ම යටත් වීමේ ගතිය හා ඒවා ක්‍රියාත්මක කිරීමේ ශක්තිය ඔහු ඔවුනට පිරිනමා ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿...وَمَنۡ عِندَهُۥ لَا يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِهِۦ وَلَا يَسۡتَحۡسِرُونَ 19 يُسَبِّحُونَ ٱلَّيۡلَ وَٱلنَّهَارَ لَا يَفۡتُرُونَ 20

තවද අහස්හි හා මහපොළොවෙහි සිටින්නන් ද ඔහු අබියස සිටින්නන් ද ඔහු සතු ය. ඔහුට වන්දනාමානය කිරීම සම්බන්ධයෙන් ඔවුහු උඩඟු නො වෙති. තවද ඔවුහු විඩාවට පත් නො වෙති. රාත්‍රියෙහි හා දහවලෙහි ඔවුහු සුවිශුද්ධ කරති. තවද ඔවුහු වෙහෙසට පත් නො වෙති. (අල්-අන්බියා: 19-20)

ඔවුන් විශාල සංඛ්‍යාවකින් යුක්තය. උත්තරීතර අල්ලාහ්ට හැර වෙනත් කිසිවෙකුට ඔවුන්ගේ සංඛ්‍යාව ගණන් කර කිව නොහැක. මිඃරාජ් සිද්ධිය සම්බන්ධයෙන් අනස් (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කළ හදීසයක් බුහාරි හා මුස්ලිම්හි මෙසේ සඳහන් වී ඇත. සැබැවින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අහසේ 'අල්බයිතුල් මඃමූර්' නම් ස්ථානය වෙත ආරෝහණය කරන ලදී. එහිදී සෑම දිනකම හැත්තෑ දහසක මලක්වරුන් සලතාය ඉටු කරමින් සිටියෝය. ඔවුන් පිටත්ව ගියේ නම්, ඔවුන් නැවත එහි පැමිණෙන්නේ නැත.

මලක්වරුන් පිළිබඳ විශ්වාසය කරුණු හතරකින් සමන්විත වේ.

පළමුවැන්න: ඔවුන්ගේ පැවැත්ම විශ්වාස කිරීම.

දෙවැන්න: 'ජිබ්රීල්' වැනි නම් සඳහන් කරන ලද මලක්වරුන් පිළිබඳ විශ්වාස කිරීම. එමෙන්ම නම් සඳහන් නොකළ මලක්වරුන් සමස්තයක් ලෙස අපි විශ්වාස කරමු.

තුන්වැන්න: ජිබ්රීල් සතු ගුණාංග මෙන් අපට උගන්වා ඇති ඔවුන්ගේ ගුණාංග විශ්වාස කිරීම. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ජිබ්රීල් තුමාණන්ව මැවූ ස්වරූපයෙන්ම දැක ඇති බවත් ඔහුට පියාපත් හයසීයක් ඇති බවත් එය ක්ෂිතිජයම ආවරණය කළ බවත් අපට දන්වා ඇත්තාහ.

අල්ලාහ්ගේ නියෝගය මත මිනිස් ස්වරූපයෙන් මලක්වරු වෙස් මාරු වෙති. එය ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමාට සිදු වූ සිදුවීම මෙනි. අල්ලාහ් ඔහු මර්යම් තුමිය වෙත එවූ අවස්ථාවේ ඔහු සාමාන්ය මිනිසෙකු ලෙස එතුමිය ඉදිරියේ වෙස් මාරු වී පෙනී සිටියේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම මිතුරන් සමග වාඩි වී සිටියදී එතුමාණන් වෙත ඔහු පැමිණි අවස්ථාවේ ද, සුදෝ සුදු ඇඳුමින් සැරසී, තද කළු වර්ණයෙන් යුත් හිස කෙස් සහිතව එතුමාණන් ඉදිරියේ පෙනී සිටියේය. ඔහු තුළ මගියකුගේ සළකුණු දකින්නට නොවීය. එතුමාණන්ගේ සහගාමීන් අතරින් කිසිවකු ඔහු හඳුනා සිටියේ ද නැත. ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ වාඩි වී ඔහුගේ දණහිස් දෙක එතුමාණන්ගේ දණහිස් දෙකට සම්බන්ධ කර, ඔහුගේ අත් දෙක එතුමාගේ කලවා දෙක මත තැබුවේය. ඉස්ලාමය, ඊමානය, ඉහ්සානය, අවසන් හෝරාව හා එහි සළකුණු පිළිබඳ හෙතෙම විමසා සිටියේය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහුට පිළිතුරු දුන් පසුව ඔහු හැරී ගියේය. පසුව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා:

«هَذَا جِبْرِيلُ؛ أَتَاكُمْ يُعَلِّمُكُمْ دِينَكُمْ».

මොහු ජිබ්රීල්ය. ඔබේ දහම ඔබට උගන්වනු පිණිස ඔහු ඔබ වෙත පැමිණියේය."8

උත්තරීතර අල්ලාහ් ඉබ්රාහීම් තුමා හා ලූත් තුමා වෙත එවූ මලක්වරු ද එලෙසම මිනිස් ස්වරූපයෙන් පෙනී සිටියෝය.

මලක්වරු විශ්වාස කිරීම අතරට ඇතුළත්වන සිව්වන කරුණ: අපට උගන්වා ඇති පරිදි උත්තරීතර අල්ලාහ්ගේ නියෝගය අනුව ඔවුන් නිරත වී සිටින තස්බීහ් කිරීම, උදාසීනත්වයෙන් හෝ මැලිකමින් තොරව රෑ දහවල් ඔහුට නැමදුම් කිරීම යනාදී ඔවුන්ගේ  ක්‍රියාවන් පිළිබඳ විශ්වාස කිරීම.

ඔවුන්ගෙන් ඇතැමෙකුට විශේෂ වගකීම් තිබේ.

උදාහරණයක් ලෙස ජිබ්රීල් තුමා, උත්තරීතර අල්ලාහ්ගේ දිව්ය පණිවිඩ සඳහා විශ්වාසනීය භාරකාරයා වූයේ එතුමාය. එතුමා හරහා අල්ලාහ් නබිවරුන් හා රසූල්වරුන් වෙත දිව්ය පණිවිඩ එවීය.

තවත් උදාහරණයක් වන්නේ මීකාඊල් තුමාය. ඔහු වර්ෂාව සම්බන්ධයෙන් භාරව කටයුතු කරන්නාය. එනම්: වැස්ස, ගහකොළ යනාදී සම්බන්ධයෙනි.

තවත් උදාහරණයක් නම් ඉස්රාෆීල් තුමාය. ඔහු අවසන් හෝරාව ක්‍රියාත්මක කරන අවස්ථාවේ හා මැවීම් යළි අවදි කරන අවස්ථාවේ හොරණෑව පිඹීම සඳහා භාරව කටයුතු කරන්නාය.

තවත් උදාහරණයක්: 'මලක් අල් මව්ත්'ය. මරණ අවස්ථාවේ ප්‍රාණය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් භාරව කටයුතු කරන්නාය.

තවත් උදාහරණයක්: මාලික් තුමාය. නිරය භාරව කටයුතු කරන්නාය. ඔහු නිරයේ ප්‍රධානියා වේ.

තවත් උදාහරණයක් නම්, මව් කුස තුළ වැඩෙන කළලය සම්බන්ධයෙන් භාරව කටයුතු කරන මලක්වරුන්. මිනිස් මැවීම මව් කුසෙහි සිව් මසක් පූර්ණ වූ විට, අල්ලාහ් ඒ වෙත මලක්වරයකු එවයි. ඔහුගේ පෝෂණය, ආයු කාලය, ක්‍රියාවන්, භාග්‍යමත්බව හා අභාග්‍යමත්බව යනාදී කටයුතු ඔහු වෙනුවෙන් ලියා තබන ලෙස ඔහුට අල්ලාහ් නියෝග කරයි.

තවත් උදාහරණයක් නම්, ආදම්ගේ දරුවන්ගේ ක්‍රියාවන් සටහන් කිරීම, ඒවා ලියා තැබීම යනාදී කටයුතු සම්බන්ධව ක්‍රියා කරන මලක්වරුන්. සෑම මිනිසෙකුටම මලක්වරුන් දෙදෙනෙකු සිටිති. එක් අයෙක් දකුණු පැත්තෙන් ද දෙවැන්නා වම් පැත්තෙන් ද සිටියි.

තවත් උදාහරණයක් නම්: මිය ගිය ඇත්තකු මිනීවල තුළ බහාලීමෙන් පසු ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා භාරව කටයුතු කරන මලක්වරුන්. එහිදී මලක්වරුන් දෙදෙනකු පැමිණ ඔහුගෙන් ඔහුගේ පරමාධිපති ගැනත් ඔහුගේ දහම හා නබිවරයා ගැනත් විමසා සිටිති.

මලාඉකාවරුන් පිළිබඳ විශ්වාසය මහත් ප්‍රතිඵල පිරිනමයි. ඒ අතරින්:

පළමුවැන්න: උත්තරීතර අල්ලාහ්ගේ බලය, ශක්තිය හා ආධිපත්‍යය දැන ගැනීම, සැබැවින්ම මැවීම්වල ඇති බලගතු බව මැවුම් කරුගේ බලය පෙන්වා දෙනු ඇත.

දෙවැන්න: ආදම්ගේ දරුවන් ආරක්ෂා කිරීමටත්, ඔවුන්ගේ ක්‍රියාවන් ලේඛනගත කිරීමටත්, ඒ හැර ඔවුන්ගේ සෙසු යහපත් ක්‍රියාවන් ක්‍රියාත්මක කිරීමටත් මෙම මලක්වරුන්ගෙන් ඇතැමෙකුට අල්ලාහ් පවරා තිබීම තුළින්, අල්ලාහ් ඔවුනට දැක්වූ විශේෂ සැලකිල්ල හේතුවෙන් ඔහුට තුති පුද කිරීමේ අවස්ථාව උදා කර ගැනීම.

තුන්වැන්න: උත්තරීතර අල්ලාහ්ට අඛණ්ඩව නැමදුම් කිරීමේ නිරත වීම හේතුවෙන් මලක්වරුන් පිළිබඳ ආදරයක් ඇති වීම.

ඇතැම් විකෘතිවාදී අදහස් දරණ පිරිසක් විසින් මලක්වරුන්ට ශරීර හැඩරුව තිබීම හෙළා දැක ඇත. ඔවුහු: 'ඔවුන් මැවීම් අතර ගුප්තව පවතින යහපත් බලවේගයකි.' යැයි පවසති. එය උත්තරීතර අල්ලාහ්ගේ පුස්තකය, ඔහුගේ දූතයාණන්ගේ සුන්නාව හා මුස්ලිම්වරුන්ගේ ඒකමතික තීන්දුව බොරු කිරීමකි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿ٱلۡحَمۡدُ لِلَّهِ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ جَاعِلِ ٱلۡمَلَٰٓئِكَةِ رُسُلًا أُوْلِيٓ أَجۡنِحَةٖ مَّثۡنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَۚ...﴾

"අහස් හා මහපොළොව නිර්මාණය කළාවූ ද; පියාපත් දෙක බැගින් ද, තුන බැගින් ද, හතර බැගින් ද යුත් මලක්වරුන් (තම) දූතයින් බවට පත් කළාවූ ද අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා..." (ෆාතිර්: 1)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿وَلَوۡ تَرَىٰٓ إِذۡ يَتَوَفَّى ٱلَّذِينَ كَفَرُواْ ٱلۡمَلَٰٓئِكَةُ يَضۡرِبُونَ وُجُوهَهُمۡ وَأَدۡبَٰرَهُم...﴾

"දේවත්වය ප්‍රතික්ෂේප කළවුන්ව සුර දූතයන් විසින් අත්පත් කරගන්නා අවස්ථාව නුඹ දැකගන්නට තිබුනා නම්!... ඔවුහු (එම දූතවරු) ඔවුන්ගේ මුහුණුවලට හා පිටවලට පහර දෙති... (අල් අන්ෆාල්: 50)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿...وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلظَّٰلِمُونَ فِي غَمَرَٰتِ ٱلۡمَوۡتِ وَٱلۡمَلَٰٓئِكَةُ بَاسِطُوٓاْ أَيۡدِيهِمۡ أَخۡرِجُوٓاْ أَنفُسَكُمُۖ...﴾

"තවද අපරාධකරුවන් මරණ වේදනාවෙහි සිටින අවස්ථාව නුඹ දකින්නෙහි නම්, මලක්වරු තම අත් විහිදුවා "නුඹලාගේ ප්‍රාණ නුඹලා ම බැහැර කර ගනු... (යැයි පවසනු නුඹ දකිනු ඇත.)" (අල් අන්ආම්: 93)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿...حَتَّىٰٓ إِذَا فُزِّعَ عَن قُلُوبِهِمۡ قَالُواْ مَاذَا قَالَ رَبُّكُمۡۖ قَالُواْ ٱلۡحَقَّۖ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ﴾

"... තවද ඔවුන්ගේ හදවත් තුළින් බිය තුරන් කරනු ලැබූ විට නුඹලාගේ පරමාධිපති කුමක් පැවසුවේ දැ? යි ඔවුහු විමසති. සත්‍යය යැයි ඔවුහු පවසති. තවද ඔහු අතිශ්‍රෙෂ්ඨ ය; අති උත්තරීතර ය." (සබඃ: 23)

තව ද අල්ලාහ් ස්වර්ගවාසීහු පිළිබඳව මෙසේ ද පවසා ඇත:

﴿...وَٱلۡمَلَٰٓئِكَةُ يَدۡخُلُونَ عَلَيۡهِم مِّن كُلِّ بَابٖ 23 سَلَٰمٌ عَلَيۡكُم بِمَا صَبَرۡتُمۡۚ فَنِعۡمَ عُقۡبَى ٱلدَّارِ 24

"... (ඒ) සෑම දොරටුවකින් ම ඔවුන් වෙත මලක්වරුන් ඇතුළු වෙති. ඔබලා ඉවසීමෙන් සිටි නිසා ඔබලාට ශාන්තිය අත්වේවා. එය නිවහනේ හොඳම ප්‍රතිඵලයයි." (අර්-රඃද්: 23-24)

සහීහ් අල් බුහාරි හි සඳහන් පරිදි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

«إِذَا أَحَبَّ اللَّهُ الْعَبْدَ نَادَى جِبْرِيلَ: إِنَّ اللَّهَ يُحِبُّ فُلَانًا فَأَحْبِبْهُ، فَيُحِبُّهُ جِبْرِيلُ، فَيُنَادِي جِبْرِيلُ فِي أَهْلِ السَّمَاءِ: إِنَّ اللَّهَ يُحِبُّ فُلَانًا فَأَحِبُّوهُ، فَيُحِبُّهُ أَهْلُ السَّمَاءِ، ثُمَّ يُوضَعُ لَهُ الْقَبُولُ فِي الْأَرْضِ».

අල්ලාහ් ගැත්තෙකු ප්‍රිය කරන විට ඔහු ජිබ්රීල් තුමා අමතා: 'නියත වශයෙන්ම අල්ලාහ් එම පුද්ගලයා ප්‍රිය කරන්නේය. එහෙයින් ඔබද ඔහුට ප්‍රිය කරනු,' යැයි පවසයි. එවිට ජිබ්රීල් තුමාද ඔහුව ප්‍රිය කරයි. පසුව ජිබ්රීල් තුමා අහස් වැසියන් අතර අමතා: 'නියත වශයෙන්ම අල්ලාහ් එම පුද්ගලයා ප්‍රිය කරන්නේය. එහෙයින් ඔබද ඔහුට ප්‍රිය කරනු,' යැයි පවසයි. එවිට අහස් වැසියන්ද ඔහුව ප්‍රිය කරති. පසුව ඔහු වෙනුවෙන් මහපොළොවේ පිළිගැනීම තබනු ලැබේ."9

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයක තවදුරටත් මෙසේ සඳහන් වී ඇත:

«إِذَا كَانَ يَوْمُ الْجُمُعَةِ كَانَ عَلَى كُلِّ بَابٍ مِنْ أَبْوَابِ الْمَسْجِدِ الْمَلَائِكَةُ يَكْتُبُونَ الْأَوَّلَ فَالْأَوَّلَ، فَإِذَا جَلَسَ الْإِمَامُ طَوَوْا الصُّحُفَ وَجَاءُوا يَسْتَمِعُونَ الذِّكْرَ».

ජුමුආ දිනය පැමිණි විට දේවස්ථානයේ දොරටු අතරින් සෑම දොරටුවක් අසලම මලක්වරුන් හිඳ පළමුවැන්නා, ඉන් පසු පැමිණෙන්නා යනාදී ලෙස සටහන් කර ගනිති. ඉමාම් වාඩි වූ විට ඔවුහු එම ලේඛන නවා දමා, එම දේශනයට සවන් දීම සඳහා පැමිණෙති.10

සැබැවින්ම මලක්වරුන්, විකෘතිවාදීහු පවසන පරිදි, හුදු ආධ්‍යාත්මික බලවේගයක් නොව; ශරීර සහිත මැවීමක් බව මෙම මූලාශ්‍රවලින් මනා ලෙස පැහැදිලි වේ. ඒ අනුව, මෙම මූලාශ්‍රවලට අනුව මේ පිළිබඳව මුස්ලිම්වරුන්ගේ ඒකමතික තීන්දුව පවතී.

දේව පුස්තක පිළිබඳ විශ්වාසය

අල්-කුතුබ් යන අරාබි පදයේ ඒක වචනය කිතාබ් වේ. ඉන් අර්ථවත් වනුයේ ලියන ලද, නියම කරන ලද යන්නයි.

මෙහි දී අදහස් කරනුයේ: මෙලොව හා මතුලොව සතුට ළඟා කර ගනු පිණිස මිනිසාට මඟපෙන්වීමක් හා ආශිර්වාදයක් ලෙස උත්තරීතර අල්ලාහ් තම දූතවරුන්හට පහළ කළ පුස්තක වේ.

දිව්‍ය පුස්තක පිළිබඳ විශ්වාසය කරුණු හතරකින් සමන්විත වේ.

පළමුවැන්න: ඒවා සැබෑ ලෙසින්ම අල්ලාහ් අබියසින් පහළ වූ බව විශ්වාස කිරීම.

දෙවැන්න: ඒවා සම්බන්ධයෙන් අපට උගන්වා ඇති නාම විශ්වාස කිරීම: උදාහරණ ලෙස මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පහළ කළ අල් කුර්ආනය, මූසා (අලයිහිස් සලාම්) තුමාට පහළ කළ තව්රාතය. ඊසා (අලයිහිස් සලාම්) තුමාට පහළ කළ ඉන්ජීලය. දාවූද් (අලෙයිහිස් සලාම්) තුමාට පහළ කළ සබූරය. නාම නොදත් ලේඛන අපි සමස්ථයක් වශයෙන් විශ්වාස කරමු.

තුන්වැන්න: කුර්ආනයේ ඇති තොරතුරු, පෙර පහළ වූ දිව්යමය පුස්තක තුළ විකෘති නොකළ හා වෙනස් නොකළ තොරතුරු වැනි ඒවායෙහි සඳහන් නිවැරදි තොරතුරු විශ්වාස කිරීම.

සිව්වැන්න: ඒවායෙහි වෙනස් නොකරන ලද නීති ක්‍රියාත්මක කිරීම. ඒවායෙහි ප්‍රඥාව අප වටහා ගත්තත් නොගත්තත් ඒවා පිළිගෙන ඒවාට යටත් වීම. පෙර පහළ වූ සියලු පුස්තක මහඟු අල් කුර්ආනය තුළින් සංශෝධනය කරන ලදී. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿وَأَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلۡكِتَٰبِ وَمُهَيۡمِنًا عَلَيۡهِۖ...﴾

"තවද සත්‍යයෙන් යුතු මෙම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කළෙමු. එය තමන් අතර තිබූ (පෙර පහළ වූ) ධර්ම ග්‍රන්ථය සත්‍ය කරවන්නකි. තවද ඒවා මත ආධිපත්‍ය දරන්නකි..." (අල් මාඉදා: 48) එනම්: ඒ මත විනිශ්චය කරන්නක් වශයෙන්.

මේ අනුව: පෙර පුස්තකවල සඳහන් කවර හෝ නීතියක් වේවා, එය අල්කුර්ආනය විසින් නිවැරදි කළ හා එය පිළිගත් දෑ මිස ඒ අනුව ක්‍රියා කිරීම අනුමත වන්නේ නැත.

දිව්‍ය පුස්තක පිළිබඳ විශ්වාසය තුළින් අගනා ප්‍රතිඵල හිමි වේ. ඒවා අතරින්:

පළමුවැන්න: උත්තරීතර අල්ලාහ් සෑම සමාජයකටම, යහමග පෙන්වීම සඳහා දිව්‍ය පුස්තක පහළ කිරීම තුළින් තම ගැත්තන් කෙරෙහි ඔහු දක්වා ඇති සැලකිල්ල හඳුනා ගැනීම.

දෙවැන්න: අල්ලාහ් ආගමික පිළිවෙත තුළ තබා ඇති ඔහුගේ ප්‍රඥාව හඳුනා ගැනීම. සෑම සමාජයකටම ඔවුන්ගේ තත්ත්වයන්ට ගැළපෙන පරිදි, කරුණු ආගම් ගත කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿...لِكُلّٖ جَعَلۡنَا مِنكُمۡ شِرۡعَةٗ وَمِنۡهَاجٗاۚ...﴾

"සෑම ප්‍රජාවකට ම ආගමික පිළිවෙතක් හා ක්‍රියාමාලාවක් අපි ඇති කළෙමු." (අල් මාඉදා 5: 48)

තුන්වැන්න: එහිදී අල්ලාහ්ගේ ආශිර්වාද සඳහා කෘතඥ වීම.

දහම් දූතයින් පිළිබඳ විශ්වාසය

'අල්-රුසුල්' යන අරාබි පදයේ ඒක වචනය 'රසූල්' වේ. ඉන් අර්ථවත් වනුයේ යමක් දන්වා සිටීම සඳහා එවනු ලැබූ තැනැත්තා යන්නයි.

මෙහිදී අදහස් වනුයේ: ආගමික පිළිවෙතක් හෝ කරුණක් දන්වා සිටින මෙන්, මිනිසුන් අතරින් දිව්‍ය පණිවිඩ පිරිනමනු ලැබූ තැනැත්තාය.

දූතවරුන් අතරින් පළමුවැන්නා නූහ් (අලෙයිහිස් සලාම්) තුමාය. ඔවුන් අතරින් අවසාන දූතයා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ය.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿ إِنَّآ أَوۡحَيۡنَآ إِلَيۡكَ كَمَآ أَوۡحَيۡنَآ إِلَىٰ نُوحٖ وَٱلنَّبِيِّـۧنَ مِنۢ بَعۡدِهِ...﴾

"සැබැවින් ම නූහ්ට හා ඔහුගෙන් පසු වූ නබිවරුන්ට වහී (දිව්‍ය පණිවිඩය) පහළ කළාක් මෙන් නුඹ වෙත ද සැබැවින් ම අපි වහී පහළ කළෙමු..." (අන් නිසා: 163)

මැදිහත් වීම හා සම්බන්ධයෙන් සඳහන් කරමින්, අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයක් සහීහ් අල් බුහාරි හි මෙසේ වාර්තා වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා සිටියහ.

«ذُكِرَ أَنَّ النَّاسَ يَأْتُونَ إِلَى آدَمَ؛ لِيَشْفَعَ لَهُمْ، فَيَعْتَذِرُ إِلَيْهِمْ وَيَقُولُ: ائْتُوا نُوحًا أَوَّلَ رَسُولٍ بَعَثَهُ اللَّهُ» وذكر تمام الحديث.

සැබැවින්ම ජනයා තමන් වෙනුවෙන් මැදිහත් වන මෙන් ඉල්ලා ආදම් (අලෙයිහිස් සලාම්) තුමා වෙත පැමිණෙති. නමුත් එතුමා ඔවුන් වෙත නිදහසට කරුණු පවසා, අල්ලාහ් එවූ දූතවරුන් අතරින් පළමු වැන්නා වන නූහ් වෙත යන මෙන් ප්‍රකාශ කරයි." සහ හදීසයේ ඉතිරියද සඳහන් කර ඇත11.

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සම්බන්ධයෙන් උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٖ مِّن رِّجَالِكُمۡ وَلَٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّـۧنَۗ...﴾

මුහම්මද් නුඹලාගේ පිරිමින් අතරින් කිසිවකුගේ පියෙකු නො වීය. එහෙත් ඔහු අල්ලාහ්ගේ ධර්ම දූතයාණන් ය. තවද නබිවරුන්ගේ මුද්‍රාව ය. (අල් අහ්සාබ්)

උත්තරීතර අල්ලාහ් විසින් තම ජනතාවට ස්වාධීන නීතියක් සමඟ එවන ලද දූතයෙකු හෝ ඔහු ඉදිරියේ නීති පිළිවෙතක් සමඟ ඔහුට හෙළි කළ අනාගතවක්තෘවරයෙකු හෝ නොමැතිව කිසිදු ජාතියක් පැවතුණේ නැත. එය එම නීති පිළිවෙත අලුත් කිරීම පිණිසය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

﴿وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّٰغُوتَۖ...﴾

තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද නපුරු බලවේගවලින් වැළකී සිටිනු යැයි... (අන්-නහ්ල්: 36)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿...وَإِن مِّنۡ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٞ﴾

"කිසිදු සමූහයක් එහි අවවාද කරන්නෙකු පැමිණ ඉකුත්ව ගියා මිස නැත..." (ෆාතිර් - 24)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿إِنَّآ أَنزَلۡنَا ٱلتَّوۡرَىٰةَ فِيهَا هُدٗى وَنُورٞۚ يَحۡكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسۡلَمُواْ لِلَّذِينَ هَادُواْ...﴾

"සැබැවින් ම අපි තව්රාතය පහළ කළෙමු. එහි මඟ පෙන්වීමක් හා ආලෝකයක් විය. එමඟින් (අල්ලාහ්ට) අවනත වූ නබිවරු (දේව පණිවිඩකරුවෝ) යුදෙව්වූවනට තීන්දු ලබා දුන්හ..." (අල් මාඉදා: 44)

දූතවරු මවන ලද මිනිස් සමූහයකි. ඔවුනට (අල්ලාහ්ගේ) ආධිපත්‍යෙය් හෝ දේවත්වයේ හෝ කිසිදු විශේෂත්වයක් නොමැත. දූතරුන්ගේ නායකයාණන් වන අල්ලාහ් ඉදිරියේ ඔවුන් අතරින් ශ්‍රේෂ්ඨතම නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිබඳව උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.

﴿قُل لَّآ أَمۡلِكُ لِنَفۡسِي نَفۡعٗا وَلَا ضَرًّا إِلَّا مَا شَآءَ ٱللَّهُۚ وَلَوۡ كُنتُ أَعۡلَمُ ٱلۡغَيۡبَ لَٱسۡتَكۡثَرۡتُ مِنَ ٱلۡخَيۡرِ وَمَا مَسَّنِيَ ٱلسُّوٓءُۚ إِنۡ أَنَا۠ إِلَّا نَذِيرٞ وَبَشِيرٞ لِّقَوۡمٖ يُؤۡمِنُونَ 188﴾

අල්ලාහ් අභිමත කළේ නම් මිස මා වෙනුවෙන් යම් යහපතක් කිරීමට හෝ හානියක් කිරීමට හෝ මම බලය නො දරමි. ගුප්ද දෑ ගැන මා මැනවින් දැන සිටියේ නම් මා යහපත අධික වශයෙන් කරන්නට බලමි. තවද මට නපුර ස්පර්ෂ නො වනු ඇත. මා අවවාද කරන්නෙකු හා විශ්වාස කරන ජනයාට ශුභාරංචි දන්වන්නෙකු මිස වෙනත් කෙනෙකු නො වෙමි. (අල් අඃරාෆ්: 188) .

උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත.

﴿قُلۡ إِنِّي لَآ أَمۡلِكُ لَكُمۡ ضَرّٗا وَلَا رَشَدٗا 21 قُلۡ إِنِّي لَن يُجِيرَنِي مِنَ ٱللَّهِ أَحَدٞ وَلَنۡ أَجِدَ مِن دُونِهِۦ مُلۡتَحَدًا 22﴾

“නුඹලාට යම් හානියක් හෝ යම් මග පෙන්වීමක් හෝ සිදු කරන්නට නියත වශයෙන්ම මා බලය නොදරමි” යැයි (නබිවරය!) නුඹ පවසනු. (21) “(මා අවනත නොවුයේ නම්) අල්ලාහ්ගෙන් මා ආරක්ෂා කරන්නට කිසිවකුට නොහැක්කේමය. තවද ඔහු හැර වෙනත් පිළිසරණක් මම කිසිවිටෙක නොලබමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.(22) (අල් ජින්: 21-22)

රෝගීබව, මරණය, ආහාර පාන සඳහා අවශ්‍යතාවය සහ වෙනත් අවශ්‍යතා වැනි මනුෂ්යත්වයේ ගතිලක්ෂණ ඔවුනට ද ඇති විය. ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමා ඔහුගේ පරමාධිපතියාණන්ව විස්තර කර සිටීමේදී එතුමා විසින් පවසා සිටි කරුණු උත්තරීතරයාණෝ මෙසේ දන්වා සිටියි:

﴿وَٱلَّذِي هُوَ يُطۡعِمُنِي وَيَسۡقِينِ 79 وَإِذَا مَرِضۡتُ فَهُوَ يَشۡفِينِ 80 وَٱلَّذِي يُمِيتُنِي ثُمَّ يُحۡيِينِ 81﴾

තවද ඔහු වනාහි මට ආහාර සපයයි. මට පානය දෙයි. තවද මා රෝගී වූ විට ඔහු මට සුවය දෙයි. තවද ඔහු වනාහි මා මරණයට පත් කොට පසුව මට (යළි) ජීවය දෙයි. (අෂ්-ෂුඅරා: 79-81)

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ:

«إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ، أَنْسَى كَمَا تَنْسَوْنَ، فَإِذَا نَسِيتُ فَذَكِّرُونِي».

"සැබැවින්ම මම නුඹලා මෙන් මිනිසෙකි. නුඹලාට අමතකවීම් සිදුවනවාක් මෙන්ම මට ද අමතකවීම් සිදුවෙයි. මා අමතක කළ විට නුඹලා මට මතක් කර දෙන්න."12

ඔවුන්ව ප්‍රශංසා කිරීමේ සන්දර්භය තුළ උත්තරීතර අල්ලාහ් තමන් වෙත ඔවුන් දක්වන ඔවුන්ගේ ගැතිභාවය පිළිබඳ මෙසේ විස්තර කරයි: උත්තරීතරයාණන් නූහ් අලයිහිස් සලාම් තුමා පිළිබඳ ව මෙසේ පවසයි:

﴿...إِنَّهُۥ كَانَ عَبۡدٗا شَكُورٗا﴾

"නියත වශයෙන් ම ඔහු කෘතවේදී ගැත්තෙකු විය..." (අල් ඉස්රා: 3) මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සම්බන්ධයෙන් මෙසේ පවසා ඇත:

﴿تَبَارَكَ ٱلَّذِي نَزَّلَ ٱلۡفُرۡقَانَ عَلَىٰ عَبۡدِهِۦ لِيَكُونَ لِلۡعَٰلَمِينَ نَذِيرًا 1﴾

ලෝවැසියන්ට එය අවවාදයක් වනු පිණිස තම ගැත්තා මත (සත්‍ය හා අසත්‍ය වෙන් කර දක්වන) මිනුම් දණ්ඩය (හෙවත් අල් කුර්ආනය) පහළ කළා වූ ඔහු උත්කෘෂ්ට විය. (අල් ෆුර්කාන්: 1)

ඉබ්රාහීම්, ඉස්හාක්, යඃකූබ් (අලෙයිහිමුස් සලාම්) යන නබිවරුන් පිළිබඳව මෙසේ පවසයි:

﴿وَٱذۡكُرۡ عِبَٰدَنَآ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ أُوْلِي ٱلۡأَيۡدِي وَٱلۡأَبۡصَٰرِ 45 إِنَّآ أَخۡلَصۡنَٰهُم بِخَالِصَةٖ ذِكۡرَى ٱلدَّارِ 46 وَإِنَّهُمۡ عِندَنَا لَمِنَ ٱلۡمُصۡطَفَيۡنَ ٱلۡأَخۡيَارِ47﴾

තවද බලය හා මනා දෘෂ්ටීන්ගෙන් හෙබි අපගේ ගැත්තන් වන ඉබ්‍රාහීම් ඉස්හාක් හා යඃකූබ් පිළිබඳ ව ද (නබිවරය!) නුඹ මෙනෙහි කරනු. (45) මතු ලොව නිවහන මෙනෙහි කිරීමට නියත වශයෙන්ම අපි ඔවුන් විශේෂිත කළෙමු. (46) තවද නියත වශයෙන්ම ඔවුන් අප අබියස විශිෂ්ටයින් ලෙස තෝරා ගනු ලැබූවන් අතරිනි. (47) (සූරා සාද් 38:45-47)

මර්යම්ගේ පුත් ඊසා (අලයිහිස් සලාම්) තුමා සම්බන්ධයෙන් අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿إِنۡ هُوَ إِلَّا عَبۡدٌ أَنۡعَمۡنَا عَلَيۡهِ وَجَعَلۡنَٰهُ مَثَلٗا لِّبَنِيٓ إِسۡرَٰٓءِيلَ 59﴾

"අපි ඔහුට ආශිර්වාද කළ ගැත්තෙකු මිස ඔහු නැත. ඉස්රාඊල් දරුවන්ට උදාහරණයක් ලෙස අපි ඔහු පත් කළෙමු. (59) (අස්-සුහ්ඃරුෆ් :59)

දූතවරුන් පිළිබඳ විශ්වාසය කරුණු හතරකින් සමන්විත වේ.

පළමුවැන්න: උත්තරීතර අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි පණිවිඩ සත්‍යය බව විශ්වාස කිරීම. කවරෙකු ඔවුනට ලැබුණු එක් පණිවිඩයක් හෝ ප්‍රතික්ෂේප කළේ ද ඔහු සමස්තයම ප්‍රතික්ෂේප කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿كَذَّبَتۡ قَوۡمُ نُوحٍ ٱلۡمُرۡسَلِينَ 105﴾

"නූහ්ගේ ජනයා ධර්ම දූතවරුන් බොරු කළෝ ය." (අෂ්-ෂුඃරා 26:105) ඒ අනුව ඔවුන් රසූල්වරයකු ප්‍රතික්ෂේප කළ විට ඔහු හැර වෙනත් කෙනෙකු නොසිටියද, අල්ලාහ් ඔවුන් සියලු පණිවිඩකරුවන් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් කළේය. මේ අනුව, කිතුනු ජනයා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව බොරු කළෝය. එතුමාණන්ව අනුගමනය කළේ නැත. ඔවුන් මර්යම්ගේ පුත් මසීහ්වද බොරු කළෝය. එමෙන්ම ඔහු අනුගමනය කරන්නන් නොවූවෝය. විශේෂයෙන්ම එතුමා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිබඳ ශුභාරංචි දන්වා සිටියේය. ඔවුන්ට දන්වා සිටි ශුභාරංචියේ අර්ථය ඔවුන් වෙත සැබැවින්ම දූතයකු පැමිණෙනු ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ඔවුන් නොමග යෑමෙන් අල්ලාහ් ඔවුන් ආරක්ෂා කරත්වා! ඍජු මාර්ගය වෙත ඔහු ඔවුන්ට මඟ පෙන්වත්වා!

දෙවැන්න: ඔවුන් අතරින් මුහම්මද්, ඉබ්රාහීම්, මූසා, ඊසා, නූහ් යන නම් සඳහන් කරමින් අපට දත් දූතවරුන් විශ්වාස කිරීම. දූතවරුන් අතරින් මෙම දූතවරු පස් දෙනා ‘උලුල් අස්ම්’ යන විශේෂ නාමයෙන් පිදුම් ලැබූවෝ වෙති. උත්තරීතර අල්ලාහ් ඔවුන් ගැන කුර්ආනයේ ස්ථාන දෙකක සඳහන් කර ඇත.

﴿وَإِذۡ أَخَذۡنَا مِنَ ٱلنَّبِيِّـۧنَ مِيثَٰقَهُمۡ وَمِنكَ وَمِن نُّوحٖ وَإِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَى ٱبۡنِ مَرۡيَمَۖ وَأَخَذۡنَا مِنۡهُم مِّيثَٰقًا غَلِيظٗا 7﴾

නබිවරුන් අතරින් ඔබගෙන් ද නූහ්, ඉබ්රාහීම්, මූසා හා මර්යම්ගේ පුත් ඊසාගෙන් ද ඔවුන්ගේ ප්‍රතිඥාව ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් අතරින් දැඩි ප්‍රතිඥාවක් අපි ගත්තෙමු. (අල් අහ්සාබ්: 7) අල්ලාහ්ගේ තවත් ප්‍රකාශයක් මෙසේය:

﴿شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحٗا وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ وَمَا وَصَّيۡنَا بِهِۦٓ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓۖ أَنۡ أَقِيمُواْ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُواْ فِيهِۚ كَبُرَ عَلَى ٱلۡمُشۡرِكِينَ مَا تَدۡعُوهُمۡ إِلَيۡهِۚ ٱللَّهُ يَجۡتَبِيٓ إِلَيۡهِ مَن يَشَآءُ وَيَهۡدِيٓ إِلَيۡهِ مَن يُنِيبُ 13﴾

"කවර දෙයක් පිළිබඳ ව ඔහු නූහ්ට උපදෙස් දුන්නේ ද එය නුඹලාට ද ඔහු දහම්ගත කළේය. තවද නුඹ වෙත දන්වා සිටි දෑ ද ඉබ්‍රාහීම්, මූසා, ඊසාට අපි කවර දෙයක් උපදෙස් දුන්නේ ද එය ද වනාහි “නුඹලා දහම ඍජු ලෙස ස්ථාපිත කරනු, එහි නුඹලා වෙන් ව නොයනු” යනුවෙනි. නුඹ කවර දෙයක් වෙත ඔවුන් ඇරයුම් කරන්නේ ද එය ආදේශකයින්ට බැරූරැම් විය. තමන් අභිමත කරන අය අල්ලාහ් ඔහු වෙත තෝරා ගනී. තවද (පසුතැවිලි වී) හැරෙන අයට ඔහු වෙතට ඔහු මග පෙන්වයි." (අෂ්-ෂූරා: 13)

ඔවුන් අතර නමින් නොහඳුණන අය අපි සමස්තයක් වශයෙන් විශ්වාස කරමු. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿وَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلٗا مِّن قَبۡلِكَ مِنۡهُم مَّن قَصَصۡنَا عَلَيۡكَ وَمِنۡهُم مَّن لَّمۡ نَقۡصُصۡ عَلَيۡكَۗ...﴾

නුඹට පෙර ධර්ම දූතවරු සැබැවින් ම අපි එව්වෙමු. ඔවුන් අතරින් අපි නුඹ වෙත කතා විස්තර කළ අය වෙති. තවද නුඹ වෙත අපි කතා විස්තර නො කළ අය ද වෙති. (ඝාෆිර්: 78)

තුන්වැන්න: ඔවුන් පිළිබඳව දන්වා ඇති නිවැරදි තොරතුරු සහතික කිරීම.

සිව්වැන්න: ඔවුන් අතරින් අප වෙත එවනු ලැබූ දූතයාණන්ගේ පිළිවෙත ක්‍රියාවට නැංවීම. එතුමාණන් ඔවුන්ගේ අවසානයාණන් වන අතර මුලු මිනිස් සංහතියට එවනු ලැබූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿فَلَا وَرَبِّكَ لَا يُؤۡمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيۡنَهُمۡ ثُمَّ لَا يَجِدُواْ فِيٓ أَنفُسِهِمۡ حَرَجٗا مِّمَّا قَضَيۡتَ وَيُسَلِّمُواْ تَسۡلِيمٗا 65﴾

එසේ නො ව, නුඹගේ පරමාධිපති මත දිවුරමින්! ඔවුන් අතර ඇති වුණු ගැටලුවක දී, ඔවුන් නුඹව විනිශ්චය කරුවෙකු ලෙස පිළිගෙන, පසුව නුඹ දුන් තීන්දුවේ කිසිදු වරදක් ඔවුන් තුළ නො දැක, ඔවුන් පූර්ණව අවනත වන තෙක් ඔවුන් විශ්වාස නො කරනු ඇත. (අන් නිසා: 65)

දූතවරුන් පිළිබඳව විශ්වාස කිරීම සඳහා අගනා ප්‍රතිඵල හිමි වනු ඇත. ඒවා අතරින්:

පළමුවැන්න: උත්තරීතර අල්ලාහ්ගේ ආශිර්වාදය හා ඔහුගේ ගැත්තන් පිළිබඳ වූ අවධානය පිළිබඳ දැන ගැනීම. එය උත්තරීතර අල්ලාහ්ගේ මාර්ගය වෙත මිනිසුනට මග පෙන්වනු පිණිසත්, අල්ලාහ්ට ඔවුන් නැමදුම් කළ යුත්තේ කෙසේදැයි පැහැදිලි කරනු පිණිසත් එසේ ඔවුන් වෙත දූතවරු එවීමෙනි. ඊට හේතුව මිනිස් බුද්ධියෙන් පමණක් ඒ ගැන වටහා ගන්නට නොහැකි බැවිනි.

දෙවැන්න: අතිමහත් එම ආශිර්වාදය සඳහා උත්තරීතර අල්ලාහ්ට කෘතඥතාව පුද කිරීම.

තුන්වැන්න: දූතවරුන් හට ආදරය කිරීම, ඔවුනට ගරු බුහුමන් කිරීම, ඔවුනට ගැළපෙන පරිදි ඔවුන් පැසසුමට ලක් කිරීම. හේතුව සැබැවින්ම ඔවුන් උත්තරීතර අල්ලාහ්ගේ දූතවරුන් වන බැවින් ද ඔවුන් ඔහුට ගැතිකම් කරමින්, ඔහුගේ පණිවිඩය ප්‍රචාරය කරමින්, ඔහුගේ ගැත්තන් හට උපදෙස් දුන් බැවින්ද වේ.

මුරණ්ඩුකරුවෝ, සැබැවින්ම අල්ලාහ්ගේ දූතවරුන් මිනිසුන් අතරින් නොවෙතැයි විශ්වාස කරමින්, ඔවුන්ගේ දූතවරුන්ව බොරු කළෝය. මෙම විශ්වාසය පිළිබඳව, එය ව්‍යාජ විශ්වාසයක් බව පවසා උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි:

﴿وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤۡمِنُوٓاْ إِذۡ جَآءَهُمُ ٱلۡهُدَىٰٓ إِلَّآ أَن قَالُوٓاْ أَبَعَثَ ٱللَّهُ بَشَرٗا رَّسُولٗا 94 قُل لَّوۡ كَانَ فِي ٱلۡأَرۡضِ مَلَٰٓئِكَةٞ يَمۡشُونَ مُطۡمَئِنِّينَ لَنَزَّلۡنَا عَلَيۡهِم مِّنَ ٱلسَّمَآءِ مَلَكٗا رَّسُولٗا 95﴾

තවද ජනයා වෙත යහ මග පැමිණි විට "අල්ලාහ් ධර්ම දූතයකු වශයෙන් මිනිසෙකුවද යැව්වේ" යැයි විමසීම මිස වෙනත් කිසිවක් ඔවුන් විශ්වාස කිරීමෙන් ඔවුන්ව වැළැක්වූයේ නැත. මහපොළොවේ මලක්වරු සන්සුන්ව සැරිසරමින් (ජීවත් ව) පැමිණ තිබුණා නම් අපි ඔවුන් වෙත අහසින් රසූල්වරයකු වශයෙන් මලක්වරයකු එවන්නට තිබුණි යැයි (නබිවරය!) නුඹ පවසනු. (අල් ඉස්රා: 94-95)

දූතවරයා මිනිසෙකු වීමේ අවශ්‍යතාවක් නැතැයි යන විශ්වාසය උත්තරීතර අල්ලාහ් නිශ්ඵල කළේය. හේතුව ඔවුන් පොළෝවාසීන් වෙත එවනු ලැබූ තැනැත්තන් වන බැවිනි. ඔවුන් මිනිස් වර්ගයා විය යුතු වේ. පොළෝවාසීන් මලක්වරුන් නම් ඔවුනට සමාන වන පරිදි අල්ලාහ් ඔවුන් වෙත අහසින් දූතවරයෙක් ලෙස මලක්වරයකු පහළ කරන්නට තිබුණි. දූතවරුන්ව බොරු කළ තැනැත්තන් කළ ප්‍රකාශය ගැන තොරතුරු අල්ලාහ් මෙසේ දන්වා සිටියි.

﴿...إِنۡ أَنتُمۡ إِلَّا بَشَرٞ مِّثۡلُنَا تُرِيدُونَ أَن تَصُدُّونَا عَمَّا كَانَ يَعۡبُدُ ءَابَآؤُنَا فَأۡتُونَا بِسُلۡطَٰنٖ مُّبِينٖ 10 قَالَتۡ لَهُمۡ رُسُلُهُمۡ إِن نَّحۡنُ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ وَلَٰكِنَّ ٱللَّهَ يَمُنُّ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۖ وَمَا كَانَ لَنَآ أَن نَّأۡتِيَكُم بِسُلۡطَٰنٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ...﴾

නුඹලා අප මෙන් මිනිසුන් මිස වෙනත් කිසිවකු නො වේ. අපගේ මුතුන් මිත්තන් නැමදුම් කරමින් සිටි දැයින් නුඹලා අප වළක්වන්නෙහු ය. එසේ නම් අප වෙත පැහැදිලි සාක්ෂියක් ගෙන එනු යැයි ඔවුහු පැවසූහ. ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන්ට පැවසූහ, අප නුඹලා මෙන් මිනිසුන් මිස වෙනත් කිසිවකු නො වේ. නමුත් අල්ලාහ් ඔහුගේ දාසයන්ගෙන් කැමති අයට කරුණා කරයි. අල්ලාහ්ගේ අවසරය නොමැතිව අපට පැහැදිලි සාක්ෂියක් ගෙන එන්නට නොහැක. (ඉබ්රාහීම්: 10-11)

අවසාන දිනය පිළිබඳ විශ්වාසය

අවසන් දිනය: විනිශ්චය හා ප්‍රතිඵල පිරිනැමීම සඳහා ජනයා යළි අවදි කරනු ලබන දිනයයි.

මෙසේ නම් කරන ලද්දේ ඉන් පසු එවන් තවත් දිනයක් නොමැති බැවිනි. එහි අවසානයේ ස්වර්ගවාසීන් ඔවුන්ගේ ස්ථානවලත් අපා වාසීන් ඔවුන්ගේ ස්ථානවලත් නවාතැන් ගැනීමෙනි.

අවසන් දිනය පිළිබඳ විශ්වාසය කරුණු තුනකින් සමන්විත වේ.

පළමුවැන්න: යළි අවදි කිරීම ගැන විශ්වාසය. එනම් දෙවන හොරණෑවෙහි පිඹිනු ලබන අවස්ථාවේ මියගිය තැනැත්තන් යළි අවදි කර ලෝවැසියන්ගේ පරමාධිපතියාණන් ඉදිරියේ, පාවහන් නොමැතිව හිස් කකුලින් ද ආවරණයකින් තොරව නිරුවතින් ද චර්මජේදනය කිරීමෙන් තොරව ද අවදි කරනු ලැබේ. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿...كَمَا بَدَأۡنَآ أَوَّلَ خَلۡقٖ نُّعِيدُهُۥۚ وَعۡدًا عَلَيۡنَآۚ إِنَّا كُنَّا فَٰعِلِينَ﴾

මුල්වරට අපි මැවීම් ආරම්භ කළාක් මෙන් එය නැවත ගෙන එන්නෙමු. එය අප වෙත පැවරුණු ප්‍රතිඥාවක් වශයෙනි. නියත වශයෙන් ම අපි එය සිදු කරන්නන් වූයෙමු. (අල් අන්බියා: 104)

යළි අවදි කරනු ලැබීම සැබෑය, ස්ථීරය. අල් කුර්ආනය හා සුන්නාව මෙන්ම මුස්ලිම්වරුන්ගේ ඒකමතික මතය එයට සාක්ෂි දරති.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿ثُمَّ إِنَّكُم بَعۡدَ ذَٰلِكَ لَمَيِّتُونَ 15 ثُمَّ إِنَّكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ تُبۡعَثُونَ 16﴾

"ඉන් අනතුරු ව නියත වශයෙන්ම නුඹලා මරණයට පත් වන්නෝ වෙති." (15) "පසු ව නියත වශයෙන්ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ නැගිටුවනු ලබති." (16) (අල් මුඃමිනූන්: 15-16)

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ:

«يُحْشَرُ النَّاسُ يَوْمَ الْقِيَامَةِ حُفَاةً عُرَاةً غُرْلًا».

"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී පාවහන් නොමැතිව, නිරුවතින්, චර්මච්ඡේදනය නොකළ තත්ත්වයේ මිනිසුන් එක්රැස් කරනු ලැබේ"13. බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කර ඇත.

එය ස්ථීර බව සමස්ත මුස්ලිම්වරුන්ම එකඟ වෙති. එය බුද්ධි ගෝචරය. මෙම මැවීම් සඳහා නැවත පැමිණීමක් උත්තරීතර අල්ලාහ් ඇති කර, ඔහුගේ දූතවරුන් කවර කරුණක් සමඟ එවනු ලැබුවේ ද ඒවායෙහි ඔවුනට ඔහු ආගම් ගත කළ පිළිවෙත් සඳහා එහි ඔවුනට ප්‍රතිඵල පිරිනමනු ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿أَفَحَسِبۡتُمۡ أَنَّمَا خَلَقۡنَٰكُمۡ عَبَثٗا وَأَنَّكُمۡ إِلَيۡنَا لَا تُرۡجَعُونَ 115﴾

නියත වශයෙන් ම අපි නුඹලා නිකමට මවා ඇතැයි ද නියත වශයෙන් ම නුඹලා අප වෙත නැවත හැරී නො එනු ඇතැයි ද නුඹලා සිතුවෙහු ද? (අල් මුඃමිනූන්: 115) දෙවිඳුන් ඔහුගේ නබිවරයාට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසීය.

﴿إِنَّ ٱلَّذِي فَرَضَ عَلَيۡكَ ٱلۡقُرۡءَانَ لَرَآدُّكَ إِلَىٰ مَعَادٖۚ...﴾

නියත වශයෙන් ම ඔබ වෙත අල් කුර්ආනය නියම කළ ඔහු ඔබව (නැවතත් ඔබ) හැරී ආ ස්ථානයට ම ගෙන යනු ඇත. (අල්-කසස්: 85)

දෙවැන්න. විනිශ්චය හා ප්‍රතිඵල පිළිබඳ විශ්වාසය: ගැත්තා ඔහු සිදු කළ ක්‍රියාවන් සඳහා විනිශ්චය කරනු ලැබ, ඒ සඳහා ප්‍රතිඵල පිරිනමනු ඇත. අල් කුර්ආනය හා සුන්නාව මෙන්ම මුස්ලිම්වරුන්ගේ ඒකමතික තීන්දු එයට සාක්ෂි වශයෙන් පිහිටා ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿إِنَّ إِلَيۡنَآ إِيَابَهُمۡ 25 ثُمَّ إِنَّ عَلَيۡنَا حِسَابَهُم 26﴾

"සැබැවින් ම ඔවුන්ගේ නැවත පැමිණීම අප වෙත ය. පසුව සැබැවින්ම ඔවුන්(කළ ක්‍රියාවන්) ගේ ගණනය අප මත ය." (අල් ඝාෂියා: 25-26) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ عَشۡرُ أَمۡثَالِهَاۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجۡزَىٰٓ إِلَّا مِثۡلَهَا وَهُمۡ لَا يُظۡلَمُونَ 160﴾

"කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඔහුට ඒ හා සමාන (ප්‍රතිඵල) දහයක් හිමි ය. තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද එවිට ඒ හා සමාන (ප්‍රතිවිපාක)යක් මිස වෙනෙකක් නොමැත. ඔවුහු අසාධාරණකම් කරනු නො ලබති." (අල් අන්ආම්: 160) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿وَنَضَعُ ٱلۡمَوَٰزِينَ ٱلۡقِسۡطَ لِيَوۡمِ ٱلۡقِيَٰمَةِ فَلَا تُظۡلَمُ نَفۡسٞ شَيۡـٔٗاۖ وَإِن كَانَ مِثۡقَالَ حَبَّةٖ مِّنۡ خَرۡدَلٍ أَتَيۡنَا بِهَاۗ وَكَفَىٰ بِنَا حَٰسِبِينَ 47﴾

"තවද අපි මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දින සාධාරණ තුලාවන් තබමු. එහෙයින් කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලබනු ඇත. එය අබ ඇටයක තරම් ප්‍රමාණයක් වුවද අපි එය ගෙන එන්නෙමු. ගණන් ගන්නන් වශයෙන් අපම ප්‍රමාණවත් විය." (අල්-අන්බියා: 47)

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු)තුමා මෙසේ දන්වා සිටී.

«إِنَّ اللَّهَ يُدْنِي الْمُؤْمِنَ، فَيَضَعُ عَلَيْهِ كَنَفَهُ - أَيْ سَتْرَهُ - وَيَسْتُرُهُ: فَيَقُولُ: أَتَعْرِفُ ذَنْبَ كَذَا؟ أَتَعْرِفُ ذَنْبَ كَذَا؟ فَيَقُولُ: نَعَمْ أَيْ رَبِّ، حَتَّى إِذَا قَرَّرَهُ بِذُنُوبِهِ، وَرَأَى فِي نَفْسِهِ أَنَّهُ هَلَكَ قَالَ: سَتَرْتُهَا عَلَيْكَ فِي الدُّنْيَا وَأَنَا أَغْفِرُهَا لَكَ الْيَوْمَ، فَيُعْطَى كِتَابَ حَسَنَاتِهِ، وَأَمَّا الْكُفَّارُ وَالْمُنَافِقُونَ فَيُنَادَى بِهِمْ عَلَى رُؤُوسِ الْخَلَائِقِ: هَؤُلَاءِ الَّذِينَ كَذَبُوا عَلَى رَبِّهِمْ، أَلَا لَعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ».

"සැබැවින්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන්නා වෙත සමීප වී, තම තිරය ඔහු වෙත දමා ඔහුව ආවරණය කරයි. පසුව මෙසේ පවසයි: 'ඒ පාපය ගැන ඔබ දන්නෙහි ද? මේ පාපය ගැන ඔබ දන්නෙහි ද?' එවිට ඔහු 'එසේය, මාගේ පරමාධිපතියාණනි' යැයි පවසයි. තම පාපය පිළිගෙන තමන් විනාශ වනු ඇතැයි සිතන තරමටම එය පවතී. පසුව 'මෙලොවෙහි එය ඔබ වෙනුවෙන් වසන් කළෙමි. අද දින ඔබ වෙනුවෙන් එයට මම සමාව දෙමි' යැයි (අල්ලාහ්) පවසයි. පසුව ඔහුගේ යහකම් සඳහන් ලේඛනය පිරිනමනු ලැබේ. දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් හා කුහකයින් වනාහි, සියලු මැවීම්වලට ඉහළින් (ප්‍රසිද්ධියේ) ඔවුන් කැඳවා: 'මොවුන්ගේ පරමාධිපතිට එරෙහිව බොරු කරමින් සිටි අය මොවූහය. අපරාධකරුවන්ට අල්ලාහ්ගේ ශාපය අත් නොවේ ද?' යැයි පවසයි."14 බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කරන ලදී.

නියත වශයෙන්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමාණෝ මෙසේ පැවසූහ:

«أَنَّ مَنْ هَمَّ بِحَسَنَةٍ فَعَمِلَهَا؛ كَتَبَهَا اللَّهُ عِنْدَهُ عَشْرَ حَسَنَاتٍ إِلَى سَبْعِ مِئَةِ ضِعْفٍ إِلَى أَضْعَافٍ كَثِيرَةٍ، وَأَنَّ مَنْ هَمَّ بِسَيِّئَةٍ فَعَمِلَهَا؛ كَتَبَهَا اللَّهُ سَيِّئَةً وَاحِدَةً».

“සැබැවින්ම කවරෙකු යම් යහපතක් සිතා, එය ඉටු කළේ නම් අල්ලාහ් ඔහු අබියස කුසල් දහයේ සිට, හත්සීය ගුණයකින් ද ඊට අධික ගුණයෙන් ද ගුණ කර එය සටහන් කරයි. එසේම කවරෙකු නපුරක් සිතා, එය ඉටු කළේ නම් අල්ලාහ් එය එක් පාපයක් ලෙස සටහන් කරයි.”15

ක්‍රියාවන් පිළිබඳ විනිශ්චය කිරීමත් ඒ සඳහා ප්‍රතිඵල පිරිනැමීමත් ස්ථීර බව සමස්ත මුස්ලිම්වරුන්ම එකඟ වෙති. එය බුද්ධියට ද ගෝචරය. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් දිව්‍ය ග්‍රන්ථ පහළ කළේ ය. දූතවරු එව්වේය. ගැත්තන් හට ඔවුන් ගෙන ආ දෑ පිළිගන්නා මෙන් ද එයින් ක්‍රියා කිරීමට අනිවාර්යය දෑ ක්‍රියා කරන මෙන් ද නියම කළේය. එයට විරුද්ධවන්නන් සමග අරගල කරන මෙන් ද නියෝග කළේය. ඔවුන්ගේ රුධිරය, ඔවුන්ගේ පරපුරු, ඔවුන්ගේ කාන්තාවන් හා ඔවුන්ගේ වස්තුව අනුමත කළේය. විනිශ්චයක් හෝ ප්‍රතිඵල පිරිනැමීමක් හෝ නොවී නම්, ප්‍රඥාවන්ත පරමාධිපතියාණන් විස්තර කළ දෑ ශුන්යයක් බවට පත් වනු ඇත. උත්තරීතර අල්ලාහ් ඒ ගැන තම ප්‍රකාශය තුළින් මෙසේ පෙන්වා දෙයි.

﴿فَلَنَسۡـَٔلَنَّ ٱلَّذِينَ أُرۡسِلَ إِلَيۡهِمۡ وَلَنَسۡـَٔلَنَّ ٱلۡمُرۡسَلِينَ 6 فَلَنَقُصَّنَّ عَلَيۡهِم بِعِلۡمٖۖ وَمَا كُنَّا غَآئِبِينَ 7﴾

 එබැවින් කවුරුන් වෙත (ධර්ම දූතවරුන්) එවනු ලැබුවේ ද ඔවුන්ගෙන් සැබැවින් ම අපි විමසන්නෙමු. එමෙන් ම එවනු ලැබූවන්ගෙන් ද අපි විමසන්නෙමු. තවද ඥානාන්විතව අපි ඔවුනට (ඔවුන් කළ දෑ) විස්තර කරන්නෙමු. තවද අපි (එයින්) සැඟ වී සිටින්නන් නො වූයෙමු. (අල් අඃරාෆ් :6-7)

තුන්වැන්න: ස්වර්ගය හා නිරය පිළිබඳවත්, සැබැවින්ම ඒ දෙක මිනිසුන් සඳහා වන සදාතනික නිවහන බවත් විශ්වාස කිරීම.

ස්වර්ග උයන යනු: විශ්වාස කිරීම සඳහා අල්ලාහ් ඔවුනට අනිවාර්යය කළ දෑ විශ්වාස කොට, අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වී අල්ලාහ් වෙනුවෙන්, යන අවංක චේතනාවෙන් යුතුව ඔහුගේ දූතයාණන් පිළිපදිමින් කටයුතු කළ දේව විශ්වාසී බැතිමතුන් හට සූදානම් කර ඇති සැප පහසුකම් සහිත නිවහනයි. එහි විවිධ සැප පහසුකම් ඇත.

«مَا لَا عَيْنٌ رَأَتْ، وَلَا أُذُنٌ سَمِعَتْ، وَلَا خَطَرَ عَلَى قَلْبِ بَشَرٍ».

“කිසිදු දෑසක් නොදුටු, කිසිදු කනක් සවන් නොදුන්, කිසිදු මිනිස් සිතකින් කල්පනය කළ නොහැකි දෑ”16 උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ أُوْلَٰٓئِكَ هُمۡ خَيۡرُ ٱلۡبَرِيَّةِ 7 جَزَآؤُهُمۡ عِندَ رَبِّهِمۡ جَنَّٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ ذَٰلِكَ لِمَنۡ خَشِيَ رَبَّهُۥ 8﴾

සැබැවින් ම විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වනාහි ඔවුහු මය මැවීම් අතරින් ශ්‍රේෂ්ඨම මැවීම වනුයේ. ඔවුන්ගේ පරමාධිපති අබියස වූ ඔවුන්ගේ ප්‍රතිඵල වනුයේ පහළින් ගංගාවන් ගලා බස්නා අද්න් නම් ස්වර්ග උයන් ය. ඔවුහු එහි සදහට ම සදාතනිකයෝ වෙති. අල්ලාහ් ඔවුන්ව පිළිගත්තේ ය. ඔවුහු ද ඔහුව පිළිගත්තෝ ය. එය තම පරමාධිපතිට බිය වූ අයට ය. (අල්-බය්යිනා: 7-8) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿فَلَا تَعۡلَمُ نَفۡسٞ مَّآ أُخۡفِيَ لَهُم مِّن قُرَّةِ أَعۡيُنٖ جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ17﴾

"එහෙයින් ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් සඳහා සඟවා තබනු ලැබූ ඇස් පිනවන දෑ කිසිදු ආත්මයක් නොදනී." (අස්-සජදා:17)

අපා ගින්න වනාහි: අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළ, ඔහුගේ දූතවරුන්ට පිටු පෑ අපරාධකාරී, මුරණ්ඩ, දේව ප්‍රතික්ෂේපකයින් සඳහා අල්ලාහ් සූදානම් කර ඇති දඬුවමේ නිවහනයි. එහි විවිධ දඬුවම් වර්ග හා අප නොසිතන වධ හිංසාවන් ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿وَٱتَّقُواْ ٱلنَّارَ ٱلَّتِيٓ أُعِدَّتۡ لِلۡكَٰفِرِينَ 131﴾

"තවද දේවත්වය ප්‍රතික්ෂේප කළවුනට සූදානම් කරනු ලැබූ නිරා ගින්නට නුඹලා බිය වනු." (ආලු ඉම්රාන්: 131) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿وَقُلِ ٱلۡحَقُّ مِن رَّبِّكُمۡۖ فَمَن شَآءَ فَلۡيُؤۡمِن وَمَن شَآءَ فَلۡيَكۡفُرۡۚ إِنَّآ أَعۡتَدۡنَا لِلظَّٰلِمِينَ نَارًا أَحَاطَ بِهِمۡ سُرَادِقُهَاۚ وَإِن يَسۡتَغِيثُواْ يُغَاثُواْ بِمَآءٖ كَٱلۡمُهۡلِ يَشۡوِي ٱلۡوُجُوهَۚ بِئۡسَ ٱلشَّرَابُ وَسَآءَتۡ مُرۡتَفَقًا 29﴾

"තවද සත්‍යය නුඹලාගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය) නුඹ පවසනු. එහෙයින් කවරෙකු අභිමත කළේ ද ඔහු විශ්වාස කරත්වා! තවද කවරෙකු අභිමත කළේ ද ඔහු ප්‍රතික්ෂේප කරත්වා! නියත වශයෙන්ම අපි අපරාධකරුවන්ට (නිරා) ගින්නක් සූදානම් කර ඇත්තෙමු. එහි ගිනි දලු ඔවුන් ව වටලා ගෙන තිබේ. ඔවුහු (පිපාසය සඳහා) පිහිට පතන්නේ නම් මුහුණු දවාළන ලෝදිය මෙන් වූ පානයක් ඔවුනට පිහිට සඳහා දෙනු ලැබේ. එය නපුරු පානයක් විය. වාසස්ථානයෙන් ද නපුරු විය." (අල්-කහ්ෆ්: 29) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:

﴿إِنَّ ٱللَّهَ لَعَنَ ٱلۡكَٰفِرِينَ وَأَعَدَّ لَهُمۡ سَعِيرًا 64 خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ لَّا يَجِدُونَ وَلِيّٗا وَلَا نَصِيرٗا 65 يَوۡمَ تُقَلَّبُ وُجُوهُهُمۡ فِي ٱلنَّارِ يَقُولُونَ يَٰلَيۡتَنَآ أَطَعۡنَا ٱللَّهَ وَأَطَعۡنَا ٱلرَّسُولَا۠ 66﴾

"නියත වශයෙන්ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්හට අල්ලාහ් ශාප කළේය. තවද ඔවුනට ඇවිළෙන ගින්න ඔහු සූදානම් කළේය." (64) "ඔවුන් එහි නිරන්තර සදාතනිකයින්ය. කිසිදු භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු හෝ ඔවුන් නොලබනු ඇත." (65) "(නිරා) ගින්නේ ඔවුන්ගේ මුහුණු පෙරළනු ලබන දින අහෝ විනාශය! අප අල්ලාහ්ට අවනත වූයේ නම් තවද මෙම රසූල්වරයාට අවනත වූයේ නම් යැයි පවසති." (66) (අල් අහ්සාබ්: 64-66)

අවසන් දිනය පිළිබඳව විශ්වාස කිරීම සඳහා අගනා ප්‍රතිඵල තිබේ. ඒවා අතරින්:

පළමුවැන්න: අවනත වීමේ ක්රියාවන් සිදු කිරීමේ ආශාව. ඒ සඳහා වන උනන්දුව හා එම දිනයේ කුසල් අපේක්ෂාව.

දෙවැන්න: එදින දඬුවමට බියෙන්, පාපකම් කිරීම හා එය පිළිගැනීම සම්බන්ධයෙන් බිය වීම.

තුන්වැන්න: මෙලොවෙහි තමා බලාපොරොත්තු වන සම්පත් තමන්ට නොලැබුණ ද, මතුලොවෙහි ලැබෙන සැප පහසුකම් හා කුසල් බලාපොරොත්තුවෙන් මූඃමින්වරයා තම සිත් සහනයට පත් කර ගැනීම.

දේව ප්රතික්ෂේපකයෝ, මරණයෙන් පසු යළි අවදි කරනු ලැබීම, එය සිදුවිය නොහැකි කරුණක් යැයි සිතා, එය ප්රතික්ෂේප කරති.

මෙම සිතුවිල්ල ව්යාජ එකකි. එය ව්යාජයක් බව දහම, දැනුම, හා බුද්ධිය පෙන්වා දෙයි.

ෂරීආ නීතය (දහම) ගත් කල: උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿زَعَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَن لَّن يُبۡعَثُواْۚ قُلۡ بَلَىٰ وَرَبِّي لَتُبۡعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلۡتُمۡۚ وَذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ 7﴾

"තමන් (මළවුන් කෙරෙන්) අවදි කරනු නොලබන්නෝම යැයි ප්‍රතික්ෂේප කළවුන් තරයේම සිතුවෝය. “එසේ නොව මාගේ පරමාධිපති මත දිවුරමින් නියත වශයෙන්ම නුඹලා අවදි කරනු ලබනු ඇත. පසු ව නුඹලා සිදු කළ දෑ පිළිබඳ ව නුඹලාට දන්වනු ලබනු ඇත” යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද එය අල්ලාහ් වෙත පහසුය." (අත්-තඝාබුන්: 7) ඒ සම්බන්ධයෙන් සියලුම දිව්ය ග්‍රන්ථ ඒකමතිකව එකඟ වී ඇත.

හැඟීම් (දැනීම්) ගත් කල: සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් හට, මෙලොවෙහි මිය ගිය පසු යළි අවදි කළ අවස්ථා පෙන්වා තිබීමය. ඒ සම්බන්ධයෙන් සූරා අල් බකරාහි උදාහරණ පහක් සඳහන් වේ.

පළමු උදාහරණය: මූසාගේ ජනයා මූසාට මෙසේ පැවසූ අවස්ථාවේ:

﴿...لَن نُّؤۡمِنَ لَكَ حَتَّىٰ نَرَى ٱللَّهَ جَهۡرَةٗ ...﴾

"අප අල්ලාහ්ව එළිමහනේ දකින තුරු ඔබව අප කිසිවිටෙක විශ්වාස නො කරන්නෙමු..." (අල්-බකරා: 55) "අල්ලාහ් ඔවුන් මරණයට පත් කළේය; පසුව ඔවුන්ට නැවත ප්‍රාණය දුන්නේය." මේ සම්බන්ධයෙන් උත්තරීතර අල්ලාහ් ඉස්රාඊල් දරුවන්ට අමතා මෙසේ දන්වා සිටියි:

﴿وَإِذۡ قُلۡتُمۡ يَٰمُوسَىٰ لَن نُّؤۡمِنَ لَكَ حَتَّىٰ نَرَى ٱللَّهَ جَهۡرَةٗ فَأَخَذَتۡكُمُ ٱلصَّٰعِقَةُ وَأَنتُمۡ تَنظُرُونَ 55 ثُمَّ بَعَثۡنَٰكُم مِّنۢ بَعۡدِ مَوۡتِكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ 56﴾

තවද "අහෝ මූසා! අප අල්ලාහ්ව එළිමහනේ දකින තුරු ඔබව අප විශ්වාස නො කරන්නේ ම" යැයි නුඹලා පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹලා බලා සිටිය දී ම අකුණු සැර නුඹලාව ග්‍රහණය කළේ ය. එවිට අපි නුඹලාව නුඹලාගේ මරණයෙන් පසු නැවත ජීවිතයට පත් කළෙමු, නුඹලා කෘතඥ වන්නාක් මෙන්. (අල් බකරා: 55-56)

දෙවන උදාහරණය: ඝාතනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ ඉස්රාඊල් දරුවන් තර්ක කළ කතා වස්තුවයි. එවිට එළඳෙනක් කපා ඉන් කොටසකින් ඔහුට පහර දෙන මෙන් නියෝග කළ අතර ඒ අවස්ථාවේ ඔහුව ඝාතනය කළේ කවුරුන් දැයි ඔහු ඔවුනට දන්වා සිටිනු ඇතැයි පවසන ලදී. එහි දී අල්ලාහ් මෙසේ පවසයි.

﴿وَإِذۡ قَتَلۡتُمۡ نَفۡسٗا فَٱدَّٰرَٰءۡتُمۡ فِيهَاۖ وَٱللَّهُ مُخۡرِجٞ مَّا كُنتُمۡ تَكۡتُمُونَ 72 فَقُلۡنَا ٱضۡرِبُوهُ بِبَعۡضِهَاۚ كَذَٰلِكَ يُحۡيِ ٱللَّهُ ٱلۡمَوۡتَىٰ وَيُرِيكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَعۡقِلُونَ73﴾

තවද නුඹලා ආත්මයක් ඝාතනය කොට පසුව එම විෂයෙහි නුඹලා එකිනෙකා අතර (වරද පටවා) වාද කරමින් සිටි අවස්ථාව සිහිපත් කරනු. නුඹලා වසන් කරමින් සිටි දෑ අල්ලාහ් හෙළි කරන්නා ය. එවිට අපි කිවෙමු, එයෙහි කොටසකින් එය පහර දෙන්න. එසේ අල්ලාහ් මළවුන් නැවත ජීවිතයට පත්කරන්නා ය. ඔහුගේ ලකුණු නුඹලාට පෙන්වන්නා ය, නුඹලා අවබෝධ කරගනිත්වා. (අල් බකරා: 72-73)

තුන්වන උදාහරණය: ඔවුන් දහස් ගණනින් සිටියදී මරණයට බියෙන් තම නිවෙස්වලින් බැහැරව ගිය පිරිස සම්බන්ධයෙන් වූ කතා වස්තුව: අල්ලාහ් ඔවුන් මරණයට පත් කළේය. පසුව ඔවුනට ඔහු යළි ජීවය ලබා දුන්නේය. ඒ සම්බන්ධයෙන් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර සිටියි:

﴿أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ خَرَجُواْ مِن دِيَٰرِهِمۡ وَهُمۡ أُلُوفٌ حَذَرَ ٱلۡمَوۡتِ فَقَالَ لَهُمُ ٱللَّهُ مُوتُواْ ثُمَّ أَحۡيَٰهُمۡۚ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ 243﴾

ඔවුන් දහස් ගණනින් සිටිය දී මරණයට බියෙන් තම නිවෙස්වලින් බැහැරව ගියවුන් දෙස නුඹ නො බැලුවෙහි ද? එවිට ‘නුඹලා මිය යනු’ යැයි අල්ලාහ් ඔවුනට පැවසුවේ ය. පසුව ඔහු ඔවුනට යළි ජීවය දුන්නේ ය. නියත වශයෙන් ම අල්ලාහ් ජනයා වෙත භාග්‍ය සම්පන්නයා ය. එහෙත් ජනයාගෙන් බහුතරය කෘතවේදී නො වෙති. (අල් බකරා: 243)

හතරවන උදාහරණය: ගරා වැටුනු භූමියක් අසලින් ගමන් ගත් අයකුගේ කතා වස්තුවයි. උත්තරීතර අල්ලාහ් එය නැවතත් ප්‍රාණවත් නොකරනු ඇතැයි ඔහු සිතුවේය. එවිට අල්ලාහ් ඔහුව වසර සියයක් මරණයට පත් කර පසුව ඔහුට යළි ජීවය ලබා දුන්නේය. මේ සම්බන්ධයෙන් අල්ලාහ් මෙසේ පවසයි:

﴿أَوۡ كَٱلَّذِي مَرَّ عَلَىٰ قَرۡيَةٖ وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا قَالَ أَنَّىٰ يُحۡيِۦ هَٰذِهِ ٱللَّهُ بَعۡدَ مَوۡتِهَاۖ فَأَمَاتَهُ ٱللَّهُ مِاْئَةَ عَامٖ ثُمَّ بَعَثَهُۥۖ قَالَ كَمۡ لَبِثۡتَۖ قَالَ لَبِثۡتُ يَوۡمًا أَوۡ بَعۡضَ يَوۡمٖۖ قَالَ بَل لَّبِثۡتَ مِاْئَةَ عَامٖ فَٱنظُرۡ إِلَىٰ طَعَامِكَ وَشَرَابِكَ لَمۡ يَتَسَنَّهۡۖ وَٱنظُرۡ إِلَىٰ حِمَارِكَ وَلِنَجۡعَلَكَ ءَايَةٗ لِّلنَّاسِۖ وَٱنظُرۡ إِلَى ٱلۡعِظَامِ كَيۡفَ نُنشِزُهَا ثُمَّ نَكۡسُوهَا لَحۡمٗاۚ فَلَمَّا تَبَيَّنَ لَهُۥ قَالَ أَعۡلَمُ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ 259﴾

එසේ නොමැති නම් එහි වහලවල් මත කඩා වැටී තිබූ ගමක් මතින් ගමන් ගත් අයෙකු මෙනි. (ඔහු ගැන ද නුඹ නො බැලුවෙහි ද?) ‘ඔහු මෙය මිය ගිය පසු මෙයට ප්‍රාණය දෙන්නේ කෙසේ දැ?’ යි විමසුවේ ය. එවිට අල්ලාහ් ‘වසර සියයක් ඔහුව මරණයට පත් කරවා පසුව ඔහුව අවදි කොට නුඹ කොපමණ කලක් රැඳී සිටියෙහි දැ?’ යි විමසුවේ ය. ‘දිනක් හෝ දිනක කොටසක් මම රැඳී සිටියෙමි’ යැයි ඔහු පැවසුවේ ය. ‘නැත නුඹ වසර සියයක් රැඳී සිටියෙහි ය. දැන් නුඹ නුඹේ ආහාරය හා නුඹේ පානය දෙස බලනු. එය නරක්වී නැත. තවද නුඹේ බූරුවා දෙස බලනු. (මෙය) ජනයාට නුඹව සලකුණක් වශයෙන් අප පත් කරනු පිණිස ය. තවද අප එම අස්ථි එක් රැස් කොට පසුව එය මසින් අන්දවනුයේ කෙසේ දැ? යි බලනු.’ ඔහුට පැහැදිලි වූ කල්හි ‘සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා’ යැයි මම දැන ගත්තෙමි යැයි ඔහු පැවසුවේ ය. (අල් බකරා: 259)

පස්වන උදාහරණය: මිතුරු ඉබ්රාහීම්ගේ කතාවස්තුවේ සඳහන් පරිදිය. හෙතෙම මිය ගිය ඇත්තන් යළි ජීවය ලබන්නේ කෙසේදැ?යි තමන්ට පෙන්වන මෙන් උත්තරීතර අල්ලාහ්ගෙන් ඉල්ලා සිටියේය. එවිට අල්ලාහ් කුරුල්ලන් සිව් දෙනෙකු ගෙන, උන් කපා, ඒවායෙහි කොටස් අවට ඇති කඳු අතර වෙන් කර තබා, පසුව ඒවා කැඳවන මෙන් නියෝග කළේය. පසුව එම කොටස් එකිනෙකට බැඳී නැවත සැකසී ඉබ්රාහීම් වෙත පැමිණියේය. ඒ සම්බන්ධයෙන් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿وَإِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّ أَرِنِي كَيۡفَ تُحۡيِ ٱلۡمَوۡتَىٰۖ قَالَ أَوَلَمۡ تُؤۡمِنۖ قَالَ بَلَىٰ وَلَٰكِن لِّيَطۡمَئِنَّ قَلۡبِيۖ قَالَ فَخُذۡ أَرۡبَعَةٗ مِّنَ ٱلطَّيۡرِ فَصُرۡهُنَّ إِلَيۡكَ ثُمَّ ٱجۡعَلۡ عَلَىٰ كُلِّ جَبَلٖ مِّنۡهُنَّ جُزۡءٗا ثُمَّ ٱدۡعُهُنَّ يَأۡتِينَكَ سَعۡيٗاۚ وَٱعۡلَمۡ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ 260﴾

තවද ‘මාගේ පරමාධිපතියාණනි! මියගියවුන්ට නුඹ ජීවය දෙන්නේ කෙසේ දැ? යි මට පෙන්වනු’ යැයි ඉබ්රාහීම් පැවසූ විට, ‘නුඹ විශ්වාස නො කළෙහි දැ?’ යි ඔහු විමසුවේ ය. ‘එසේය (මම විශ්වාස කළෙමි) එනමුත් මාගේ හදවත සන්සුන් වනු පිණිස’ යැයි ඔහු පැවසුවේ ය. ‘එසේ නම් පක්ෂීන් සිව් දෙනෙකු ගෙන, උන් කැබලි කර ඔබ වෙත තබා ගනු. පසුව ඒවායින් කොටසක් (බැගින්) සෑම කන්දක් මත ම තබනු. පසුව නුඹ උන් කැඳවනු. ඒවා නුඹ වෙත කඩිනමින් පැමිණෙනු ඇත. තවද සැබැවින් ම අල්ලාහ් සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත බව දැන ගනු.’ (අල් බකරා: 260)

මෙම (හැඟීම් දන්වන) සංවේදී සිදුවීම් සහිත උදාහරණ, මිය ගිය ඇත්තන් යළි අවදි කිරීමට හැකියාව ඇතැයි යන්න පෙන්වා දෙයි. එමෙන්ම මර්යම්ගේ පුත් ඊසාට හිමි වූ ප්‍රතිහාර්යයන් අතරින්, උත්තරීතර අල්ලාහ්ගේ අනුමැතියෙන්, මිය ගිය ඇත්තන්ට ප්‍රාණය දී ඔවුන්ගේ මිනීවලවල් තුළින් බැහැර කිරීමේ සිද්ධිය පිළිබඳව ද කලින් පෙන්වා දී ඇත.

බුද්ධිමය සාධක නම්: එය ක්‍රම දෙකකින් පිහිටයි:

පළමුවැන්න: සැබැවින්ම අහස් හා මහපොළොව සහ ඒ දෙකෙහි ඇති දෑ නිර්මාණය කළේත්, ඒ දෙක ආරම්භයේ උත්පාදනය කළේත් උත්තරීතර අල්ලාහ්ය. එම මැවීම් ආරම්භ කිරීමට බලය ඇත්තාට, ඒවා නැවත ගෙන ඒම අපොහොසත් වන්නේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿وَهُوَ ٱلَّذِي يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَهُوَ أَهۡوَنُ عَلَيۡهِۚ...﴾

තවද මැවීම ප්‍රථමෝත්පාදනය කර පසුව එය ප්‍රතිඋත්පාදනය කරනුයේ ඔහු ය. එය ඔහුට සරල කාර්යයකි. (අර් රූම්: 27) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿...كَمَا بَدَأۡنَآ أَوَّلَ خَلۡقٖ نُّعِيدُهُۥۚ وَعۡدًا عَلَيۡنَآۚ إِنَّا كُنَّا فَٰعِلِينَ﴾

"මුල්වරට අපි මැවීම් ආරම්භ කළාක් මෙන් එය නැවත ගෙන එන්නෙමු. එය අප වෙත පැවරුණු ප්‍රතිඥාවක් වශයෙනි. නියත වශයෙන් ම අපි එය සිදු කරන්නන් වූයෙමු." (අල් අන්බියා: 104) තවදුරටත්, අස්ථි දිරා ගිය තත්ත්වයේ, ඒවාට යළි ජීවය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රතික්ෂේප කළ අයට ප්‍රතිචාර දක්වමින් මෙසේ පවසා සිටියි:

﴿قُلۡ يُحۡيِيهَا ٱلَّذِيٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٖۖ وَهُوَ بِكُلِّ خَلۡقٍ عَلِيمٌ 79﴾

“මුල් වරට එය නිර්මාණය කළ අය එයට ජීවය දෙනු ඇත. තවද ඔහු සියලු මැවීම් පිළිබඳව සර්වඥානීය” යැයි (නබිවරය!) නුඹ පවසනු. (යාසීන්: 79)

දෙවැන්න: භූමිය වියළී ගොස් ප්‍රාණවත් නොමැති මිය ගිය තත්ත්වයට පත් වෙයි. එහි සරුසාර ගහකොළ දකින්නට නොලැබේ. පසුව ඒ මත වරුසාවක් පතිත වෙයි. ඒ සමගම හරිතබව සජීවීව විකසිත වෙයි. එහි සියලුම ආකාරයේ සාරවත් බවභෝග දකින්නට ලැබෙයි. එසේ එම භූමිය මිය ගිය පසු යළි ප්‍රාණවත් කිරීමට බලය ඇත්තා, මිය ගිය ඇත්තන්ට යළි ජීවය ලබා දෙන්නටත් බලය ඇත්තාය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلۡأَرۡضَ خَٰشِعَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡۚ إِنَّ ٱلَّذِيٓ أَحۡيَاهَا لَمُحۡيِ ٱلۡمَوۡتَىٰٓۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ 39﴾

තවද මුඩු ලෙස ඔබ දකින මහපොළොව ද ඔහුගේ සංඥා අතරිනි. අපි ඒ මත ජලය පහළ කළ විට එය විකසිත වී වැඩෙයි. නියත වශයෙන් ම ඒවාට ජීවය දුන් අය මළවුන්ට ද ජීවය දෙන්නාම ය. නියත වශයෙන් ම ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තා ය. (ෆුස්සිලත්: 39) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿وَنَزَّلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ مُّبَٰرَكٗا فَأَنۢبَتۡنَا بِهِۦ جَنَّٰتٖ وَحَبَّ ٱلۡحَصِيدِ 9 وَٱلنَّخۡلَ بَاسِقَٰتٖ لَّهَا طَلۡعٞ نَّضِيدٞ 10 رِّزۡقٗا لِّلۡعِبَادِۖ وَأَحۡيَيۡنَا بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗاۚ كَذَٰلِكَ ٱلۡخُرُوجُ 11﴾

"තවද අපි අහසින් ආශිර්වාද ලත් ජලය පහළ කළෙමු. එමගින් අපි වතු යායන් හා නෙළන බීජ ද හට ගැන්වූයෙමු." (9), "තවද එහි එකිනෙකට ඇමුණුනු වලු සහිත උසින් පවතින ඉඳි ගස් ද (අපි හට ගැන්වූයෙමු.)" (10), "(එය) ගැත්තන්හට පෝෂණයක් වශයෙනි. තවද අපි එමගින් මියගිය භූමියක් ප්‍රාණවත් කළෙමු. (මිනි වළෙන්) බැහැර වීම ද එලෙසය." (11) (කාෆ්: 9-11)

මිය ගිය පසු සිදුවන සෑම දෙයක් ගැනම විශ්වාස කිරීමත් අවසන් දිනය ගැන විශ්වාස කිරීම හා බැඳේ. උදාහරණ වශයෙන්:

(අ) කබ්ර්හි අර්බුදය: මිය ගිය තැනැත්තෙකු වළ දැමූ පසුව ඔහුගේ පරමාධිපති ගැනත්, ඔහුගේ දහම හා නබිවරයාණන් ගැනත් ඔහුගෙන් විමසීම. දේවත්වය විශ්වාස කළවුන්ට ස්ථීර ප්‍රකාශය තුළින් අල්ලාහ් ස්ථාවර කරනු ඇත. එවිට ඔහු: මාගේ පරමාධිපතියාණන් අල්ලාහ්ය. මාගේ දහම ඉස්ලාමය වේ. මාගේ නබිවරයා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වේ යැයි පවසයි. අපරාධකරුවන් නොමග යන්නට අල්ලාහ් ඉඩ හරියි. දේවත්වය ප්‍රතික්ෂේප කළ තැනැත්තා: "අහෝ විපතක තරම! මම නොදනිමි" යැයි පවසයි. කුහකයා හා සැක කරන්නා: "මම නොදනිමි. මිනිසුන් ප්රකාශ කරන දෙයක් අසා, පවසා සිටියෙමි" යැයි පවසයි.

(ආ) මිනීවලෙහි වේදනාව හා එහි ඇති සුව පහසුකම්: කුහකයින් හා දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් අතරින් අපරාධකරුවන්හට එය මෙසේ පවතී. උත්තරීතර අල්ලාහ් පවසයි:

﴿...وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلظَّٰلِمُونَ فِي غَمَرَٰتِ ٱلۡمَوۡتِ وَٱلۡمَلَٰٓئِكَةُ بَاسِطُوٓاْ أَيۡدِيهِمۡ أَخۡرِجُوٓاْ أَنفُسَكُمُۖ ٱلۡيَوۡمَ تُجۡزَوۡنَ عَذَابَ ٱلۡهُونِ بِمَا كُنتُمۡ تَقُولُونَ عَلَى ٱللَّهِ غَيۡرَ ٱلۡحَقِّ وَكُنتُمۡ عَنۡ ءَايَٰتِهِۦ تَسۡتَكۡبِرُونَ﴾

තවද අපරාධකරුවන් මරණ වේදනාවෙහි සිටින අවස්ථාව නුඹ දකින්නෙහි නම් මලක්වරු තම අත් විහිදුවා "නුඹලාගේ ප්‍රාණ නුඹලා ම බැහැර කර ගනු" (යැයි පවසනු නුඹ දකිනු ඇත.) අල්ලාහ් කෙරෙහි සත්‍ය නො වන දෑ නුඹලා පවසමින් සිටි හෙයින් ද ඔහුගේ වදන් පිළිබඳව අහංකාරකමින් සිටි බැවින් ද අද දින නින්දිත දඬුවම ප්‍රතිවිපාක වශයෙන් දෙනු ලබන්නෙහු ය. (අල් අන්ආම්: 93)

උත්තරීතරයාණෝ ෆිර්අවුන්ගේ පිරිස පිළිබඳ මෙසේ පවසයි:

﴿ٱلنَّارُ يُعۡرَضُونَ عَلَيۡهَا غُدُوّٗا وَعَشِيّٗاۚ وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ أَدۡخِلُوٓاْ ءَالَ فِرۡعَوۡنَ أَشَدَّ ٱلۡعَذَابِ 46﴾

"(නිරයේ) ගින්න, ඒ වෙත ඔවුන් උදේ සවස ඉදිරිපත් කරනු ලබති. එම හෝරාව සිදුවන දින “ෆිර්අවුන්ගේ සේනාව දැඩි දඬුවමට ඇතුළත් කරනු.” (යැයි අණ කරනු ලැබේ.)" (ඝාෆිර්: 46)

සහීහ් මුස්ලිම් හි මෙසේ වාර්තා වේ: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සෙයිද් ඉබ්නු සාබිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

«فَلَوْلَا أَنْ لَا تَدَافَنُوا لَدَعَوْتُ اللَّهَ أَنْ يُسْمِعَكُمْ مِنْ عَذَابِ الْقَبْرِ الَّذِي أَسْمَعُ مِنْهُ».

"නුඹලා වල දමනු නොලබන්නෙහු නම්, මා සවන් දෙන කබ්ර් හි වේදනාව නුඹලාට ද සවන් වැකෙන්නට සළස්වන මෙන් මම අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමි." පසුව එතුමාණෝ තමාගේ මුහුණ ඔවුන් දෙසට  මෙසේ පැවසූහ:

«تَعَوَّذُوا بِاللَّهِ مِنْ عَذَابِ النَّارِ».

"අපා ගින්නේ දඬුවමෙන් ආරක්ෂාව ඔබ අල්ලාහ්ගෙන් පතන්න" ඔවුහු: “අපා ගින්නේ දඬුවමෙන් ආරක්ෂා්ෂා ව අල්ලාහ්ගෙන් පතමු,” යැයි පවසති. ඔහු මෙසේ පැවසීය:

«تَعَوَّذُوا بِاللَّهِ مِنْ عَذَابِ الْقَبْرِ».

"කබ්ර් හෙවත් මිනීවලෙහි වේදනාවෙන් ආරක්ෂාව ඔබ අල්ලාහ්ගෙන් පතන්න." ඔවුහු: "මිනීවලෙහි දඬුවමෙන් ආරක්ෂාව අපි අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිමු" යැයි පැවසුවෝය. ඔහු මෙසේ පැවසීය:

«تَعَوَّذُوا بِاللَّهِ مِنَ الْفِتَنِ، مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ».

"අර්බුද හා එහි මතුපිටින් පෙනෙන සහ සැඟවී පවතින දැයින් ආරක්ෂාව ඔබ අල්ලාහ්ගෙන්  පතන්න." ඔවුහු: "අර්බුද, එහි මතුපිටින් දක්නට ඇති හා සැඟව පවතින දැයින් ආරක්ෂාව අපි අල්ලාහ්ගෙන් පතමු" යැයි පවසා සිටියෝය. ඔහු පැවසීය:

«تَعَوَّذُوا بِاللَّهِ مِنْ فِتْنَةِ الدَّجَّالِ».

"දජ්ජාල්ගේ අර්බුදයෙන් ආරක්ෂාව ඔබ අල්ලාහ්ගෙන් පතන්න" ඔවුහු මෙසේ පැවසූහ: “දජ්ජාල්ගේ අර්බුදයෙන් ආරක්ෂාව අපි අල්ලාහ්ගෙන් පතමු.”17.

කබ්ර් හි සුව පහසුකම් වනාහි: දේවත්වය විශ්වාස කළ සත්යවාදීන්හට උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿إِنَّ ٱلَّذِينَ قَالُواْ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسۡتَقَٰمُواْ تَتَنَزَّلُ عَلَيۡهِمُ ٱلۡمَلَٰٓئِكَةُ أَلَّا تَخَافُواْ وَلَا تَحۡزَنُواْ وَأَبۡشِرُواْ بِٱلۡجَنَّةِ ٱلَّتِي كُنتُمۡ تُوعَدُونَ 30﴾

“නියත වශයෙන්ම අපගේ පරමාධිපති අල්ලාහ්” යැයි පවසා පසු ව (එහි) ස්ථාවර ව සිටියවුන් වන ඔවුන් වෙත “නුඹලා බිය නොවනු. තවද දුක් නොවනු. තවද නුඹලාට ප්‍රතිඥා දෙනු ලබමින් සිටි ස්වර්ගය පිළිබඳ ප්‍රීති වනු” යැයි (පවසමින්) මලක්වරුන් පහළ වනු ඇත." (ෆුස්සිලත්: 30)

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿فَلَوۡلَآ إِذَا بَلَغَتِ ٱلۡحُلۡقُومَ 83 وَأَنتُمۡ حِينَئِذٖ تَنظُرُونَ 84 وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنكُمۡ وَلَٰكِن لَّا تُبۡصِرُونَ 85 فَلَوۡلَآ إِن كُنتُمۡ غَيۡرَ مَدِينِينَ 86 تَرۡجِعُونَهَآ إِن كُنتُمۡ صَٰدِقِينَ 87 فَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُقَرَّبِينَ 88 فَرَوۡحٞ وَرَيۡحَانٞ وَجَنَّتُ نَعِيمٖ 89﴾

"(ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට" (83), "නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහුය." (84), "තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් සිටිමු. නමුත් නුඹලා නොදකිනු ඇත." (85), "එහෙයින් නුඹලා නැවත නැගිටුවනු

නොලබන්නන්නෙහු යැයි (සිතන්නෙහු) නම්;" (86), "නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය (ප්‍රාණය) නැවත ගෙන එනු." (87), "ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතරින් වූයේ නම්" (88), "සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද (ඔහුට) ඇත." (89) (අල්-වාකිආ: 83-89).

අල් බරා ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මුඃමින්වරයකු සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කර සිටියදී, හෙතෙම ඔහුගේ කබ්ර්හි මලක්වරුන් දෙදෙනාට පිළිතුරු දෙන අවස්ථාවේ:

«يُنَادِي مُنَادٍ مِنَ السَّمَاءِ: أَنْ صَدَقَ عَبْدِي، فَافْرِشُوهُ مِنَ الْجَنَّةِ، وَأَلْبِسُوهُ مِنَ الْجَنَّةِ، وَافْتَحُوا لَهُ بَابًا إِلَى الْجَنَّةِ، قَالَ: فَيَأْتِيهِ مِنْ رَوْحِهَا وَطِيبِهَا، وَيُفْسَحُ لَهُ فِي قَبْرِهِ مَدَّ بَصَرِهِ».

"අහසින් නිවේදකයකු අමතා: “මාගේ ගැත්තා සත්‍යය පැවසීය. ස්වර්ග ඇතිරිලි ඔහුට එලන්න. ස්වර්ග ඇඳුමින් ඔහු සරසන්න. ස්වර්ගය වෙත වූ දොරටුවක් ඔහු වෙනුවෙන් විවෘත කරන්න” යැයි පවසයි; පසුව එහි ප්‍රාණවත් බවත් සුගන්ධයත් ඔහු වෙත ගෙන එනු ඇත. ඔහු ඇස් හෙළන තරමට ඔහුගේ කබ්රය ඔහුට විශාල කරනු ඇත." මෙය අහ්මද් සහ අබූ දාවූද් විසින් දිගු හදීසයක වාර්තා කර ඇත.18.

අපගමනය වූ ඇතැම්හු නොමඟ ගොස් ඇති අතර, ඔවුන් කබ්ර්හි වේදනාව හා සුඛස්වාදය ගැන ප්‍රතික්ෂේප කරති. එය යථාර්ථයට පටහැනි බැවින් මෙය සිදුවිය නොහැක්කක් බව පවසන අතරම, මිය ගියවුන්ගේ මිනීවල නිරාවරණය කළේ නම් එය කිසිදු පුළුල් කිරීමකින් හෝ පටු කිරීමකින් තොරව තිබූ තත්ත්වයෙන්ම දකින්නට ලැබේ යැයි පවසති.

මෙම විශ්වාසය දහමට, සංවේදයට හා බුද්ධියට ව්යාජ මතයකි.

දහම: කබ්ර්හි වේදනාව හා එහි ඇති සුඛස්වාදය ගැන පෙන්වා දෙන මූලාශ්‍ර ඉහතින් සඳහන් කෙරී ඇත.

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයක් සහීහ් අල්-බුහාරි හි මෙසේ සඳහන් වේ. "මදීනාවේ පිහිටි තාප්පයක් අසළින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිටත්ව ගිය අවස්ථාවේ එහි තිබූ මිනීවලවල් දෙකක වේදනා කරනු ලබන මිනිසුන් දෙදෙනකුගේ හඬ එතුමාණන්ගේ සවනට වැකිණි." එම හදීසය සඳහන් කිරීමේදී එහි:

«أَنَّ أَحَدَهُمَا كَانَ لَا يَسْتَتِرُ مِنَ الْبَوْلِ».

"ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු මුත්‍රා කිරීමෙන් පසු නිසි ලෙස පිරිසිදු නොකළ අයෙකි." තවත් වාර්තාවක:

«مِنْ بَوْلِهِ».

‘තම මුත්‍රාවෙන්’.

«وَأَنَّ الْآخَرَ كَانَ يَمْشِي بِالنَّمِيمَةِ».

"තවද අනෙක් තැනැත්තා කේලාම් කියමින් සැරිසරමින් සිටි අයෙකි." තවද මුස්ලිම් හි වාර්තාවක මෙසේ සඳහන් වේ.

«لَا يَسْتَنْزِهُ مِنَ الْبَوْلِ».

«මූත්‍රා කිරීමෙන් පසු පිරිසිදු කර නොගත් අයකි.»19.

සංවේදිතාව: සැබැවින්ම නිදන්නා ඔහුගේ සිහිනයෙහි පුළුල් සැපපහසුකම් ඇති ස්ථානයක පසුවන අයුරු හා එහි ඔහු භුක්ති විඳින අයුරු දකිනු ඇත. එසේ නැතහොත් ඔහු පටු පාළු තැනක සිට එහි වේදනාවනට ලක්වීම දකිනු ඇත. ඇතැම් විට ඔහු දකින දෑ සමගම අවදි වෙයි. නමුත්, ඒ සමගම ඔහු සිටිනුයේ ඔහුගේ කාමරයේ, ඔහු සිටින තත්ත්වයේමය. නින්ද යනු මරණයේ සහෝදරයාය. එබැවින් අල්ලාහ් එයට 'වෆාත්' යන නාමය නම් කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿ٱللَّهُ يَتَوَفَّى ٱلۡأَنفُسَ حِينَ مَوۡتِهَا وَٱلَّتِي لَمۡ تَمُتۡ فِي مَنَامِهَاۖ فَيُمۡسِكُ ٱلَّتِي قَضَىٰ عَلَيۡهَا ٱلۡمَوۡتَ وَيُرۡسِلُ ٱلۡأُخۡرَىٰٓ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّى...﴾

ආත්මාවන් ඒවා මරණයට පත් වන මොහොතේ ද නින්දේදී මරණයට පත් නො වූ දෑ ද අත්පත් කර ගන්නේ අල්ලාහ් ය. කවර ආත්මයක් මත මරණය තීන්දු කළේ ද එය ඔහු රඳවා තබා ගනී. සෙසු දෑ නියම කරන ලද කාලයක් දක්වා ඔහු එවනු ඇත. (අස්-සුමර්: 42)

බුද්ධියේ සාක්ෂි: නිදා සිටින පුද්ගලයා ඔහුගේ සිහිනයේ යථාර්ථයට අනුරූප වන සැබෑ දර්ශනය දකී. ඇතැම් විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව එතුමාණන්ගේ හැඩරුවෙන්ම දකී. කවරෙකු එතුමාණන්ව එතුමාණන්ගේ හැඩරුවෙන් දකින්නේ ද ඔහු එතුමාණන්ව සැබෑ ලෙසින් දුටු අයකු වේ. කෙසේ වෙතත්, කාමරයේ ඇඳ මත නිදා සිටින පුද්ගලයා ඔහු සිහිනින් දුටු දැයින් බොහෝ ඈතක සිටියි. මෙලොව තත්ත්වයන් තුළ එසේ වීමට හැකියාව ඇත්නම්, මතුලොව තත්ත්වයන්හි එසේ වීමට හැකි නොවන්නේද?

'මිනී වලෙහි තැන්පත් කර ඇති දේහය නිරාවරණය කළේ නම්, එය තිබූ තත්ත්වයෙන්ම කිසිදු විශාල වීමකින් හෝ පටු වීමකින් හෝ වෙනස් නොවී පවතිනු දකින්නට ලැබේ' යන ඔවුන්ගේ විශ්වාසය මත එල්බගෙන සිටීම පිළිබඳ වූ කලී: ඒ සඳහා විවිධ පිළිතුරු සඳහන් වන අතර ඒවායින් සමහරක් මෙසේය:

පළමුවැන්න: දහම කවර කරුණක් ගෙන ආවේ ද, බලවත් සැකයක් සමග එයට විරුද්ධ වීම සුදුසු නොවන්නේය. දහම කවර කරුණක් ගෙන ආවේ ද, සිතුවිල්ලට එන එම විරුද්ධ කරුණ සම්බන්ධයෙන් යථාර්ථවාදීව සැබෑ ලෙස සිතා බලන්නේ නම්, එම සැකයන් ව්යාජ බව දැන ගන්නට ලැබේ. කියමනක මෙසේ සඳහන් වේ.

නිවැරදි ප්‍රකාශයක් උදෙසා දොස් කියන්නන් කොතරම් ද!

එවන් බරපතලකමෙහි හේතුව, දුර්වල අවබෝධයයි.

දෙවැන්න: සැබැවින්ම මරණය හා යළි අවදි කරනු ලැබීම අතර පවතින බර්සහ්ඃ නොහොත් අන්තර්කාල ජීවිතය, බුද්ධියට ගෝචර නොවන ගුප්ත කරුණු අතරිනි. එය බුද්ධියට ගෝචරය වී නම් ගුප්ත දෑ පිළිබඳ විශ්වාස කිරීමේ ඵලය නැති වී යනු ඇත. එමෙන්ම ගුප්ත දෑ පිළිබඳ විශ්වාස කරන්නන් හා එය ප්‍රතික්ෂේප කරන්නන් සමාන තත්ත්වයට පත් වනු ඇත.

තුන්වැන්න: සැබැවින්ම දඬුවම, සුඛස්වාදය, මිනීවල පුළුල් වීම හා එය පටුවීම යනාදිය මරණයට පත්වන්නකු මිස වෙනත් කිසිවකු ලබන්නේ නැත. එය යමෙකු පාළු පටු ස්ථානයක හෝ එසේ නැතිනම් විශාල සැප පහසුකම් ඇති ස්ථානයක තමන් සිටිනා සේ නිදන්නා, තම සිහිනය තුළ දකින්නාක් මෙනි. නමුත් ඔහු අවට සිටින්නා එය නොදකින අතර ඒ ගැන ඔහුට වැටහෙන්නේ ද නැත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහගාමීන් අතර සිටිය දී එතුමාණන් වෙත දිව්ය පණිවිඩ පහළ වෙමින් තිබිණ. දිව්ය පණිවිඩයට එතුමාණන් සවන් දුන්න ද සහගාමීන් එයට ඍජුව සවන් දුන්නේ නැත. ඇතැම් විට මලක්වරයකු මිනිස් වේශයෙන් පැමිණ, එතුමාණන් සමග කතා කරයි. නමුත් සහගාමීන් එම මල්කවරයා දකින්නේ නැත. ඔහුට සවන් දෙන්නේ ද නැත.

සිව්වැන්න: සැබැවින්ම, මැවිල්ල පිළිබඳ අවබෝධය සීමා වී ඇත්තේ සර්වබලධාරී දෙවියන් වහන්සේ ඔවුන්ට අවබෝධ කර දී ඇති දෙයින් වන අතර, අහස් හත, පෘථිවිය සහ ඒවායේ සිටින සියල්ලන් සඳහා පවතින සෑම දෙයක්ම ඔවුන්ට තේරුම් ගත නොහැක. සෑම දෙයක්ම දෙවියන් වහන්සේගේ සැබෑ ප්රශංසාව උත්කර්ෂයට නංවන අතර සර්වබලධාරී දෙවියන් සමහර විට ඔහුගේ මැවිල්ල අතර කැමති ඕනෑම කෙනෙකුට එය සවන් වැකෙන්නට සළස්වයි. එහෙත්, එය අපෙන් ආවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿تُسَبِّحُ لَهُ ٱلسَّمَٰوَٰتُ ٱلسَّبۡعُ وَٱلۡأَرۡضُ وَمَن فِيهِنَّۚ وَإِن مِّن شَيۡءٍ إِلَّا يُسَبِّحُ بِحَمۡدِهِۦ وَلَٰكِن لَّا تَفۡقَهُونَ تَسۡبِيحَهُمۡۚ...﴾

අහස් හත හා මහපොළොව ද ඒවායෙහි සිටින අය ද ඔහුව සුවිශුද්ධ කරයි. ඔහුගේ ප්‍රශංසාව තුළින් ඔහුව සුවිශුද්ධ නො කරන කිසිවක් නැත. එහෙත් ඔවුන් සුවිශුද්ධ කරන අයුරු නුඹලා වටහා නො ගන්නෙහු ය. (අල්-ඉස්රා: 44) ෂෙයිතානුන්, ජින්නුන් වැනි අදෘශ්යමාන දෑ ද මිහිතලයේ එහා මෙහා ගමන් කරමින් සිටිති. ජින්නුන්, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ, එතුමාණන්ගේ අල් කුර්ආන් පාරායනයට නිහඬව සවන් දුන්නෝය. පසුව ඔවුන්ගේ සමූහයා වෙත අවවාද කරන්නන් ලෙස හැරී ගියෝය. එසේ තිබියදීත්, ඔවුන් අපෙන් ආවරණය වී ඇත. ඒ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿يَٰبَنِيٓ ءَادَمَ لَا يَفۡتِنَنَّكُمُ ٱلشَّيۡطَٰنُ كَمَآ أَخۡرَجَ أَبَوَيۡكُم مِّنَ ٱلۡجَنَّةِ يَنزِعُ عَنۡهُمَا لِبَاسَهُمَا لِيُرِيَهُمَا سَوۡءَٰتِهِمَآۚ إِنَّهُۥ يَرَىٰكُمۡ هُوَ وَقَبِيلُهُۥ مِنۡ حَيۡثُ لَا تَرَوۡنَهُمۡۗ إِنَّا جَعَلۡنَا ٱلشَّيَٰطِينَ أَوۡلِيَآءَ لِلَّذِينَ لَا يُؤۡمِنُونَ 27﴾

ආදම්ගේ දරුවනි! නුඹලාගේ දෙමාපියන් ස්වර්ග උයනින් බැහැර කෙරෙව්වාක් මෙන් ෂෙයිතාන් නුඹලාව අර්බුදයට පත් නො කළ යුතු ය. ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට පෙන්වීම පිණිස ඔවුන් දෙදෙනාගේ වස්ත්‍ර ඔවුන් දෙදෙනාගෙන් ඔහු ගලවා දැමී ය. නියත වශයෙන් ම නුඹලා ඔවුන්ව නො දකින පරිදි ඔහු හා ඔහුගේ කණ්ඩායම නුඹලාව දකිනු ඇත. (සත්‍යය) විශ්වාස නො කරන්නන්හට හිත මිතුරන් ලෙස නියත වශයෙන් ම අපි ෂෙයිතානුන් පත් කළෙමු. (අල්-අඃරාෆ් :27) පවතින සැම දෙයක්ම මැවීම්වලට ග්රහණය කර ගත නොහැකි නම්, ගුප්ත කරුණු අතරින් තහවුරු කරන ලද ඔවුන් එය අවබෝධ කර නොගත් දෑ ඔවුන් ප්‍රතික්ෂේප කිරීම ඔවුනට සුදුසු වන්නේ නැත.

 

'කද්ර්' හෙවත් පෙරනියමය පිළිබඳ විශ්වාසය.

අල්ලාහ්ගේ පූර්ව දැනුම හා ඔහුගේ ප්‍රඥාවට අනුව මැවීම් සඳහා උත්තරීතර අල්ලාහ් විසින් නියම කළ නිර්ණායකයන්ය.

'කද්ර්' හෙවත් පෙර නියමය පිළිබඳ විශ්වාසය කරුණු හතරකින් සමන්විත වේ.

පළමුවැන්න: සෑම කරුණක් ගැනම, එය ඔහුගේ ක්‍රියාවන් සමඟ බැඳුණු කරුණක් වුව ද එසේ නැතහොත් ඔහුගේ ගැත්තන්ගේ ක්‍රියාවන් සමග බැඳුණ කරුණක් වුව ද, සමස්තයක් ලෙස හා විස්තරාත්මකව, කවදත් නිරන්තරයෙන්ම මැනවින් දැන සිටින්නේ අල්ලාහ් බව විශ්වාස කිරීම.

දෙවැන්න: සැබැවින්ම අල්ලාහ් එය 'ලව්හුල් මහ්ෆූළ්' හෙවත් ආරක්ෂක ඵලකයේ සටහන් කර ඇති බව විශ්වාස කිරීම. මෙම කරුණු දෙක සම්බන්ධයෙන් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِنَّ ذَٰلِكَ فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ 70﴾

(නබිවරය!) නියත වශයෙන් ම අල්ලාහ් අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹ නො දන්නෙහි ද? නියත වශයෙන් ම එය (ලව්හුල් මහ්ෆූල් හෙවත්) දේව සටහනෙහි විය. නියත වශයෙන් ම අල්ලාහ් වෙත එය පහසු කාර්යයකි. (අල්-හජ් :70)

සහීහ් මුස්ලිම්හි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු අල්-ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී:

«كَتَبَ اللَّهُ مَقَادِيرَ الْخَلَائِقِ قَبْلَ أَنْ يَخْلُقَ السَّمَوَاتِ وَالْأَرْضَ بِخَمْسِينَ أَلْفَ سَنَةٍ».

"සැබැවින්ම අල්ලාහ් අහස් හා මහපොළොව මැවීමට වසර පනස් දහසකට පෙරම මැවීම්වල පෙර නියමයන් ලිව්වේය."20.

තුන්වැන්න: සිදුවීම් සියල්ල එය කෙනෙකුගේ ක්‍රියාව හා බැඳුණු කරුණක් වුව ද, මැවීම්වල ක්‍රියාවක් හා බැඳුණු වුව ද, අල්ලාහ්ගේ අභිමතයෙන් තොරව කිසිවක් සිදු වන්නේ නැත යැයි විශ්වාස කිරීම. උත්තරීතර අල්ලාහ් තම ක්‍රියාවන් හා බැඳුණු කරුණු සම්බන්ධයෙන් මෙසේ පවසයි:

﴿وَرَبُّكَ يَخۡلُقُ مَا يَشَآءُ وَيَخۡتَارُۗ...﴾

තවද ඔබේ පරමාධිපති ඔහුට අභිමත දෑ මවන්නේ ය. ඔහු තෝරා ගන්නේ ය. (අල්-කසස්: 68) තවද ඔහු (අල්ලාහ්) මෙසේ පැවසීය:

﴿...وَيَفۡعَلُ ٱللَّهُ مَا يَشَآءُ﴾

"තවද අල්ලාහ් තමන් අභිමත කරන දෑ සිදු කරයි..." (ඉබ්රාහීම්: 27) තවද ඔහු (අල්ලාහ්) මෙසේ පැවසීය:

﴿هُوَ ٱلَّذِي يُصَوِّرُكُمۡ فِي ٱلۡأَرۡحَامِ كَيۡفَ يَشَآءُۚ...﴾

"ගර්භාෂ තුළ නුඹලාව තමන් කැමති පරිදි හැඩ ගන්වන්නේ ඔහු ම ය..." (ආලු ඉම්රාන්: 6) මැවීම්වල ක්‍රියාවන් හා බැඳුණු කරුණු සම්බන්ධයෙන් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿...وَلَوۡ شَآءَ ٱللَّهُ لَسَلَّطَهُمۡ عَلَيۡكُمۡ فَلَقَٰتَلُوكُمۡۚ...﴾

අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා මත බලය පවත්වන්නන් බවට ඔවුන්ව ඔහු පත් කර පසුව ඔවුහු නුඹලා සමඟ සටන් වදින්නට තිබිණ. (අන් නිසා: 90) තවද ඔහු (අල්ලාහ්) මෙසේ පැවසීය:

﴿...وَلَوۡ شَآءَ رَبُّكَ مَا فَعَلُوهُۖ فَذَرۡهُمۡ وَمَا يَفۡتَرُون﴾

"... නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් ඔවුහු මෙය නො කරන්නට තිබුණි. එබැවින් ඔවුන්ව ද ඔවුන් ගොතන (අසත්‍ය) දෑ ද නුඹ අත හැර දමනු." (අල් අන්ආම්: 112)

සිව්වැන්න: සියලුම සිදුවීම්, එවායෙහි පැවැත්ම, ඒවායෙහි ගුණාංග හා චලනයන් අල්ලාහ් සතු මැවීම් බව විශ්වාස කිරීම. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ 62﴾

අල්ලාහ් සියලු දෑහි මැවුම්කරු ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරු ය. (අස්Zසුමර්: 62) තව ද උත්තරීතර අල්ලාහ් මෙසේ ද පවසා ඇත:

﴿...وَخَلَقَ كُلَّ شَيۡءٖ فَقَدَّرَهُۥ تَقۡدِيرٗا﴾

"... තවද ඔහු සියලු දෑ මැව්වේ ය. තවද එය නිර්ණයකින් නිර්ණය කළේ ය." (අල් ෆුර්කාන්: 2) ඉබ්රාහීම් (අලෙයිහිස් සලාම්) තුමා තම ප්‍රජාවට පැවසූ බවට අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿وَٱللَّهُ خَلَقَكُمۡ وَمَا تَعۡمَلُونَ 96﴾

තවද අල්ලාහ් නුඹලා සහ නුඹලා ඉදි කරන දෑ මවා ඇත්තේ ය. (අස්-සාෆ්ෆාත්: 96)

-අපි විස්තර කළ පරිදි- පෙර නියමය පිළිබඳ වූ විශ්වාසය ගැත්තාගේ ක්‍රියාවන් අතර, තෝරා ගැනීමේ නිදහස හෝ ඒ මත බලය යෙදවීමේ හැකියාව අහිමි කර නැත. ෂරීආ නීතිය හා යථාර්ථය එය සහතික කරමින් කරුණු දක්වයි.

ෂරීආ නීතය (දහම) ගත් කල: උත්තරීතර අල්ලාහ් තෝරා ගැනීමේ නිදහස පිළිබඳ මෙසේ පවසා සිටියි:

﴿...فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا﴾

එබැවින් යමෙක් අභිමත කරන්නේද ඔහු තම පරමාධිපති වෙත ආපසු යන මාර්ගය තෝරා ගනිත්වා! (අන්-නබඃ: 39) තවද ඔහු (අල්ලාහ්) මෙසේ පැවසීය:

﴿...فَأۡتُواْ حَرۡثَكُمۡ أَنَّىٰ شِئۡتُمۡۖ...﴾

"...නුඹලා කැමති පරිදි නුඹලාගේ කෙත වෙතට යනු..." (අල් බකරා: 223) 'කුද්‍රත්' හෙවත් ශක්තිය ගැන ඔහු මෙසේ පැවසීය:

﴿فَٱتَّقُواْ ٱللَّهَ مَا ٱسۡتَطَعۡتُمۡ وَٱسۡمَعُواْ وَأَطِيعُواْ...﴾

"එහෙයින් නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා සවන් දෙනු. තවද නුඹලා අවනත වනු..." (අත්-තඝාබුන්: 16) තවද ඔහු (අල්ලාහ්) මෙසේ පැවසීය:

﴿لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ لَهَا مَا كَسَبَتۡ وَعَلَيۡهَا مَا ٱكۡتَسَبَتۡۗ...﴾

"අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වෙනත් කිසිවක් පටවන්නේ නැත. එය ඉපැයූ දෑ එයට ය. එයට එරෙහිව ඉපැයූ දෑ ද එයට ය..." (අල්-බකරා: 286)

යථාර්ථය ගත් කල: සැබැවින්ම තමන්ට කැමැත්ත (තෝරා ගැනීමේ නිදහස) හා හැකියාව ඇති බව සෑම මිනිසෙකුම දනී. ඒ කරුණු දෙක අනුව ඔහු ක්රියා කරයි, නැතිනම් ඔහු එය අත්හැර දමයි. ඇවිදීම වැනි ඔහුගේ අභිමතය පරිදි සිදුවන දෑ හා වෙව්ලීම වැනි ඔහුගේ අභිමතයෙන් තොරව සිදුවන දෑ අතර ඔහු වෙන්කර හඳුනා ගනියි. නමුත් ගැත්තාගේ කැමැත්ත හා හැකියාව අල්ලාහ්ගේ කැමැත්ත හා ඔහුගේ බලය අනුව සිදු වෙයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿لِمَن شَآءَ مِنكُمۡ أَن يَسۡتَقِيمَ 28 وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ 29﴾

නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද එවැනි අයට ය. නුඹලා අභිමත කරන්නේ නැත, නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද එවැනි අයට ය. (අත්-තක්වීර්: 28-29) එය, මේ මුළු විශ්වයම උත්තරීතර අල්ලාහ්ට සතු බැවිණි. ඔහුගේ ආධිපත්යය තුළ ඔහුගේ දැනුමෙන් හා ඔහුගේ කැමැත්තෙන් තොරව කිසිවක් සිදු වන්නේ නැත.

අනිවාර්යය කටයුතු අත්හැර දැමීමට හෝ පාපකම් සිදු කිරීමට හෝ - අප විස්තර කළ පරිදි - පෙර නියමය පිළිබඳ වූ විශ්වාසය තර්කයක් ලෙස ගැත්තාට පිරිනමන්නේ නැත. ඒ අනුව එසේ එය තර්කයක් බවට පත් කර ගැනීම නන් අයුරින් ව්යාර්ත වන්නේය.

පළමුව: උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය මෙසේය:

﴿سَيَقُولُ ٱلَّذِينَ أَشۡرَكُواْ لَوۡ شَآءَ ٱللَّهُ مَآ أَشۡرَكۡنَا وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمۡنَا مِن شَيۡءٖۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ حَتَّىٰ ذَاقُواْ بَأۡسَنَاۗ قُلۡ هَلۡ عِندَكُم مِّنۡ عِلۡمٖ فَتُخۡرِجُوهُ لَنَآۖ إِن تَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ أَنتُمۡ إِلَّا تَخۡرُصُونَ 148﴾

"අල්ලාහ් අභිමත කර තිබුණේ නම් අපි ද අපගේ මුතුන්මිත්තන් ද ආදේශ නොකරන්නට තිබුණි. තවද කිසිවක් අප තහනම් නොකරන්නට තිබුණි" යැයි ආදේශ කළවුන් මතු පවසනු ඇත. මෙලෙස ඔවුනට පෙර සිටියවුන් ද අපගේ දඬුවම භුක්ති විඳින තෙක් බොරු කරමින් සිටියහ. එය අපහට දන්වා සිටින ආකාරයෙන් නුඹලා වෙත යම් දැනුමක් තිබේදැයි නුඹ විමසනු. නුඹලා අනුගමනය කරනුයේ අනුමානය මිස වෙනකක් නොවේ. තවද නුඹලා උපකල්පනය කරන්නන් මිස වෙනත් අය නොවෙති." (අල් අන්ආම්: 148) පූර්ව නියමයට එරෙහිව තර්කයක් ඔවුනට වී නම්, තම දඬුවම ඔවුන් විඳවන්නට අල්ලාහ් ඉඩ නොතබන්නට තිබුණි.

දෙවන: උත්තරීතරයාණන් මෙසේ ප්‍රකාශ කරයි:

﴿رُّسُلٗا مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى ٱللَّهِ حُجَّةُۢ بَعۡدَ ٱلرُّسُلِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمٗا 165﴾

"එම රසූල් වරුන්ට පසුව කිසිදු සාධකයක් අල්ලාහ්ට එරෙහි ව ජනයාට නොවනු පිණිස ඇතැම් රසූල්වරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙස සිටියහ. තවද අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත ය." (අන් නිසා: 165) පෙර නියමය විරුද්ධවාදීන්ට තර්කයක් වී නම්, දූතවරුන් යැවීමෙන් ඵලක් වන්නේ නැත. මක්නිසාද යත් ඔවුන් යැවූ පසු පවා, උල්ලංඝනය කිරීම් උත්තරීතර අල්ලාහ්ගේ නියමය අනුව සිදු වන බැවිනි.

තෙවැනි: බුඛාරී සහ මුස්ලිම් විසින් වාර්තා කර ඇති (වචනය බුඛාරීගේය) අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

«مَا مِنْكُمْ مِنْ أَحَدٍ إِلَّا قَدْ كُتِبَ مَقْعَدُهُ مِنَ النَّارِ أَوْ مِنَ الْجَنَّةِ».

"නුඹලා අතරින් කිසිවකු හෝ වේවා, අපා ගින්නෙන් වූ අසුනක් හෝ ස්වර්ගයෙන් වූ අසුනක් හෝ ඔහුට නියම කෙරී තිබෙනු මිස නැත." එවිට පිරිස අතරින් කෙනෙකු, “අල්ලාහ්ගේ දූතයාණනි! එසේ නම්, අපි මෙය මත පදනම්ව සිටිය හැකි නොවේද?” යි විමසා සිටියේය. එතුමාණෝ මෙසේ පැවසූහ:

«لَا، اعْمَلُوا فَكُلٌّ مُيَسَّرٌ».

“එසේ නොව, ඔබගේ ක්‍රියාවන් ඔබ දිගටම කර ගෙන යන්න. සෑම කෙනෙකුමට (ඒ ඒ දෑ සඳහා) පහසුකම් සළසනු ලැබේ.” පසුව ඔහු මෙසේ පාරායනය කළහ.

﴿فَأَمَّا مَنۡ أَعۡطَىٰ وَٱتَّقَىٰ 5﴾

"එහෙයින් කවරෙකු පරිත්‍යාග කර, බිය බැතිමත් වී," (අල් ලය්ල්: 5) ඉමාම් මුස්ලිම් හි සඳහන් තවත් වදන් පෙළක:

«فَكُلٌّ مُيَسَّرٌ لِمَا خُلِقَ لَهُ».

“කෙනෙකුට කුමක් නියම කරනු ලැබුවේ ද, එය ඔහුට පහසු බවට පත් කරනු ලැබේ.”21 නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැහැමි ක්‍රියාවන් ඉටු කරන මෙන් නියෝග කළ අතර පූර්ව නියමය මතම එල්බගෙන සිටීමෙන් වැළැක්වූහ.

සිව්වැන්න: සැබැවින්ම අල්ලාහ් ගැත්තාට කරුණු නියෝග කර ඇති අතරම ඇතැම් කරුණු තහනම් කර ද ඇත. ඒ කිසිවක් ඔහුගේ හැකියාවට අනුව මිස ඔහුට පවරා සිටියේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿فَٱتَّقُواْ ٱللَّهَ مَا ٱسۡتَطَعۡتُمۡ وَٱسۡمَعُواْ وَأَطِيعُواْ...﴾

එහෙයින් නුඹලාට හැකි පමණින් අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා සවන් දෙනු. තවද නුඹලා අවනත වනු... (අත්-තඝාබුන්: 16) තවද ඔහු (අල්ලාහ්) මෙසේ පැවසීය:

﴿لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ...﴾

"අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස වෙනත් කිසිවක් පටවන්නේ නැත..." (අල්-බකරා: 286) ක්‍රියාවක් කිරීමට ගැත්තා බලකරනු ලැබුවේ නම්, ඉන් මිදීමට නොහැකිව, එය අනිවාර්යයෙන් ඉටු කරන්නෙකු බවට ඔහු පත් වන්නේය. මෙය අර්ථ විරහිතය. එනිසා නොදැනුවත්කමින් හෝ අමතක වීමෙන් හෝ බල කරනු ලැබීමෙන් හෝ ඔහු විසින් පාපයක් සිදු වූ විටෙක, ඔහුට පාපයක් අත් වන්නේ නැත; ඔහුට නිදහසට කරුණු ඇති බැවින්.

පස්වැන්න: සැබැවින්ම අල්ලාහ්ගේ පෙර නියමය රහසිගතය. ලියන ලද්දක්ය. එසේ නියම කරන ලද දෑ සිදු වූවායින් පසුව මිස ඒ ගැන කිසිවකු නොදනියි. ගැත්තා සිදු කරන්නට යන දෑ පිළිබඳ ඔහු තුළ පවතින අභිමතය ඔහුගේ ක්‍රියාවට වඩා ප්‍රමුඛ ස්ථානයක් ගනී. එම ක්රියාව සඳහා ඔහුගේ අභිමතය අල්ලාහ්ගේ පෙර නියමය පිළිබඳ දැනුම මත පදනම් නොවේ. ඒ අනුව අල්ලාහ්ගේ පෙර නියමය අනුව සිදු කළා යැයි කියන ඔහුගේ තර්කය බිද වැටෙනු ඇත. මන්ද ඔහු නොදන්නා දැයින් කිසිදු සාධකයක් නොමැති හෙයිනි.

හයවැන්න: මිනිසා ලෞකික කාරණා සම්බන්ධයෙන් තමාට ගැලපෙන දේ ගැන උනන්දු වන බව අපි දකිමු. අවසානයේ ඔහු එය ලබා ගනී. ඔහු එය අත් හැර ඔහුට නොගැලපෙන දේ වෙත නොහැරේ. පසුව පූර්ව නියමය පදනම් කර ගනිමින් තමාගේ තේරීම සාධාරණය කරයි. එසේ නම්, ඔහු තම ආගමික කටයුතුවලදී තමාට ප්‍රයෝජනවත් වන දෙයින් ඔහුට හානියක් වන දෙයට හැරී, පසුව පූර්ව නියමය ගැන තර්ක කර සිටින්නේ මන්ද? මේ කරුණු දෙකම, එක හා සමාන නොවේ ද?!

එය පැහැදිලි කරන උදාහරණ ඔබ වෙත ඉදිරිපත් කරමු.

පුද්ගලයෙකු ඉදිරියේ මාර්ග දෙකක් තිබේ: එකක්: මිනීමැරුම්, කොල්ලකෑම්, ගෞරවය කෙළසීම්, බිය සහ සාගින්න යනාදී වියවුල් සහගත දේශයක් වෙත ඔහුව ගෙන යයි. දෙවැන්න: ස්ථාවර සුරක්ෂිතභාවය, සුවපහසු ජීවිතය සහ ජීවිත, මාන්යය හා ධනය යනාදියට ගෞරවයක් ලැබෙන සියල්ල පිළිවෙලකින් යුත් දේශයක් වෙත ඔහුව ගෙන යයි. එබැවින් ඔහු යා යුත්තේ මෙම මාර්ග දෙකින් කුමන මාර්ගයේද?

සැබැවින්ම පිළිවෙළකින් යුත් සුරක්ෂිත දේශයක් වෙත ඔහුව ගෙන යන දෙවන මාර්ගයේ ඔහු ගමන් කරන්නට බලයි. බුද්ධිමත් කිසිවකුට, බිය හා වියවුල් සහගත දේශය වෙත වන මාර්ගයේ ගමන් කර, පසුව කද්ර් හෙවත් පෙර නියමය පිළිබඳ තර්ක කිරීමට ඉඩ ලැබෙන්නේ නැත. එසේ නම්, කෙනෙක් මතු ලොව කටයුතුවලදී ස්වර්ග මාර්ගය අත්හැර දමා, අපා ගින්නේ මාර්ගයේ ගමන් කරමින් පූර්ව නියමය පිළිබඳ තර්ක කරනුයේ ඇයි?

තවත් උදාහරණයක් මෙසේය: බෙහෙත් ගැනීමට බල කරනු ලැබූ රෝගියකු අපි දකිමු; ඔහු එයට ප්‍රිය නොකරන නමුත් එය පානය කරයි. තමන්ට හානිදායක ආහාරවලින් වැළකී සිටියි, නමුත් ඔහු එය ප්‍රිය කරයි. මේ සියල්ල ඔහුගේ සුවය හා ආරක්ෂාව අපේක්ෂාවෙන් සිදු කරන ක්‍රියාමාර්ගයන්ය. නමුත් ඔහු බෙහෙත් බීමෙන් වැළකී සිට, හානිදායක ආහාර අනුභව කර පසුව පෙර නියමය ගැන තර්ක කිරීමට ඔහුට පුළුවන් කමක් නැත. එසේ නම්, අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් නියෝග කළ දෑ මිනිසා අත්හැර දමා, අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තහනම් කළ දෑ සිදු කර, පසුව පූර්ව නියමය පිළිබඳ තර්ක කරනුයේ ඇයි?

හත්වැන්න: අත් හළ අනිවාර්යය කටයුතු හෝ සිදුකළ පාපකම් සඳහා පූර්ව නියමය පිළිබඳ තර්ක කරන්නෙකු, ඔහුට යම් පුද්ගලයකු පහර දී ඔහුගේ මුදල් පැහැර ගෙන ඔහුගේ ගරුත්වය කෙළසා, පසුව පූර්ව නියමය ගැන තර්ක කරමින්, "මට ඔබ දොස් නොකියන්න. මම කළ මෙම පහර දීම අල්ලාහ්ගේ පෙර නියමය අනුව සිදු වූවක්" යැයි පවසා සිටියේ නම්, ඔහුගේ තර්කය ඔබ පිළිගනී ද? නැත. වෙනත් කිසිවක් තමන් අබිබවා යාමේ දී පෙර නියමය සාධකයක් ලෙස පිළි නොගෙන, උත්තරීතර අල්ලාහ්ගේ වගකීම්හි ඉක්මවා යෑමේ දී තමන් වෙනුවෙන් එය සාධකයක් කර ගන්නේ කෙසේද?

සැබැවින්ම මුඃමින්වරුන්ගේ නායකයකු වූ උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා වෙත හොරකම් කළ තැනැත්තෙකු ගෙන එනු ලැබ, ඔහුට අත කපා හැරීමේ නීතිය නියම විය. පසුව ඔහුගේ අත කපා හරින මෙන් එතුමා නියෝග කළේය. එවිට ඔහු: "අහෝ දේව විශ්වාසීන්ගේ නායකයාණනි! මදක් රැඳී සිටින්න. සැබැවින්ම මම සොරකම් කළේ අල්ලාහ්ගේ පූර්ව නියමය නිසාවෙනි" යැයි පැවසීය. එයට උමර් තුමා: "සැබැවින් අප ද කපා හරින්නේ අල්ලාහ්ගේ පූර්ව නියමය නිසාවෙනි" යැයි පැවසීය.

'කද්ර්' හෙවත් පූර්ව නියමය පිළබඳ විශ්වාස කිරීම සඳහා අගනා ප්‍රතිඵල ඇත. ඒවා අතරින්:

පළමුවැන්න: යමක් කරන විට හේතු කාරණා මත රැඳී නොසිට, උත්තරීතර අල්ලාහ් මත රැඳී සිටීම. මක්නිසාද යත් සියල්ල උත්තරීතර අල්ලාහ් විසින් කලින් නියම කර ඇති බැවිනි.

දෙවැන්න: පුද්ගලයකු තමන් පැතු දෑ ලැබෙන අවස්ථාවේ තමන් ගැන මවිතයට පත් නොවීම. සැබැවින්ම එය තමන්ට ලැබුනේ අල්ලාහ් පූර්වයේ නියම කළ යහපත් හා සාර්ථක හේතු සාධක නිසාවෙන් හා ඔහුගෙන් වූ ආශිර්වාදයක් ලෙසිනි. තමන් ගැන මවිතයට පත් වීම නිසා එම ආශිර්වාදයට කෘතඥවීම අමතක කර දමනු ඇත.

තුන්වැන්න: උත්තරීතර අල්ලාහ්ගේ පූර්ව නියමයන් අනුව ප්‍රතිඵල වශයෙන් පිරිනමනු ලබන දෑ හේතුවෙන් සිත තැන්පත්භාවයට පත්ව, ආත්ම තෘප්තිය ලැබීම. එවිට ආදරණීයයන් තමන්ට අහිමි වීමෙන් හෝ පිළිකුල් සහගත දෙයක් තමන්ට අත්වීමෙන් හෝ ඔහු කරදරයට පත් වන්නේ නැත. සැබැවින්ම එය අහස් හා මහපොළොවේ පාලක වූ අල්ලාහ්ගේ පූර්ව නියමය අනුව සිදු වන්නක් බවත්, කිසිදු සැකයකින් තොරව එය සිදු වන්නට තිබූ එකක් බවත් ඔහු විශ්වාස කරන බැවිනි. උත්තරීතර අල්ලාහ් ඒ ගැන මෙසේ ප්‍රකාශ කරයි:

﴿مَآ أَصَابَ مِن مُّصِيبَةٖ فِي ٱلۡأَرۡضِ وَلَا فِيٓ أَنفُسِكُمۡ إِلَّا فِي كِتَٰبٖ مِّن قَبۡلِ أَن نَّبۡرَأَهَآۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ 22 لِّكَيۡلَا تَأۡسَوۡاْ عَلَىٰ مَا فَاتَكُمۡ وَلَا تَفۡرَحُواْ بِمَآ ءَاتَىٰكُمۡۗ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ مُخۡتَالٖ فَخُورٍ 23﴾

මහපොළොවෙහි හෝ නුඹලා තුළ හෝ කවර විපතක් සිදු වුවද ඒවා අපි ඇති කිරීමට පෙර ම ග්‍රන්ථයේ ලියා තිබීමෙන් මිස නො වීය. නියත වශයෙන් ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි. එසේ නො වන්නේ නම්, නුඹලාට අහිමි වූ දේ පිළිබඳව කණගාටු නො වන්නටත්, නුඹලාට ලැබුණු දේ පිළිබඳව සතුටු නො වන්නටත් ය. අල්ලාහ් සෑම අභිමානවත්, ගරුකාරකම්කාරයෙකුටම ප්‍රිය නො කරයි. (අල් හදීද්: 22,23) නබි තුමාණෝ (අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය එතුමා කෙරෙහි ඇති වේවා) මෙසේ පවසා සිටියහ:

«عَجَبًا لِأَمْرِ الْمُؤْمِنِ إِنَّ أَمْرَهُ كُلَّهُ خَيْرٌ، وَلَيْسَ ذَاكَ لِأَحَدٍ إِلَّا لِلْمُؤْمِنِ، إِنْ أَصَابَتْهُ سَرَّاءُ شَكَرَ فَكَانَ خَيْرًا لَهُ، وَإِنْ أَصَابَتْهُ ضَرَّاءُ صَبَرَ فَكَانَ خَيْرًا لَهُ».

“අල්ලාහ්ව විශ්වාස කරන මූඃමින්වරයකුගේ  කරුණ පුදුම සහගත ය. සැබැවින්ම ඔහුගේ කරුණු සියල්ලම ඔහුට යහපත්ය. එය අල්ලාහ් විශ්වාස කරන්නෙකුට මිස වෙනත් කිසිවකුට නොවන්නකි. ඔහුට සතුටුදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු කෘතඥ වෙයි. එය ඔහුට යහපතක් වන්නේය. ඔහුට හානිදායක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු ඉවසා දරා ගනී. එය ද ඔහුට යහපත් වන්නේය.”22

මෙම පෙර නියමය සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් නොමඟ ගොස් ඇත.

පළමු කණ්ඩායම 'ජබරිය්යා' නිකායයි. ඔවුන් පවසා සිටිනුයේ: සැබැවින්ම ගැත්තා ක්‍රියා කිරීමට බලකරනු ලැබ ඇත්තෙකි. එහි දී කැමැත්තට හෝ බලය යෙදවීමට හෝ ඔහුට ඉඩක් නැති බවයි.

දෙවැනි නිකාය 'කද්රිය්යා' නිකායයි. ඔවුන් පවසා සිටිනුයේ: කැමැත්ත හා (බලය යෙදවීමේ) හැකියාව තුළ ගැත්තා ඔහුගේ ක්‍රියාවෙන් ස්වාධීන වන බවයි. උත්තරීතර අල්ලාහ්ගේ අභිමතයට හෝ ඔහුගේ හැකියාවට හෝ කිසිදු බලපෑමක් එයට නැති බවයි.

පළමු (ජබ්රිය්යා) පිරිසට ආගමික හා යථාර්තවාදී පිළිතුරු මෙසේය.

ආගමික වශයෙන් පිළිතුර වනුයේ: සැබැවින්ම අල්ලාහ් ගැත්තාට කැමැත්ත - චින්තන නිදහස හා බලය යෙදවීමේ- හැකියාව තහවුරු කර ඇති අතර ඔහු වෙත ක්‍රියාව එකතු කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

﴿...مِنكُم مَّن يُرِيدُ ٱلدُّنۡيَا وَمِنكُم مَّن يُرِيدُ ٱلۡأٓخِرَةَۚ...﴾

නුඹලා අතුරින් මෙලොව ප්‍රිය කරන්නෝ ද වෙති. තවද නුඹලා අතුරින් පරලොව ප්‍රිය කරන්නෝ ද වෙති. (ආලු ඉම්රාන්: 152) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿وَقُلِ ٱلۡحَقُّ مِن رَّبِّكُمۡۖ فَمَن شَآءَ فَلۡيُؤۡمِن وَمَن شَآءَ فَلۡيَكۡفُرۡۚ إِنَّآ أَعۡتَدۡنَا لِلظَّٰلِمِينَ نَارًا أَحَاطَ بِهِمۡ سُرَادِقُهَاۚ...﴾

"තවද සත්‍යය නුඹලාගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය) නුඹ පවසනු. එහෙයින් කවරෙකු අභිමත කළේ ද ඔහු විශ්වාස කරත්වා! තවද කවරෙකු අභිමත කළේ ද ඔහු ප්‍රතික්ෂේප කරත්වා! නියත වශයෙන්ම අපි අපරාධකරුවන්ට (නිරා) ගින්නක් සූදානම් කර ඇත්තෙමු. එහි ගිනි දලු ඔවුන් ව වටලා ගෙන තිබේ..."  (අල්-කහ්ෆ්: 29), උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿مَّنۡ عَمِلَ صَٰلِحٗا فَلِنَفۡسِهِۦۖ وَمَنۡ أَسَآءَ فَعَلَيۡهَاۗ وَمَا رَبُّكَ بِظَلَّٰمٖ لِّلۡعَبِيدِ46﴾

"කවරෙකු යහකමක් කළේ ද එය ඔහු වෙනුවෙන් ම ය. තවද කවරෙකු නපුරක් කළේ ද එය ඔහුට එරෙහිව ම ය. ඔබේ පරමාධිපති ගැත්තන්හට අපරාධ කරන්නෙකු නො වේ." (ෆුස්සිලත්: 46)

යථාර්ථවාදීව බලන්නේ නම්, සෑම මිනිසෙකුම අනුභව කිරීම, පානය කිරීම, විකිණීම, මිලට ගැනීම යනාදී තමන්ගේ කැමැත්ත, නිදහස අනුව තෝරා ගනු ලබන ක්‍රියාවන් හා උණ හේතුවෙන් වෙව්ලීම, ඉහළ මහලෙන් පහළට වැටීම වැනි තමන්ගේ අභිමතයෙන් තොරව ඇතිවන සිදුවීම් අතර වෙනස හදුනයි. ආරම්භ උදාහරණයේ කිසිදු බල කිරීමකින් තොරව ඔහුගේ කැමත්තට, නිදහසට අනුව තෝරාගෙන කටයුතු කරන්නෙකි. දෙවැන්නෙහි කිසිදු තෝරා ගැනීමකින් තොරව, සිදුවන දෑ පිළිබඳ කිසිදු අපේක්ෂාවකින් තොර ව හට ගැනෙන සිදුවීම්ය.

දෙවන (කද්රිය්යා) පිරිසට ආගමික හා යථාර්තවාදී පිළිතුරු මෙසේය.

ආගමික වශයෙන් පිළිතුර වනුයේ: සැබැවින්ම සියලු දෑහි මැවුම්කරු උත්තරීතර අල්ලාහ්ය. සෑම දෙයක්ම සිදු වනුයේ ඔහුගේ අභිමතය පරිදිය. සැබැවින්ම ගැත්තන්ගේ ක්‍රියාවන් තමන්ගේ අභිමතය අනුව සිදුවන බව තම පුස්තකයේ උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා පැහැදිලි කරයි:

﴿...وَلَوۡ شَآءَ ٱللَّهُ مَا ٱقۡتَتَلَ ٱلَّذِينَ مِنۢ بَعۡدِهِم مِّنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ وَلَٰكِنِ ٱخۡتَلَفُواْ فَمِنۡهُم مَّنۡ ءَامَنَ وَمِنۡهُم مَّن كَفَرَۚ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا ٱقۡتَتَلُواْ وَلَٰكِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يُرِيدُ﴾

අල්ලාහ් අභිමත කළේ නම් ඔවුනට පසු පැමිණි අයවලුන් ඔවුනට පැහැදිලි සාධක පැමිණි පසුව මරා නො ගන්නට තිබිණ. එහෙත් ඔවුහු මත භේද ඇති කර ගත්හ. එනමුත් ඔවුන් අතුරින් විශ්වාස කළ අය ද ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළ අය ද වෙති. අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් මරා නො ගන්නට තිබුණි. එනමුත් අල්ලාහ් තමන් කැමති දේ සිදු කරන්නේ ය. (අල් බකරා: 253) උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.

﴿وَلَوۡ شِئۡنَا لَأٓتَيۡنَا كُلَّ نَفۡسٍ هُدَىٰهَا وَلَٰكِنۡ حَقَّ ٱلۡقَوۡلُ مِنِّي لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ 13﴾

"තවද අපි අභිමත කළේ නම් සෑම ආත්මයකට එහි යහමග (මුල සිටම) පිරිනමන්නට තිබුණි. එහෙත් (අපරාධකාරී) ජින් වර්ගයා සහ මිනිස් වර්ගයා යන සියල්ලන්ගෙන් මම නිරය පුරවන්නෙමි යන මා විසින් වූ ප්‍රකාශය නියම වී ඇත." (අස්-සජදා: 13)

බුද්ධිමය පිළිතුර වනුයේ: සැබැවින්ම මුළු විශ්වයම උත්තරීතර අල්ලාහ්ට අයිති වන අතර මිනිසා එම විශ්වයේ එක් මැවීමකි. ඔහු ද අයිති වන්නේ උත්තරීතර අල්ලාහ්ටය. අයිතිකරුගේ අයිතිය තුළ, ඔහුගේ අනුමැතිය හා ඔහුගේ අභිමතයෙන් තොරව ගනුදෙනු කිරීමට ගැත්තාට කිසිදු අයිතියක් නැත.

ඉස්ලාමීය විශ්වාස පද්ධතියේ ඉලක්ක

'හදෆ්' යන පදය විවිධ අර්ථයෙන් යෙදී ඇත. ඒ අතරින් (හී විදීම සඳහා සිටුවා ඇති ඉලක්කය, අපේක්ෂා කරන සෑම කරුණක්ම යනාදී අර්ථ ඇත.)

ඉස්ලාමීය ප්‍රතිපත්තියේ ඉලක්ක: එහි අරමුණු, එය පිළිපැදීමෙන් පෙළගැසෙන උදාර අපේක්ෂාවන් බොහෝමයක් ඇත. ඒ අතරින්:

පළමුව: අවංක චේතනාව හා උත්තරීතර අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීම. හේතුව මැවුම්කරු ඔහු වන බැවිනි. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. එබැවින් චේතනාව හා නැමදුම අල්ලාහ්ට පමණක් වීම අනිවාර්යය වේ.

දෙවනුව: හදවතේ මෙම ප්‍රතිපත්තිය නොමැති වීමෙන් පැන නගින අවුල් සහගත ව්‍යාකූලත්වයෙන් මනස සහ චින්තනය නිදහස් කිරීම; මක්නිසාද යත් සිතේ එය නැති තැනැත්තා සෑම විශ්වාසයකින්ම හිස් වූවෙකු වන අතර භෞතික වස්තුවලට පමණක් නමස්කාර කරන්නෙකු වන බැවිනි. නැතහොත් ඔහු ව්‍යාජ සහ මිථ්‍යා විශ්වාසයන් තුළ ගිලී සිටින බැවිනි.

තෙවනුව: මානසික සහ බුද්ධිමය සැනසුම. එමගින් ආත්මය තුළ කනස්සල්ලක් හෝ මනසෙහි කැළඹීමක් ඇති නොවේ. එය දේවත්වය විශ්වාස කළ තැනැත්තා, ඔහුගේ මැවුම්කරු සමඟ මෙම ප්‍රතිපත්තිය සම්බන්ධ කරන බැවිනි. තමාව පාලනය කරන පරමාධිපති ලෙසත් නීතිසම්පාදනය කරන නීතිධාරියකු ලෙසත් ඔහු ගැන සෑහීමට පත්වේ. ඒ අනුව ඔහු (මිනිසා)ගේ හදවත ඔහුගේ පෙර නියමය සමඟ සැනසුමට පත් වන අතර ඔහුගේ හදවත ඉස්ලාමයට විවෘත වේ. එහෙයින් ඔහුට වෙනත් ආදේශකයක් අවශ්‍ය නොවේ.

හතරවනුව: සර්වබලධාරී අල්ලාහ්ට නැමදුම් කිරීමේදී හෝ මැවීම් සමග කටයුතු කිරීමේ දී, චේතනාව සහ ක්‍රියාව අපගමනයෙන් ආරක්ෂා කිරීම; මක්නිසාද යත් එහි එක් පදනමක් වන්නේ දූතවරුන් කෙරෙහි ඇති විශ්වාසයයි. එම විශ්වාසය තුළ චේතනාවෙන් සහ ක්‍රියාවෙන් නිවැරදි මාර්ගය අනුගමනය කිරීම ඇතුළත් වේ.

පස්වනුව: කටයුතුවලදී ඉමහත් සේ කැපවීම සහ බරපතලකම වටහා ගැනීම. එය යහපත් ක්‍රියාවන් කිරීමට අවස්ථාවක් ලැබුණු විටෙක, පැහැර නොහැර කුසල් බලාපොරොත්තුවෙන් ප්‍රයෝජන ලැබීම හා ඔහු පව්කාර තැනක් දකින්නේ නම් දඬුවමට බියෙන් ඉන් දුරස් වීමෙනි. මක්නිසාද යත් නැවත නැඟිටීම පිළිබඳ විශ්වාසය සහ ක්‍රියාවන් සඳහා වූ විපාකය තවත් එක් පදනමක් වන බැවිනි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿وَلِكُلّٖ دَرَجَٰتٞ مِّمَّا عَمِلُواْۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا يَعۡمَلُونَ 132﴾

"සෑම කෙනෙකුට ම ඔවුන් කළ දෑ අනුව (විවිධ) පදවීන් ඇත. ඔවුන් කරන දෑ පිළිබඳව නුඹගේ පරමාධිපති අනවධානියකු නො වේ." (අල් අන්ආම්: 132) තවද නබිවරයාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා) මෙම අරමුණ කෙරෙහි ප්‍රෝත්සාහනය කරමින් මෙසේ පැවසූහ:

«الْمُؤْمِنُ الْقَوِيُّ خَيْرٌ وَأَحَبُّ إِلَى اللَّهِ مِنَ الْمُؤْمِنِ الضَّعِيفِ، وَفِي كُلٍّ خَيْرٌ، احْرِصْ عَلَى مَا يَنْفَعُكَ، وَاسْتَعِنْ بِاللَّهِ، وَلَا تَعْجِزْ، وَإِنْ أَصَابَكَ شَيْءٌ فَلَا تَقُلْ: لَوْ أَنِّي فَعَلْتُ كَذَا كَانَ كَذَا وَكَذَا، وَلَكِنْ قُلْ: قَدَّرَ اللَّهُ وَمَا شَاءَ فَعَلَ؛ فَإِنَّ (لَوْ) تَفْتَحُ عَمَلَ الشَّيْطَانِ».

“ශක්තිමත් දේව විශ්වාසියා දුර්වල දේව විශ්වාසියාට වඩා උතුම්ය. අල්ලාහ් වෙත වඩාත් ප්‍රියමනාපය. සෑම දෙයකම යහපතක් ඇත. ඔබට ප්‍රයෝජනවත් වන දෑ කෙරෙහි ඇල්ම ඇති කර ගනු. අල්ලාහ්ගෙන් උදව් පතනු. ඔබ දුර්වල නොවනු. ඔබට යම් විපතක් ඇති වූ විටෙක, සැබැවින්ම මම මෙසේ කටයුතු කර තිබුණේ නම් මේ මේ දේ වන්නට තිබුණි යැයි නොපවසනු. ඒ වෙනුවට ‘අල්ලාහ්ගේ නියමයයි. ඔහු අභිමත කළ දෑ සිදු කළේය’ යැයි පවසනු. “එසේ වී නම්” (යයි පැවසීමෙන්) ෂෙයිතාන්ගේ ක්‍රියාව ඔබ විවෘත කරනු ඇත.” මෙය මුස්ලිම් විසින් වාර්තා කර ඇත23.

හයවැන්න: තම ආගම ස්ථාපිත කිරීමටත්, එහි කුළුණු තර කිරීමටත් එම මාර්ගයේ තමන්ට අත්වන කවර කරුණක් වුව ද ඒ ගැන නොසලකමින් මිල අධික හා ලාභදායී සෑම දෙයක්ම වැය කර, ශක්තිමත් ජාතියක් ගොඩනැගීම. උත්තරීතර සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි.

﴿إِنَّمَا ٱلۡمُؤۡمِنُونَ ٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ لَمۡ يَرۡتَابُواْ وَجَٰهَدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ فِي سَبِيلِ ٱللَّهِۚ أُوْلَٰٓئِكَ هُمُ ٱلصَّٰدِقُونَ 15﴾

නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන්නන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාස කොට පසුව (ඒ ගැන) සැක නො කර තම ධනය හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් වෙති. ඔවුහු මය සත්‍යවාදීහු. (අල් හුජුරාත්: 15)

හත්වැන්න: පුද්ගලයන් හා කණ්ඩායම් ප්‍රතිසංස්කරණය කිරීමෙන් මෙලොව හා පරලොව සතුට ළඟා කර ගැනීම සහ කුසල් හා ගෞරවාන්විත කටයුතු සඳහා නැඹුරුවීම. මේ සම්බන්ධයෙන් උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

﴿مَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَلَنُحۡيِيَنَّهُۥ حَيَوٰةٗ طَيِّبَةٗۖ وَلَنَجۡزِيَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ 97﴾

යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් අපි ඔහුට උදා කරන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි ඔවුනට පිරිනමන්නෙමු. (අන් නහ්ල්: 97)

මෙය ඉස්ලාමීය මූලික ප්‍රතිපත්ති වල හරයන් කිහිපයකි. මේවා අපහටත්, සියලු මුස්ලිම්වරුන්හටත් සාක්ෂාත් කර ගැනීමේ භාග්‍ය ළඟා කර දෙන මෙන් උත්තරීතර අල්ලාහ්ගෙන් පතමු. සැබැවින්ම ඔහු ගෞරවණීය ත්‍යාගශීලීය. සියලු ප්‍රශංසා හිමි, සකල ලෝකයේ පරමාධිපතියාණන් වූ අල්ලාහ්ටම ය.

අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ටත් එතුමාණන්ගේ පවුලේ ඥාතී හිතමිතුරන් ඇතුළු සියලු දෙනා හටත් අල්ලාහ්ගේ සාමය හා ශාන්තිය හිමි වේවා!

කතෘගේ අදහස් ප්‍රකාශය අවසන්.

මුහම්මද් සාලිහ් අල්උසයිමින්

 

 

***

පටුන

 

පෙරවදන 2

ඉස්ලාම් ආගම 5

ඉස්ලාමයේ මූලිකාංග 12

ඉස්ලාමීය විශ්වාස පද්ධතියේ පදනම 18

උත්තරීතර අල්ලාහ් විශ්වාස කිරීම. 20

මලක්වරුන් හෙවත් සුර දූතයින් පිළිබඳ විශ්වාසය 46

දේව පුස්තක පිළිබඳ විශ්වාසය 56

දහම් දූතයින් පිළිබඳ විශ්වාසය 59

අවසාන දිනය පිළිබඳ විශ්වාසය 72

'කද්ර්' හෙවත් පෙරනියමය පිළිබඳ විශ්වාසය. 104

ඉස්ලාමීය විශ්වාස පද්ධතියේ ඉලක්ක 123

 

***

 


ඉමාම් බුහාරි තුමා "කිතාබුල් ඊමාන්" යන පාඩමේ හදීස් අංක (8) යටතේ වාර්තා කර ඇත. එමෙන්ම මුස්ලිම් තුමා "කිතාබුල් ඊමාන්" යන පාඩමේ "කෞලුන් නබී: බුනියල් ඉස්ලාම් අලා ඛම්ස්" (නබි තුමාණන්ගේ වචනය: 'ඉස්ලාමය කරුණු පහක් මත පිහිටුවා ඇත') යන මාතෘකාවේ හදීස් අංක (16) යටතේ වාර්තා කර ඇත.

ඉමාම් මුස්ලිම් විසින් “ඊමාන්” නම් පාඩමේ හදීස් අංක (8) යටතේ හා ඉමාම් අබූ දාවූද් විසින් “සුන්නාව” නම් පාඩමේ “කදර්” පිළිබඳ පරිච්ඡේදයේ හදීස් අංක (4695) යටතේ මෙය වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා 'කිතාබුල් ජනාඉස්' හි, 'දරුවකු ඉස්ලාමය පිළිගෙන පසුව මිය ගියහොත්, ඔහු මත ජනාසා සලාතය ඉටු කරනවාද? හා දරුවාට ඉස්ලාමය ඉදිරිපත් කරනවාද?' නම් පාඩමෙහි හදීස් අංක (1292), යටතේ හා මුස්ලිම් තුමා 'කිතාබුල් කදර්' හි, 'සෑම නවජාතයෙක්ම සහජ ධර්මතාව මත උපදින්නේ ය' යන විෂය අර්ථය, සහ කාෆිර්වරුන්ගේ දරුවන් හා මුස්ලිම්වරුන්ගේ දරුවන් මිය යෑම පිළිබඳ විධි නියමය' නම් පාඩමෙහි හදීස් අංක (2658) යටතේ වාර්තා කර ඇත.

. අල්බුහාරි, සූරත් අත්-තුර්, හදීස් අංකය 4854.

ඉමාම් බුහාරි 'කිතාබුල් ජුම්ආ' (ජුම්ආ සලාතය) යන පාඩමේ 'අල්ඉස්තිස්කා ෆිල් කුත්බති යෞමල් ජුමුඅති' (ජුමුආ දින දෙසුමේදී වර්ෂාව පැතීම) යන මාතෘකාවේ (891) වැනි හදීස් අංකය යටතේ මෙය වාර්තා කර ඇත.

ඉමාම් බුහාරි තුමා 'කිතාබුල් ජුමුආ' (ජුමුආ සලාතය) යන පාඩමේ 'අල්-ඉස්තිස්කා ෆිල් කුත්බති යවුමිල් ජුමුආ' (සිකුරාදා කුත්බාවේදී වර්ෂාව පතා යාච්ඤා කිරීම) යන මාතෘකාවේ හදීස් අංක (891) යටතේ මෙය වාර්තා කර ඇත. ඉමාම් මුස්ලිම් තුමා 'කිතාබු සලාතිල් ඉස්තිස්කාආ' (වර්ෂාව පතා යාච්ඤා කරන සලාතය) යන පාඩමේ 'අද්-දුආඋ ෆිල් ඉස්තිස්කාආ' (ඉස්තිස්කාආහි යාච්ඤාව) යන මාතෘකාවේ හදීස් අංක (897) යටතේ මෙය වාර්තා කර ඇත.

මෙය ඉමාම් මුස්ලිම් විසින් "අල්-ඊමාන්" නම් පාඩමේ, "ඊමාන්, ඉස්ලාම් සහ ඉහ්සාන් පිළිබඳ පැහැදිලි කිරීම සහ අල්ලාහ්ගේ පෙර නියමය සනාථ කිරීම පිළිබඳ විශ්වාස කිරීමේ අනිවාර්ය භාවය" නම් පරිච්ඡේදය යටතේ වාර්තා කර ඇත. හදීස් අංක.

මෙය බුහාරි තුමා: ‘මැවීමේ ආරම්භය’ නම් පොතේ, ‘දේවදූතයන් පිළිබඳ’ යන පාඩමේ  හදීස් අංක (3037) යටතේ හා මුස්ලිම් තුමා: ‘යහපත්කම, ඥාති සබඳතා සහ ආචාර’ නම් පොතේ, ‘අල්ලාහ් ගැත්තෙකුට ප්‍රේම කළ විට, ඔහු තම ගැතතන් ඔහු වෙත ප්‍රියකරවනු ඇත’ යන පරිච්ඡේදයේ, හදීස් අංක (2637) යටතේ වාර්තා කර ඇත.

ඉමාම් බුහාරි 'කිතාබුල් ජුමුආ' (ජුමුආ සලාතය) යන පාඩමේ 'අල්-ඉස්තිමාආ ඉලල් කුත්බා' (දෙසුමට සවන් දීම) යන මාතෘකාවේ හදීස් අංක (887) යටතේ මෙය වාර්තා කර ඇත. ඉමාම් මුස්ලිම් 'කිතාබුල් ජුමුආ' (ජුමුආ සලාතය) යන පාඩමේ 'ෆඩ්ලුත් තහ්ජීරි යවුමිල් ජුමුආ' (ජුමුආ දින මුලින් පැමිණීමේ උතුම්කම) යන මාතෘකාවේ හදීස් අංක (850) යටතේ මෙය වාර්තා කර ඇත.

ඉමාම් බුහාරි තුමා “කිතාබුත් තවහීද්” යන පාඩමේ දේව වචනය වන 'ලිමා කලක්තු බියදය්ය' යන මාතෘකාවේ හදීස් අංක (7410) යටතේ වාර්තා කර ඇත. එමෙන්ම මුස්ලිම් තුමා “ඊමාන්” නම් පාඩමේ 'ස්වර්ගවාසීන් අතරින් පහළම නිලය' යන මාතෘකාවේ හදීස් අංක (193) යටතේ වාර්තා කර ඇත.

ඉමාම් බුහාරි තුමා 'අබ්වාබුල් කිබ්ලා' (කිබ්ලා පිළිබඳ කොටස්) යන පාඩමේ 'අත්-තවජ්ජුහු නහ්වල් කිබ්ලා හයිසු කාන' (සිටින ස්ථානය කුමක් වුවද කිබ්ලා දෙස මුහුණ ලෑම) යන මාතෘකාව යටතේ හදීස් අංක (392) හි මෙය වාර්තා කර ඇත. එමෙන්ම ඉමාම් මුස්ලිම් තුමා 'කිතාබුල් මසාජිද් ව මවාදිඅස්-සලාත්' (මස්ජිදු සහ සලාත් ඉටු කරන ස්ථාන) යන පාඩමේ 'අස්-සහ්වූ ෆිස්-සලාත්, වස්-සුජූදු ලහු' (සලාතයේ අමතකවීම පිළිබඳව සහ ඒ සඳහා සජ්දා කිරීම) යන මාතෘකාවේ හදීස් අංක (572) යටතේ වාර්තා කර ඇත.

මෙය ඉමාම් මුස්ලිම් විසින් "ස්වර්ගය එහි සුවපහසුකම් හා එහි වැසියෝ" යන පරිච්ඡේදය ලෝකයේ විනාශය හා යළි අවදි කරවා රැස්කරනු ලබන දිනයේ විස්තරය යන මාතෘකාවේ හදීස් අංක (2859) යටතේ වාර්තා කර ඇත.

මෙය අල්බුහාරි තුමාගේ 'කිතාබුල් මළාලිම්' හි, අල්ලාහ්ගේ ප්‍රකාශය වන:  أَلَا لَعۡنَةُ ٱللَّهِ عَلَى ٱلظَّٰلِمِينَ යන පරිච්ඡේදයෙහි, හදීස් අංක  (2309) යටතේ හා මුස්ලිම් තුමාගේ 'කිතාබුත් තවුබා' හි, 'ඝාතකයාගේ පාපක්ෂමාව පිළිගැනීම" යන පරිච්ඡේදයෙහි, හදීස් අංක  (2768) යටතේ වාර්තා කර ඇත.

"ඊමාන්" නම් පාඩමේ, "ගැත්තා යහපතක් සිතා නියත වූ විට එය ලියනු ලබයි, නපුරක් සිතා නියත වූ විට එය ලියනු නොලැබේ" යන මාතෘකාව යටතේ මෙය ඉමාම් මුස්ලිම් විසින් වාර්තා කර ඇත. හදීස් අංක (131).

මෙය සහීහ් අල්-බුඛාරීහි: තෆ්සීර් නම් පාඩමේ فَلَا تَعۡلَمُ نَفۡسٞ مَّآ أُخۡفِيَ لَهُم مِّن قُرَّةِ أَعۡيُنٖ යන වදන පිළිබඳ මාතෘකාවේ හදීස් අංක (4501) යටතේ ද සහීහ් මුස්ලිම්හි: ස්වර්ගය, එහි ආනන්දය හා එහි ජනතාව පිළිබඳ මාතෘකාවේ, අංක (2824) යටතේ ප්‍රකාශ කර ඇත.

මෙය මුස්ලිම් තුමා විසින්: "ස්වර්ගය, එහි සුවපහසුකම් හා එහි වැසියෝ" යන පාඩමේ,  "මළගිය පුද්ගලයාට ස්වර්ගය හෝ අපා ගින්නෙහි ඔහුගේ පදිංචි ස්ථානය පෙන්වීම, මිනීවළෙහි වේදනාව සනාථ කිරීම සහ එයින් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතීම" යන පරිච්ඡේදයේ හදීස් අංක (2867) යටතේ වාර්තා කර ඇත.

මෙය අබූ දාවුද් තුමා ‘කිතාබුස් සුන්නා’ හි ‘බාබුල් මසාආලති ෆිල් කබ්ර වඅදාබිල් කබ්ර’ (මිනීවල, එහි දඬුවම පිළිබඳ විමසුම) යන පාඩමෙහි හදීස් අංක (4753) යටතේ වාර්තා කර ඇති අතර, ඉමාම් අහ්මද් තුමා ‘මුස්නදුල් කූෆියීන්’ හි ‘බරාඇ බින් ආසිබ්’ විසින් වාර්තා කළ හදීසයක් හදීස් අංක (18534) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා, 'කිතාබුල් වුදූ', මූත්‍රා කිරීමෙන් පසු සෝදා හැරීම යන මාතෘකාවේ, හදීස් අංක (215) යටතේ මෙය වාර්තා කර ඇත.

මෙය ඉමාම් මුස්ලිම් විසින් 'කිතාබුල් කද්ර්', (පෙර නියමය) යන පාඩමේ 'හිජාජ් ආදම් ව මුසා (අලයිහිමාස්-සලාම්)' යන පරිච්ඡේදයේ හදීස් අංක (2653) යටතේ වාර්තා කර ඇත.

මෙය බුහාරි තුමා 'කිතාබුල් කද්ර්' හි, 'අල්ලාහ්ගේ නියමය නියම කරන ලද නියමයකි' යන පාඩමේ හදීස් අංක (6605) යටතේ හා මුස්ලිම් තුමා 'කිතාබුල් කද්ර්' හි, 'මව්ගේ ගැබෙහි මනුෂ්‍යයා මැවෙන ආකාරය සහ ඔහුගේ පෝෂණය, ආයුකාලය, කර්මය, අවාසනාවන්තකම සහ සෞභාග්‍යය' නම් පරිච්ඡේදයේ හදීස් අංක (2647) යටතේ වාර්තා කර ඇත.

මෙය ඉමාම් මුස්ලිම් විසින් 'අස්-සුහ්ද් වර්-රකාඉක්' නම් ග්‍රන්ථයේ 'දේවත්වය විශ්වාස කරන්නාගේ සියලු කරුණු යහපත්ය' නම් පරිච්ඡේදයේ හදීස් අංකය (2999) යටතේ වාර්තා කර ඇත.

මෙය ඉමාම් මුස්ලිම් විසින් "කිතාබුල් කද්ර්"(පෙර නියමය) හි, "ශක්තිමත්භාවය නියෝග කිරීම, දුර්වලකම හැර දැමීම, අල්ලාහ්ගෙන් උදව් පැතීම සහ නියමයන් අල්ලාහ් වෙත පැවරීම" යන පරිච්ඡේදයේ හදීස් අංක (2664) යටතේ වාර්තා කර ඇත.

"ඊමාන්" නම් පාඩමේ, "අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දූත පණිවිඩය මුළු මිනිස් සංහතියටම වන අතර ඔහුගේ දහම මඟින් අනෙක් ආගම් අහෝසි වීම කෙරෙහි විශ්වාස කිරීම අනිවාර්යය වීම" නම් පරිච්ඡේදයේ, ඉමාම් මුස්ලිම් මෙය වාර්තා කර ඇත. 153 වන හදීසය.