ثَلَاثَةُ الأُصُولِ وَأَدِلَّتُهَا
මූලධර්ම තුන සහ ඒවායේ සාක්ෂි හා සාධක
لِلشَّيْخِ
مُحَمَّدٍ التَّمِيمِي رَحِمَهُ اللهُ
අෂ්ෂෙයික් මුහම්මද් බින් අබ්දුල් වහ්හාබ් අත්තමීමී (අල්ලාහ්ගේ කරුණාව එතුමාට ලැබේවා)
بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්.
දැනගනු, අල්ලාහ් ඔබට කරුණා කරත්වා! නියත වශයෙන්ම මුස්ලිම්වරු වශයෙන් අප මත කරුණු හතරක් ඉගෙන ගැනීම අනිවාර්ය වේ:
පළමුවැන්න: දැනුම, එනම් සාක්ෂි සහිතව අල්ලාහ්, ඔහුගේ නබිවරයා සහ ඉස්ලාම් දහම පිළිබඳව දැන ගැනීමයි.
දෙවැන්න: එය අනුව ක්‍රියා කිරීම.
තුන්වැන්න: ඒ වෙත ඇරයුම් කිරීම.
හතරවැන්න: එහිදී සිදුවන පීඩාවන් මත ඉවසීම.
ඒ සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි: (බිස්මිල්ලාහිර්-රහ්මානිර්-රහීම්.) අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ් ගේ නාමයෙනි.
﴿وَٱلْعَصْرِ ١ إِنَّ ٱلْإِنسَـٰنَ لَفِى خُسْرٍ ٢ إِلَّا ٱلَّذِينَ ءَامَنُوا وَعَمِلُوا ٱلصَّـٰلِحَـٰتِ وَتَوَاصَوْا بِٱلْحَقِّ وَتَوَاصَوْا بِٱلصَّبْرِ ٣﴾
කාලය මත දිවුරමින්. සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙයි. නමුත් (සත්‍යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්‍ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර. (අල්-අස්ර්:1-3)
ෂාෆිඊ (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පැවසූහ: අල්ලාහ් තම මැවීම් වෙත මෙම පරිච්ඡේදය හැර වෙනත් කිසිදු සාදකයක් පහළ නොකළේ නම්, එය ඔවුනට ප්‍රමාණවත් වනු ඇත.
අල් බුහාරි (රහිමහුල්ලාහු තආලා) තුමා මෙසේ පවසයි: පරිච්ඡේදය: ප්‍රකාශයට හා ක්රියාවට පෙර දැනුම; ඊට සාක්ෂිය නම් උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි:
﴿ فَٱعْلَمْ أَنَّهُۥ لَآ إِلَـٰهَ إِلَّا ٱللَّهُ وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ...﴾
එබැවින්, අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව ඔබ දැනගන්න. තවද ඔබගේ පාපයට සමාව අයදින්න... [මුහම්මද්: 19], මෙහි (අල්ලාහ්) ප්රකාශයට හා ක්රියාවට පෙර දැනුමෙන් ආරම්භ කර ඇත.
අල්ලාහ් ඔබට කරුණා කරත්වා! සෑම මුස්ලිම්වරයෙකුටම සහ මුස්ලිම්වරියකටම මෙම කරුණු තුන හැදෑරීම සහ ඒ අනුව ක්‍රියා කිරීම අනිවාර්ය වේ:
පළමුවැන්න: නියත වශයෙන්ම අල්ලාහ් අපව මවා, අපට පෝෂණය ලබා දී, අපව අරමුණක් විරහිතව අත්හැර නොදැමුවේය. ඒ වෙනුවට, ඔහු අප වෙත රසූල්වරයෙකු එව්වේය. එබැවින්, කවරෙකු ඔහුට අවනත වන්නේ ද, ඔහු ස්වර්ගයට ඇතුළු වනු ඇත. තවද කවරෙකු ඔහුට පිටුපාන්නේ ද, ඔහු නිරා ගින්නට ඇතුළු වනු ඇත.
ඒ සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿إِنَّآ أَرۡسَلۡنَآ إِلَيۡكُمۡ رَسُولٗا شَٰهِدًا عَلَيۡكُمۡ كَمَآ أَرۡسَلۡنَآ إِلَىٰ فِرۡعَوۡنَ رَسُولٗا١٥ فَعَصَىٰ فِرۡعَوۡنُ ٱلرَّسُولَ فَأَخَذۡنَٰهُ أَخۡذٗا وَبِيلٗا١٦﴾
ෆිර්අවුන් වෙත අපි දූතයකු එව්වාක් මෙන් නුඹලා මත සාක්ෂි දරන දූතයකු නුඹලා වෙත සැබැවින් ම අපි එව්වෙමු. එහෙත් ෆිර්අවුන් එම දූතයාණන්ට පිටුපෑවේ ය. එහෙයින් අපි ඔහු බිහිසුනු ග්‍රහණයකින් ග්‍රහණය කළෙමු. (අල් මුස්සම්මිල්: 15-16)
දෙවැන්න: අල්ලාහ් ඔහුගේ නැමදුමට කිසිවකු හවුල් කරනු ලැබීම පිළි නොගනී. ඉතා සමීප මලකයෙකු හෝ යැවූ දූතයෙකු හෝ නැමදීම පිළිගනු නොලැබේ. මෙයට සාක්ෂිය නම් උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි:
﴿…وَأَنَّ ٱلۡمَسَٰجِدَ لِلَّهِ فَلَا تَدۡعُواْ مَعَ ٱللَّهِ أَحَدٗا١٨﴾
තවද නියත වශයෙන් ම මස්ජිදයන් අල්ලාහ් සතු ය. එහෙයින් නුඹලා අල්ලාහ් සමඟ කිසිවෙක් නො අයදිනු. (අල්-ජින්: 18)
තුන්වැන්න: දූතයාණන්ට අවනත වී අල්ලාහ්ව ඒකීයත්වයෙන් පිළිගත් තැනැත්තාට, අල්ලාහ්ට සහ ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වන්නන් සමීපතම ඥාතීන් වුවද, ඔවුන්ට සහයෝගය දැක්වීම අනුමත නොවේ.
ඒ සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿لَّا تَجِدُ قَوۡمٗا يُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ يُوَآدُّونَ مَنۡ حَآدَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَوۡ كَانُوٓاْ ءَابَآءَهُمۡ أَوۡ أَبۡنَآءَهُمۡ أَوۡ إِخۡوَٰنَهُمۡ أَوۡ عَشِيرَتَهُمۡۚ أُوْلَٰٓئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ ٱلۡإِيمَٰنَ وَأَيَّدَهُم بِرُوحٖ مِّنۡهُۖ وَيُدۡخِلُهُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ رَضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ أُوْلَٰٓئِكَ حِزۡبُ ٱللَّهِۚ أَلَآ إِنَّ حِزۡبَ ٱللَّهِ هُمُ ٱلۡمُفۡلِحُونَ٢٢﴾
අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන පිරිසක් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූවන්ව ප්‍රිය කරනු නුඹ නො දකිනු ඇත. ඔවුහු ඔවුන්ගේ පියවරුන් හෝ ඔවුන්ගේ දරුවන් හෝ ඔවුන්ගේ සහෝදරයින් හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් වුවද. ඔවුන්ගේ හදවත් තුළ ඔහු දේව විශ්වාසය නියම කොට ඔහුගෙන් වූ ආත්මයෙන් ඔවුන් ශක්තිමත් කළ අය ඔවුහු වෙති. තවද ඒවාට යටින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඔහු ඔවුන් ඇතුළු කරයි. එහි ඔවුන් සදාතනිකයින් ය. අල්ලාහ් ඔවුන් ගැන තෘප්තිමත් විය. ඔවුහු ද ඔහු ගැන තෘප්තිමත් වූහ. අල්ලාහ්ගේ පිරිස ඔවුහු ය. දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ්ගේ පිරිස වන ඔවුහු මය ජයග්‍රාහකයෝ. (අල් මුජාදලා: 22)
දැනගනු - ඔහුට කීකරු වීම සඳහා අල්ලාහ් ඔබට මඟ පෙන්වත්වා! - හනීෆිවාදය - එනම් ඉබ්රාහීම් තුමාගේ පිළිවෙත - යනු, ඔබ අල්ලාහ්ට පමණක් අවංකව දහම පුද කරමින් ඔහුට නැමදුම් කිරීමයි. අල්ලාහ් සියලු මිනිසුන්ට අණ කළේ ද, ඔවුන්ව මැව්වේ ද ඒ සඳහාය. ඒ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත:
﴿وَمَا خَلَقۡتُ ٱلۡجِنَّ وَٱلۡإِنسَ إِلَّا لِيَعۡبُدُونِ٥٦﴾
තවද ජින් වර්ගයා හා මානව වර්ගයා වන ඔවුන් මට ගැතිකම් කිරීමට මිස මම නො මැව්වෙමි. (අද් දාරියාත්:56) "යඃබුදූනි" යන්නෙහි අරුත වන්නේ "ඔවුන් මා ඒකීයත්වයට පත් කිරීම" යන්නයි.
අල්ලාහ් අණ කළ ශ්‍රේෂ්ඨතම දෙය වනුයේ තව්හීද් ය. එනම්, නැමදුමෙන් අල්ලාහ්ව ඒකීයත්වයට පත් කිරීමයි.
ඔහු විසින් තහනම් කරන ලද දෑ අතුරින් අතිමහත් දෙය නම් අල්ලාහ්ට ආදේශ කිරීමයි. එය නම්, ඔහු සමඟ අන් අයගෙන් ද අයැද සිටීමයි.
ඒ සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿وَٱعۡبُدُواْ ٱللَّهَ وَلَا تُشۡرِكُواْ بِهِۦ شَيۡـٔٗا...﴾
තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට කිසිවක් ආදේශ නො කරනු... (අන් නිසා:36)
එසේනම්, මිනිසා විසින් දැනගත යුතු මූලධර්ම තුන කුමක්ද? යනුවෙන් ඔබගෙන් විමසනු ලැබුවහොත්:
මෙසේ පවසන්න: ගැත්තා තම පරමාධිපතියාණන්, තම දහම සහ තම නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන්ව දැන හඳුනා ගැනීමයි.
පළමු මූලධර්මය
'ඔබේ පරමාධිපතියාණන් කවුද?' යනුවෙන් ඔබෙන් විමසුවේ නම්:
මෙසේ පවසන්න: මා ද, සකල ලෝකයන් ද තම භාග්‍යයන්ගෙන් පෝෂණය කළ අල්ලාහ් මාගේ පරමාධිපතියාණන් ය. ඔහු මාගේ නැමදුම් ලබන්නා ය. ඔහු හැර මට නැමදුම් ලබන්නෙකු නැත. ඊට සාධකය නම්, උත්තරීතර අල්ලාහ් මෙසේ පැවසීමයි:
﴿ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ٢﴾
සියලු ප්‍රශංසා ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට ම ය. (අල්-ෆාතිහා: 2) අල්ලාහ් හැර ඇති සියල්ල ලෝකයකි. මම ද එම ලෝකයට අයත් එක් අයෙක් වෙමි.
'ඔබේ පරමාධිපතිව වටහා ගත්තේ කෙසේද?' යනුවනේ ඔබෙන් විමසනු ලැබුවහොත්:
එවිට පවසන්න: ඔහුගේ සංඥා මගින් හා ඔහුගේ මැවීම් මගිනි.
රාත්‍රිය හා දහවල ද, සූර්යයා හා චන්ද්‍රයා ද ඔහුගේ සංඥා අතුරිනි.
ඔහුගේ මැවීම් අතරින් අහස් හත ද, ඒවායෙහි සිටින්නන් ද, පොළෝ හත ද, ඒවායෙහි සිටින්නන් ද, ඒ දෙක අතර ඇති දෑ ද වේ.
ඒ සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿وَمِنۡ ءَايَٰتِهِ ٱلَّيۡلُ وَٱلنَّهَارُ وَٱلشَّمۡسُ وَٱلۡقَمَرُۚ لَا تَسۡجُدُواْ لِلشَّمۡسِ وَلَا لِلۡقَمَرِ وَٱسۡجُدُواْۤ لِلَّهِۤ ٱلَّذِي خَلَقَهُنَّ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ٣٧﴾
තවද රාත්‍රිය හා දහවල ද හිරු හා සඳු ද ඔහුගේ සංඥා අතරිනි. නුඹලා හිරුට හෝ සඳුට (හිස පහත් කරමින්) සුජූද් නො කරනු. තවද නුඹලා ඔහුට (අල්ලාහ්ට) පමණක් නැමදුම් කරමින් සිටියෙහු නම් ඒවා මැවූ අල්ලාහ්ට පමණක් (හිස පහත් කරමින්) සුජූද් කරනු. (ෆුස්සිලත්: 37)
තවත් වැකියක අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
﴿إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ يُغۡشِي ٱلَّيۡلَ ٱلنَّهَارَ يَطۡلُبُهُۥ حَثِيثٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ وَٱلنُّجُومَ مُسَخَّرَٰتِۭ بِأَمۡرِهِۦٓۗ أَلَا لَهُ ٱلۡخَلۡقُ وَٱلۡأَمۡرُۗ تَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ٥٤﴾
නියත වශයෙන් ම අහස් හා මහපොළොව දින සයකින් මැව්වේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ් ය. පසුව ඔහු (ඔහුට ම ආවේනික අයුරින්) අර්ෂයට ඉහළින් සිටියේය. ඔහු රාත්‍රියෙන් දහවල ආවරණය කරයි. මෙය (දහවල) එය (රාත්‍රිය) සීඝ්‍රයෙන් සොයයි. තවද හිරු, සඳු හා තරු ඔහුගේ නියෝගය අනුව වසඟ කරනු ලැබූ දෑ වෙති. දැන ගනු. මැවීම් හා නියෝගය ඔහු සතු ය. සකල ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් උත්කෘෂ්ට විය. (අල් අඃරාෆ් 7:54)
රබ් යනු නැමදුම් ලබන්නාය. ඒ සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි:
﴿يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱعۡبُدُواْ رَبَّكُمُ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلَّذِينَ مِن قَبۡلِكُمۡ لَعَلَّكُمۡ تَتَّقُونَ٢١ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ فِرَٰشٗا وَٱلسَّمَآءَ بِنَآءٗ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزۡقٗا لَّكُمۡۖ فَلَا تَجۡعَلُواْ لِلَّهِ أَندَادٗا وَأَنتُمۡ تَعۡلَمُونَ٢٢ ﴾
අහෝ ජනයිනි! නුඹලා හා නුඹලාට පෙර සිටි අය මැව්වා වූ නුඹලාගේ පරමාධිපතිට නමදිනු. නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිස. ඔහු නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් බවට ද අහස වියනක් බවට ද නිර්මානය කළේ ය. තවද අහසින් (වැසි) ජලය පහළ කර එමඟින් නුඹලාගේ පෝෂණය පිණිස පලතුරු හට ගැන්වී ය. එබැවින් දැනුවත්ව ම නුඹලා අල්ලාහ්ට සමානයන් නො තබනු. (අල් බකරා: 21-22)
ඉබ්නු කසීර්තුමා මෙසේ පවසයි: නැමදුමට සුදුස්සා මෙම දෑහි මැවුම්කරුය.
අල්ලාහ් අණ කළ ඉබාදත් (නැමදුම්) වර්ග නම්: ඉස්ලාම්, ඊමාන් සහ ඉහ්සාන් ය. තවද ඒවායින්: ප්‍රාර්ථනාව, බිය, අපේක්ෂාව, තවක්කුල් (අල්ලාහ් වෙත භාර කිරීම), (ඔහුගේ දයාවට) ආශා කිරීම, (ඔහුගේ දඬුවමට) ගරු බිය, යටහත් පහත්කම, භක්තිමත් බිය, (අල්ලාහ් වෙත) යොමු වීම, උපකාර පැතීම, ආරාව ඉල්ලා සිටීම, පිහිට පැතීම, (අල්ලාහ් වෙනුවෙන්) සතුන් කැප කිරීම, භාරය සහ අල්ලාහ් අණ කළ මෙවැනි අනෙකුත් නැමදුම් වර්ග වේ. මේ සියල්ල උත්තරීතර වූ අල්ලාහ්ට ම වේ. ඊට සාධකය නම් උත්තරීතර වූ අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි:
﴿وَأَنَّ ٱلۡمَسَٰجِدَ لِلَّهِ فَلَا تَدۡعُواْ مَعَ ٱللَّهِ أَحَدٗا١٨﴾
තවද නියත වශයෙන් ම මස්ජිදයන් අල්ලාහ් සතු ය. එහෙයින් නුඹලා අල්ලාහ් සමඟ කිසිවෙක් නො අයදිනු. (අල්-ජින්: 18)
එබැවින් කවරෙකු ඒවායින් කිසිවක් අල්ලාහ් නොවන දෑට යොමු කළේ ද, ඔහු දෙවියන්ට ආදේශ තබන්නෙකු සහ ප්‍රතික්ෂේප කරන්නෙකු වන්නේය. ඊට සාධකය නම් උත්තරීතර වූ ඔහුගේ ප්‍රකාශයයි:
﴿وَمَن يَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ لَا بُرۡهَٰنَ لَهُۥ بِهِۦ فَإِنَّمَا حِسَابُهُۥ عِندَ رَبِّهِۦٓۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلۡكَٰفِرُونَ١١٧﴾
තවද කවරෙකු අල්ලාහ් සමඟ වෙනත් දෙවියකු ඇරයුම් කරන්නේ ද ඔහුට කිසිදු සාධකයක් නොමැත. එහෙයින් ඔහුගේ විනිශ්චය ඔහුගේ පරමාධිපති අබියස ය. නියත වශයෙන් ම දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ජය නො ලබනු ඇත. (අල්-මුඃමිනූන්: 117)
හදීසයක:
"الدُّعَاءُ مُخُّ العِبَادَةِ".
ප්‍රාර්ථනාව යනු නැමදුමේ මූලයයි.
ඒ සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿وَقَالَ رَبُّكُمُ ٱدۡعُونِيٓ أَسۡتَجِبۡ لَكُمۡۚ إِنَّ ٱلَّذِينَ يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِي سَيَدۡخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ٦٠﴾
තවද “නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්‍රාර්ථනාව)ට පිළිතුරු දෙමි. නියත වශයෙන් ම මට ප්‍රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.” යැයි නුඹලාගේ පරමාධිපති පවසයි. (ගාෆිර්:60)
භය සම්බන්ධව, උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසා සිටියි.
﴿...فَلَا تَخَافُوهُمۡ وَخَافُونِ إِن كُنتُم مُّؤۡمِنِينَ١٧٥﴾
එබැවින් නුඹලා ඔවුනට බිය නො වනු. තවද නුඹලා විශ්වාස කළවුන් ලෙස සිටියෙහු නම් නුඹලා මට බිය වනු. (ආලු ඉම්රාන්: 175)
අපේක්ෂාව සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿...فَمَن كَانَ يَرۡجُواْ لِقَآءَ رَبِّهِۦ فَلۡيَعۡمَلۡ عَمَلٗا صَٰلِحٗا وَلَا يُشۡرِكۡ بِعِبَادَةِ رَبِّهِۦٓ أَحَدَۢا١١٠﴾
එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ හමුව අපේක්ෂා කරමින් සිටියේ ද ඔහු දැහැමි ක්‍රියාවන් සිදු කරත්වා! තම පරමාධිපතිට ගැතිකම් කිරීමෙන් කිසිවකු ආදේශ නො කරත්වා! (අල් කහ්ෆ්: 110)
තවක්කුල් සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿...وَعَلَى ٱللَّهِ فَتَوَكَّلُوٓاْ إِن كُنتُم مُّؤۡمِنِينَ٢٣﴾
තවද නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් අල්ලාහ් කෙරෙහිම (සියල්ල) භාර කරනු. (අල් මාඉදා: 23)
අල්ලාහ්ගේ තවත් ප්‍රකාශයක් මෙසේය:
﴿...وَمَن يَتَوَكَّلۡ عَلَى ٱللَّهِ فَهُوَ حَسۡبُهُ...﴾
තවද කවරෙකු අල්ලාහ් වෙත (සියල්ල) භාර කරන්නේ ද එවිට ඔහු ඔහුට ප්‍රමාණවත් ය. (අත් තලාක්: 3)
ආශාව, භය සහ යටහත් පහත්කම පිළිබඳ සාධකය නම් උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි:
﴿...إِنَّهُمۡ كَانُواْ يُسَٰرِعُونَ فِي ٱلۡخَيۡرَٰتِ وَيَدۡعُونَنَا رَغَبٗا وَرَهَبٗاۖ وَكَانُواْ لَنَا خَٰشِعِينَ٩٠﴾
නියත වශයෙන් ම ඔවුහු යහකම් කිරීමෙහි යුහුසුලු වූහ. තවද ඔවුහු කැමැත්තෙන් හා බියෙන් අප ඇමතූහ. තවද ඔවුහු අපහට බියෙන් පසුවන්නන් වූහ. (අල් අන්බියා: 90)
බියබැතිමත්කම සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿...فَلَا تَخۡشَوۡهُمۡ وَٱخۡشَوۡنِ...﴾
එබැවින් ඔවුනට නුඹලා බිය නො වනු. තවද මට ම බිය වනු. (අල් මාඉදා: 3)
ඉනාබා නම් නැඹුරු වීම සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿وَأَنِيبُوٓاْ إِلَىٰ رَبِّكُمۡ وَأَسۡلِمُواْ لَهُ...﴾
නුඹලා නුඹලාගේ පරමාධිපති වෙත නැඹුරු වනු. තවද ඔහුට යටහත් වනු. (අස් සුමර්: 54)
උපකාර පැතීම සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿إِيَّاكَ نَعۡبُدُ وَإِيَّاكَ نَسۡتَعِينُ٥﴾
ඔබට ම අපි නමදිමු. ඔබගෙන් ම අපි උදව් පතමු. (අල්-ෆාතිහා: 5)
හදීසයක:
"إِذَا اسْتَعَنْتَ فَاسْتَعِنْ بِاللَّهِ".
“ඔබ උදව් පතන්නේ නම් අල්ලාහ්ගෙන්ම උදව් පතනු.”
ශුරක්ෂාව පැතීම සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿قُلۡ أَعُوذُ بِرَبِّ ٱلۡفَلَقِ١﴾
(නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. (අල් ෆලක්: 1) සහ
﴿قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ١﴾
(නබිවරය!) නුඹ පවසනු. මිනිසුන්ගේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි. (අන්-නාස්: 1)
උදව් පැතීම සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿إِذۡ تَسۡتَغِيثُونَ رَبَّكُمۡ فَٱسۡتَجَابَ لَكُمۡ...﴾
නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා උදව් පතන විට ‘ඔහු නුඹලාට පිළිතුරු දුන්නේය...’ (අල් අන්ෆාල්: 9)
සත්තව කැප සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿قُلۡ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحۡيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ١٦٢ لَا شَرِيكَ لَهُ...﴾
සැබැවින් ම මාගේ සලාතය මාගේ නැමදුම මාගේ ජීවය මාගේ මරණය ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් වෙනුවෙනි යැයි (නබිවරය!) නුඹ පවසනු. ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත... (අල් අන්ආම්:162)
හදීසයක:
"لَعَنَ اللَّهُ مَنْ ذَبَحَ لِغَيْرِ اللَّهِ".
කවරෙකු අල්ලාහ් නොවන දෙයක් වෙනුවෙන් සත්වයකු කැප කළේ ද අල්ලාහ් ඔහුට ශාප කර ඇත්තේය.
භාරය සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿يُوفُونَ بِٱلنَّذۡرِ وَيَخَافُونَ يَوۡمٗا كَانَ شَرُّهُۥ مُسۡتَطِيرٗا٧﴾
ඔවුහු (තමන්ගේ) භාරය ඉටු කරති. තවද එහි හානිය පැතිර පවතින දිනයට ඔවුහු බිය වෙති. (අල් ඉන්සාන්:7)
දෙවන මූලධර්මය
සාක්ෂි සාධක සහිතව ඉස්ලාම් දහම දැන හඳුනා ගැනීම යනු: අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගෙන ඔහුට යටහත් වීම, කීකරුකමෙන් ඔහුට අවනත වීම, බහු දේවවාදය හා එහි අනුගාමිකයන්ගෙන් ඉවත් වීමයි.
එය අදියර තුනකි: ඉස්ලාම්, ඊමාන් සහ ඉහ්සාන් ය.
සෑම මට්ටමකටම මූලිකාංග ඇත.
۞ ඉස්ලාමයේ මූලිකාංග පහකි: එනම්, නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම (ශහාදා), සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම හා ශුද්ධ වූ දේව නිවස වෙත හජ් වන්දනාව ඉටු කිරීම.
ශහාදාව සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلۡمَلَٰٓئِكَةُ وَأُوْلُواْ ٱلۡعِلۡمِ قَآئِمَۢا بِٱلۡقِسۡطِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ١٨﴾
සැබැවින් ම තමන් හැර වෙනත් දෙවියෙක් නොමැත බව අල්ලාහ් සාක්ෂි දරයි. එමෙන් ම මලක්වරුන් ද, යුක්තිය ඉටු කරන ඥානයෙන් යුත් අය ද (සාක්ෂි දරති.) මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත. (ආලු ඉම්රාන් 3:18)
එහි තේරුම නම්: සැබෑ ලෙස නැමදුම් ලබන්නට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත.
"ලා ඉලාහ" යනු අල්ලාහ් හැර නමඳිනු ලබන සියලු දෑ ප්‍රතික්ෂේප කිරීමයි.
"ඉල්ලල්ලාහ්" යන්නෙන් නැමදුම අල්ලාහ්ට පමණක් බව ස්ථිර කෙරේ.
ඔහුගේ පාලනයේ ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැතිවා සේම, ඔහුට නැමදුම් කිරීමෙහි ද කිසිදු හවුල්කරුවෙකු නැත.
උසස් වූ අල්ලාහ්ගේ මෙම ප්‍රකාශය එය විග්‍රහ කරයි,
﴿وَإِذۡ قَالَ إِبۡرَٰهِيمُ لِأَبِيهِ وَقَوۡمِهِۦٓ إِنَّنِي بَرَآءٞ مِّمَّا تَعۡبُدُونَ٢٦ إِلَّا ٱلَّذِي فَطَرَنِي..﴾
තවද “නියත වශයෙන් ම නුඹලා නමදින දැයින් මම ඉවත් වූයෙක්මි” යැයි ඉබ්රාහීම් තම පියා හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එහෙත් මා මැවූ අය හැර.. (අස්-සුක්රුෆ්: 26,27)
තවත් වැකියක අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
﴿قُلۡ يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ تَعَالَوۡاْ إِلَىٰ كَلِمَةٖ سَوَآءِۭ بَيۡنَنَا وَبَيۡنَكُمۡ أَلَّا نَعۡبُدَ إِلَّا ٱللَّهَ وَلَا نُشۡرِكَ بِهِۦ شَيۡـٔٗا وَلَا يَتَّخِذَ بَعۡضُنَا بَعۡضًا أَرۡبَابٗا مِّن دُونِ ٱللَّهِۚ فَإِن تَوَلَّوۡاْ فَقُولُواْ ٱشۡهَدُواْ بِأَنَّا مُسۡلِمُونَ٦٤﴾
‘අහෝ දහම් ලත් ජනයිනි! අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු අපි නො නමදිමු. ඔහුට කිසිවක් ආදේශ නො තබමු. අල්ලාහ්ගෙන් තොරව අප අතරින් ඇතැමෙක් ඇතැමෙකුව දෙවියන් ලෙස නො ගත යුතුය යනුවෙන් අප හා ඔබ අතර වූ පොදු සම්මත වදනක් වෙත පැමිණෙනු’ යැයි (නබිවරය!) පවසනු. එවිට ඔවුහු පිටුපෑවෙහු නම් ‘සැබැවින් ම අපි අවනත වූවන් බවට නුඹලා සාක්ෂි දරනු’ යැයි පවසනු. (ආලු ඉම්රාන්: 64)
මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම සඳහා වූ සාධකය නම්, උසස් වූ අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි:
﴿لَقَدۡ جَآءَكُمۡ رَسُولٞ مِّنۡ أَنفُسِكُمۡ عَزِيزٌ عَلَيۡهِ مَا عَنِتُّمۡ حَرِيصٌ عَلَيۡكُم بِٱلۡمُؤۡمِنِينَ رَءُوفٞ رَّحِيمٞ١٢٨﴾
(විශ්වාස කරන්නනි!) නුඹලා අතුරින් වූ ධර්ම දූතයකු නුඹලා වෙත සැබැවින් ම පැමිණ ඇත. නුඹලා දුෂ්කරත්වයට පත්වීම ගැන ඔහු බලවත් සේ කණගාටු වන්නෙකි. ඔහු නුඹලා කෙරෙහි දැඩි සැලකිලිමත් වන්නෙකි. දේවත්වය විශ්වාස කරන්නන්හට සෙනෙහෙවන්ත ය; මහා කාරුණික ය. (අත්-තව්බා: 128)
සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බව සාක්ෂි දැරීමේ අර්ථය නම්: එතුමා නියෝග කළ දෑහි එතුමාට අවනත වීමත්, එතුමා දන්වා සිටි දෑහි එතුමාව සහතික කිරීමත්, එතුමා තහනම් කළ හා හෙළා දුටු දැයින් වැළකී සිටීමත්, තවද එතුමා ආගමානුගත කළ දෑ හැර වෙනත් යම් දෙයකින් අල්ලාහ් නැමදුමට ලක් නොවීමත්ය.
සලාතය, සකාතය සඳහා සාක්ෂිය සහ තව්හීද්හි විග්‍රහය: උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
﴿وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعۡبُدُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ وَيُقِيمُواْ ٱلصَّلَوٰةَ وَيُؤۡتُواْ ٱلزَّكَوٰةَۚ وَذَٰلِكَ دِينُ ٱلۡقَيِّمَةِ٥﴾
තවද පිවිතුරු දහම අල්ලාහ්ට පුද කරමින් ඔහුව නැමදීමටත් සලාතය ස්ථාපිත කිරීමටත් zසකාත් පිරිනැමීමටත් මිස ඔවුහු අණ කරනු නො ලැබුවෝ ය. තවද ඍජු දහම වනුයේ එයයි. (අල් බය්යිනා: 5)
උපවාසය සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ كُتِبَ عَلَيۡكُمُ ٱلصِّيَامُ كَمَا كُتِبَ عَلَى ٱلَّذِينَ مِن قَبۡلِكُمۡ لَعَلَّكُمۡ تَتَّقُونَ١٨٣﴾
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි නියම කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය නියම කරනු ලැබී ය. (අල් බකරා: 183)
හජ් සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿وَلِلَّهِ عَلَى ٱلنَّاسِ حِجُّ ٱلۡبَيۡتِ مَنِ ٱسۡتَطَاعَ إِلَيۡهِ سَبِيلٗاۚ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنِ ٱلۡعَٰلَمِينَ٩٧﴾
තවද හජ් සඳහා පහසුකම් ඇත්තවුනට එම ගෘහයෙහි හජ් වන්දනාමාන කිරීම අල්ලාහ් වෙනුවෙන් වූ ජනයාහට පැවරුණු වගකීමකි. තවද කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද සැබැවින් ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් පොහොසත් ය. (ආලු ඉම්රාන්: 97)
۞ දෙවන මට්ටම: ඊමාන් හෙවත් දේව විශ්වාසයයි. එය ශාඛා හැත්තෑ ගණනකි. ඒවා අතරින් වඩාත් උතුම් වනුයේ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යන ප්‍රකාශයයි. ඒවා අතරින් වඩාත් පහළම මට්ටම වනුයේ හානිදායක දෑ මාර්ගයෙන් ඉවත් කිරීමයි. ලැජ්ජාවද ඊමානයේ ශාඛාවක් වන්නේය.
එහි මූලිකාංග හයකි: අල්ලාහ්, ඔහුගේ මලාඉකාවරුන්, ඔහුගේ ග්‍රන්ථ, ඔහුගේ දූතවරුන්, අවසාන දිනය, සහ කදරය (පෙර නියමය) - එහි යහපත හා අයහපත - ගැන විශ්වාස කිරීමයි.
මෙම මූලිකාංග හය සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿لَّيۡسَ ٱلۡبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمۡ قِبَلَ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَلَٰكِنَّ ٱلۡبِرَّ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَٱلۡمَلَٰٓئِكَةِ وَٱلۡكِتَٰبِ وَٱلنَّبِيِّـۧنَ...﴾
නැගෙනහිර හා බටහිර දෙසට නුඹලාගේ මුහුණ හැරවීම පමණක් යහපත නො වේ. එහෙත් යහපත වනුයේ කවරෙකු අල්ලාහ්, අවසන් දිනය, මලක්වරුන්, දේව ග්‍රන්ථය සහ වක්තෘවරුන්ව විශ්වාස කොට... (අල් බකරා 2:177)
කදරය (පෙර නියමය) සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿إِنَّا كُلَّ شَيۡءٍ خَلَقۡنَٰهُ بِقَدَرٖ ٤٩﴾
නියත වශයෙන් ම අපි සෑම දෙයක් ම ප්‍රමාණයකින් යුතුව මවා ඇත්තෙමු. (අල් කමර්: 49)
۞ තුන්වන මට්ටම: ඉහ්සාන්. එය එක් කුළුණකි. එනම්, "ඔබ අල්ලාහ්ව දකින්නාක් සේ ඔහුව නැමදීමය. ඔබ ඔහුව නොදුටුවත් සැබැවින්ම ඔහු ඔබව දකියි" යන්නයි.
මෙය සම්බන්ධව, අල්ලාහ් මෙසේ පවසා සිටියි.
﴿إِنَّ ٱللَّهَ مَعَ ٱلَّذِينَ ٱتَّقَواْ وَّٱلَّذِينَ هُم مُّحۡسِنُونَ١٢٨﴾
නියත වශයෙන් ම අල්ලාහ් බිය හැඟීමෙන් යුතුව කටයුතු කළවුන් හා දැහැමිව කටයුතු කළවුන් වන ඔවුන් සමඟ ය. (අන්-නහ්ල්: 128)
තවත් වැකියක අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
﴿وَتَوَكَّلۡ عَلَى ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ٢١٧ ٱلَّذِي يَرَىٰكَ حِينَ تَقُومُ٢١٨ وَتَقَلُّبَكَ فِي ٱلسَّٰجِدِينَ٢١٩﴾
තවද නුඹ සර්ව බලධාරී මහාකරුණාන්විතයාණන් මත (සියල්ල) භාර කරනු. ඔහු වනාහි නුඹ නැගිට නැමදුම් කරන විට නුඹව දකින්නා ය. තවද සුජූද් කරන්නන් අතර නුඹගේ චලනය ද (ඔහු දකින්නාය). (අෂ්-ෂුඅරාඃ: 217-219)
තවත් වැකියක උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
﴿وَمَا تَكُونُ فِي شَأۡنٖ وَمَا تَتۡلُواْ مِنۡهُ مِن قُرۡءَانٖ وَلَا تَعۡمَلُونَ مِنۡ عَمَلٍ إِلَّا كُنَّا عَلَيۡكُمۡ شُهُودًا إِذۡ تُفِيضُونَ فِيهِ...﴾
තවද නුඹ කවර කරුණක (නිරත ව) සිටින්නේ ද තවද කුමන දෙයක් අල්-කුර්ආනයෙන් නුඹ පාරායනය කරන්නේ ද තවද (මිනිසුනි!) යම් කිසි ක්‍රියාවක් නුඹලා කරන්නේ ද නුඹලා එහි නිරත වන විට නුඹලා වෙත අප සාක්ෂිකරුවන් ලෙස සිටියා මිස නැත... (යූනුස්: 61)
සුන්නාහ්වෙහි සඳහන් වන සාක්ෂිය නම්, උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසූ බවට වාර්තා වන ජිබ්රීල්ගේ සුප්‍රසිද්ධ හදීසයයි:
"بَيْنَمَا نَحْنُ عِنْدَ رَسُولِ اللَّهِ ﷺ ذَاتَ يَوْمٍ، إِذْ طَلَعَ عَلَيْنَا رَجُلٌ، شَدِيدُ بَيَاضِ الثِّيَابِ، شَدِيدُ سَوَادِ الشَّعَرِ، لَا يُرَى عَلَيْهِ أَثَرُ السَّفَرِ، وَلَا يَعْرِفُهُ مِنَّا أَحَدٌ، حَتَّى جَلَسَ إِلَى النَّبِيِّ ﷺ فَأَسْنَدَ رُكْبَتَيْهِ إِلَى رُكْبَتَيْهِ، وَوَضَعَ كَفَّيْهِ عَلَى فَخِذَيْهِ، وَقَالَ: يَا مُحَمَّدُ !
අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ වාඩිවී සිටි අතරවාරයේ දිනක්, අප වෙත සුදෝ සුදු ඇඳුමකින් හා කළුවන් හිසකෙස් සහිත මිනිසෙකු පැමිණීය. ගමනක සළකුණක් හෝ ඔහු මත දැක ගන්නට නොවීය. අප අතරින් කිසිවකුත් ඔහුව හඳුනන්නේ ද නැත. අවසානයේ ඔහු ඔහුගේ දණහිස් දෙක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දණහිස් දෙකට ළං කර, ඔහුගේ අත්දෙක ඔහුගේ කලවා දෙක මත තබා වාඩි වී, ‘අහෝ මුහම්මද්!’ යැයි පවසා...
أَخْبِرْنِي عَنِ الإِسْلَامِ؟
ඉස්ලාමය ගැන තොරතුරු මාහට දන්වනු?
فَقَالَ رَسُولُ اللَّهِ ﷺ: الإِسْلَامُ: أَنْ تَشْهَدَ أَلَّا إِلَهَ إِلَّا اللَّهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ، وَتُقِيمَ الصَّلَاةَ، وَتُؤْتِيَ الزَّكَاةَ، وَتَصُومَ رَمَضَانَ، وَتَحُجَّ البَيْتَ إِنِ اسْتَطَعْتَ إِلَيْهِ سَبِيلًا، قَالَ: صَدَقْتَ - فَعَجِبْنَا لَهُ، يَسْأَلُهُ وَيُصَدِّقُهُ –.
එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: "ඉස්ලාම් යනු නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැති බව සහ මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් බව ඔබ සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, රමළාන් මාසයේ උපවාස ශීලය රැකීම, ඔබට හැකියාවක් ඇත්නම් දේව නිවස වෙත ගොස් හජ් ඉටු කිරීම යි." එවිට ඔහු, ‘ඔබ පැවසුවේ සත්‍යයකි’ යැයි පැවසීය. ඔහුම (එතුමාණන්ගෙන්) විමසා, ඔහුම එය සත්‍ය යැයි පැවසීම අපව පුදුමයට පත් කළේය.
قَالَ: فَأَخْبِرْنِي عَنِ الْإِيمَانِ؟
ඔහු, “එසේනම් ඊමාන් යනු කුමක්දැයි මට පවසන්න?” යැයි පැවසීය.
قَالَ: أَنْ تُؤْمِنَ بِاللَّهِ، وَمَلَائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَاليَوْمِ الْآخِرِ، وَتُؤْمِنَ بِالقَدَرِ خَيْرِهِ وَشَرِّهِ، قَالَ: صَدَقْتَ.
නබිතුමා මෙසේ පැවසුවේය: “අල්ලාහ්, ඔහුගේ මලක්වරුන්, ඔහුගේ දහම්, ඔහුගේ දූතවරුන් හා අවසන් දිනය පිළිබඳ ඔබ විශ්වාස කිරීම හා පෙර නියමය පරිදි එහි හොඳ නරක සිදුවන බවත් ඔබ විශ්වාස කිරීමයි.” එවිට ඔහු, “ඔබ සත්‍ය පැවසුවේය.” යැයි පැවසුවේය.
قَالَ: فَأَخْبِرْنِي عَنِ الْإِحْسَانِ؟
ඔහු: ‘එසේ නම් ඉහ්සාන් ගැන මට දන්වන්න?’ යැයි පවසා සිටියේය.
قَالَ: أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ.
ඔහු පැවසුවේය: "ඔබ අල්ලාහ් දෙවිඳාණන් ව දකින්නා සේ නැමදීමය. ඔබ ඔහු ව නොදැක්කද, ඔහු ඔබ දෙස බලා සිටින්නේය.
قَالَ: فَأَخْبِرْنِي عَنِ السَّاعَةِ؟
“එසේනම්, අවසන් හෝරාව ගැන මට දන්වන්න?” යි ඔහු විමසීය.
قَالَ: مَا المَسْؤُولُ عَنْهَا بِأَعْلَمَ مِنَ السَّائِلِ.
ඔහු: 'ඒ පිළිබඳව විමසනු ලබන්නා විමසන්නාට වඩා මැනවින් දන්නෙකු නොවෙයි' යැයි පැවසුවේය.
قَالَ: فَأَخْبِرْنِي عَنْ أَمَارَاتِهَا؟
'එසේ නම් එහි සලකුණු පිළිබඳව මට පවසන්න'යි ඔහු විමසීය.
قَالَ: أَنْ تَلِدَ الأَمَةُ رَبَّتَهَا، وَأَنْ تَرَى الحُفَاةَ العُرَاةَ العَالَةَ رِعَاءَ الشَّاءِ، يَتَطَاوَلُونَ فِي البُنْيَانِ.
ඔහු පැවසුවේය: “වහල් ස්ත්‍රිය ඇගේ ස්වාමි දියණිය බිහි කිරීමත්, පාවහන් නොමැති, නිරුවත්, දිළිඳු බැටළු එඬේරුන් උස් ගොඩනැගිලි තැනීමෙහි ලා එකිනෙකා පරයා යෑමට තරඟ කරනු ඔබ දැකීමත්ය.”
قَالَ: ثُمَّ انْطَلَقَ فَلَبِثْتُ مَلِيًّا، ثُمَّ قَالَ لِي: يَا عُمَرُ! أَتَدْرِي مَنِ السَّائِلُ؟ قُلْتُ: اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ، قَالَ: فَإِنَّهُ جِبْرِيلُ، أَتَاكُمْ يُعَلِّمُكُمْ دِينَكُمْ".
පසුව ඔහු හැරී ගියේය. එතුමාණෝ මදක් රැඳී සිට පසුව මෙසේ විමසීය. ‘අහෝ උමර්! විමසා සිටි තැනැත්තා කවුරුන්දැ?යි ඔබ දන්නෙහි ද?" මම, "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී" යැයි පැවසුවෙමි. එතුමාණෝ, “සැබැවින්ම ඔහු ජිබ්රීල්ය. නුඹලාට නුඹලාගේ දහම ඉගැන්වීම සඳහා ඔහු නුඹලා වෙත පැමිණියේය” යැයි පැවසූහ.
තුන්වන මූලධර්මය
ඔබගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව දැනගැනීම: එතුමාණන්ගේ සම්පූර්ණ නම වනාහි මුහම්මද් බින් අබ්දුල්ලා බින් අබ්දුල් මුත්තලිබ් බින් හාෂිම් ය; හාෂිම්වරු යනු කුරයිෂ් වංශයෙන් පැවැත එන්නන්ය, කුරේෂ්වරු අරාබිවරුගේ පැවත එන්නන්ය, අරාබිවරුන් ඉස්මායිල්ගේ පරපුරෙන් පැවැත එන්නන්ය, ඉස්මායිල් යනු ඉබ්රාහිම් (අලයිහිස් සලාම්) තුමාගේ පුත්‍රයාණන්ය. එතුමාණන්ට හා අපගේ නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාට අල්ලාහ්ගේ විශිෂ්ඨතම ආශිර්වාදය සහ සාමය ඇති වේවා.
එතුමා මෙලොවේ ජීවත් වූ කාළය අවුරුදු හැට තුනකි. ඉන් වසර හතළිහක් නබිත්වයට පෙර ද, වසර විසි තුනක් නබිවරයකු හා දූතයකු ලෙස ද විය.
“ඉක්රඃ” කියවනු යන ප්‍රථම දේව හෙළිදරව්ව මගින් නබිත්වයද, “අල් මුද්දස්සිර්” පොරවාගෙන සිටින්නාණෙනි යන පාඨය මගින් රසූල්වරයෙකු ලෙසද එවන ලදී. එතුමාණන් උපන් නගරය මක්කාවයි.
ආදේශ කිරීමෙන් අනතුරු ඇඟවීමටත්, දේව ඒකීයත්වය වෙත කැඳවීමටත් අල්ලාහ් එතුමාව එවීය. ඊට සාධකය නම් උත්තරීතර අල්ලාහ්ගේ මෙම වදනයි:
﴿يَٰٓأَيُّهَا ٱلۡمُدَّثِّرُ١ قُمۡ فَأَنذِرۡ٢ وَرَبَّكَ فَكَبِّرۡ٣ وَثِيَابَكَ فَطَهِّرۡ٤ وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ٥ وَلَا تَمۡنُن تَسۡتَكۡثِرُ٦ وَلِرَبِّكَ فَٱصۡبِرۡ٧﴾
අහෝ පොරවා ගෙන සිටින්නාණනි! නුඹ නැගී සිට, අවවාද කරනු. තවද නුඹගේ පරමාධිපතිව උත්කෘෂ්ට කරනු. තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු. තවද කිලිට්ටෙන් වළකිනු. නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නො කරනු. තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු. (අල් මුද්දස්සිර්: 1-7)
අර්ථ විග්‍රහය:
﴿قُمۡ فَأَنذِرۡ﴾:
(නුඹ නැගී සිට, අවවාද කරනු.) දේව ආදේශය ගැන අනතුරු අඟවා, දේව ඒකීයත්වය වෙත ඇරයුම් කරනු.
﴿وَرَبَّكَ فَكَبِّرۡ﴾
තවද නුඹගේ පරමාධිපතිව උත්කෘෂ්ට කරනු.
එනම්: ඒක දේවත්වය තුළින් ඔහුගේ බල මහිමය පැසසුම් කරනු.
﴿وَثِيَابَكَ فَطَهِّرۡ﴾
තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු.
එනම්, ඔබේ ක්‍රියාවන් ආදේශ කිරීමෙන් පිරිසිදු කර ගනු.
﴿وَٱلرُّجۡزَ فَٱهۡجُرۡ﴾
තවද කිලිට්ටෙන් වළකිනු.
අර්-රුජ්ස් යනු පිළිමයි. එයින් වැළකීම යනු, ඒවා අත්හැරීමත්, ඒවායින් මෙන්ම ඒවායේ අනුගාමිකයින්ගෙන් ද ඉවත් වීමයි.
එතුමාණෝ වසර දහයක් ඒකදේවත්වය වෙත කැඳවමින් සිටියහ. එම වසර දහයට පසුව එතුමාණන්ව අහසට ඔසවනු ලැබ, පස්වේල් සලාතය එතුමාණන් වෙත අනිවාර්යය කරනු ලැබීය. එතුමාණෝ මක්කාවේ වසර තුනක් සලාතය ඉටු කළහ. ඉන් අනතුරුව මදීනාවට හිජ්රත් කරන මෙන් එතුමාණන්ට නියෝග කරනු ලැබීය.
හිජ්රත් නම් නික්මයාම යනු ෂිර්ක්හි දේශයෙන් ඉස්ලාමීය දේශය වෙත සංක්‍රමණය වීමයි.
ෂිර්ක් දේශයේ සිට ඉස්ලාමීය දේශය වෙත හිජ්රත් කිරීම මෙම ප්‍රජාව කෙරෙහි අනිවාර්ය (ෆර්ළ්) වන අතර, එය යුගාන්තය දක්වා පවතිනු ඇත.
ඒ සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿ إِنَّ ٱلَّذِينَ تَوَفَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ ظَالِمِيٓ أَنفُسِهِمۡ قَالُواْ فِيمَ كُنتُمۡۖ قَالُواْ كُنَّا مُسۡتَضۡعَفِينَ فِي ٱلۡأَرۡضِۚ قَالُوٓاْ أَلَمۡ تَكُنۡ أَرۡضُ ٱللَّهِ وَٰسِعَةٗ فَتُهَاجِرُواْ فِيهَاۚ فَأُوْلَٰٓئِكَ مَأۡوَىٰهُمۡ جَهَنَّمُۖ وَسَآءَتۡ مَصِيرًا٩٧ إِلَّا ٱلۡمُسۡتَضۡعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلۡوِلۡدَٰنِ لَا يَسۡتَطِيعُونَ حِيلَةٗ وَلَا يَهۡتَدُونَ سَبِيلٗا٩٨﴾
තමන්ට ම අපරාධ කර ගත්තවුන් ලෙස සිටිය දී ඔවුන්ව මලක්වරු මරණයට පත් කරන විට “නුඹලා කවර තත්ත්වයක සිටියෙහු දැ” යි විමසති. එවිට “මහපොළොවේ අපි දුබලයින් ලෙස සිටියෙමු” යැයි ඔවුහු පවසති. “අල්ලාහ්ගේ මහපොළොව විශාල නො වී ද? එහෙයින් නුඹලා එහි සංක්‍රමණය වීමට තිබුණි” යැයි පවසති. මොවුන් පිවිසෙන ස්ථානය නිරය වේ. එය නවාතැනින් ඉතා නපුරු විය. ඔවුනට කිසිදු උපාය මාර්ගයක් ගැනීමට හැකියාවක් නොමැති, කිසිදු මාර්ගයක් මඟ පෙන්වනු නො ලැබූ, පිරිමින් අතුරින් දුබලයින් ද කාන්තාවන් ද ළමුන් ද හැර. (අන්-නිසා: 97-98)
තවත් වැකියක අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
﴿يَٰعِبَادِيَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ أَرۡضِي وَٰسِعَةٞ فَإِيَّٰيَ فَٱعۡبُدُونِ٥٦﴾
අහෝ විශ්වාස කළ මාගේ ගැත්තනි! නියත වශයෙන් ම මාගේ භූමිය විශාල ය. එහෙයින් නුඹලා මට ම නැමදුම් කරනු. (අල්-අන්කබූත්: 56)
ඉමාම් අල් බගවී (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පවසයි: මෙම අල්කුර්ආන් පාඨය පහළ වීමට වූ හේතුව: මක්කාවෙහි සිට හිජ්රත් නොකළ මුස්ලිම්වරුන් සම්බන්ධයෙනි. අල්ලාහ් ඔවුන් ව ඊමාන් යන නාමයෙන් ඇමතුවේය.
හිජ්රතය පිළිබඳව සුන්නාහ්වේ සඳහන් වන සාධකය නම්, නබි (සල්) තුමාණන්ගේ මෙම ප්‍රකාශයයි.
"لَا تَنْقَطِعُ الهِجْرَةُ حَتَّى تَنْقَطِعَ التَّوْبَةُ، وَلَا تَنْقَطِعُ التَّوْبَةُ حَتَّى تَطْلُعَ الشَّمْسُ مِنْ مَغْرِبِهَا".
පාපෝච්ඡාරණය නතර වන තෙක් හිජ්රත් කිරීම නතර නොවන්නේය. හිරු බටහිරින් උදාවන තෙක් පාපෝච්ඡාරණය ද නතර නොවන්නේය.
මදීනාවේ ස්ථාවර වූ පසු, සකාත්, සව්‍ම්, හජ්, අදාන්, ජිහාද්, යහපත අණ කිරීම සහ අයහපත වැළැක්වීම වැනි ඉතිරි ඉස්ලාමීය ආගමික පිළිවෙත් පිළිබඳව අණ කරනු ලැබූ අතර, එතුමාණෝ මේ මත පිහිටා වසර දහයක් කටයුතු කළහ.
එතුමාණන් අභාවයට පත්ව ගිය අතර එතුමාගේ දහම ඉතිරිව පවතී. මෙය එතුමාගේ දහමයි. එතුමාණන් තම ප්‍රජාවට මග නොපෙන්වූ කිසිදු යහපතක් ද, එයින් අනතුරු නොඇඟවූ කිසිදු නපුරක් ද නැත.
එතුමාණන් පෙන්වූ යහපත නම්, දේව ඒකීයත්වයත්, අල්ලාහ් ප්‍රිය කර තෘප්තිමත් වන සියලු දෑත්ය.
තවද එතුමාණන් අනතුරු අඟවන ලද අයහපත නම්, ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ කිරීමත්, අල්ලාහ් පිළිකුල් කරන හා ප්‍රතික්ෂේප කරන සියලු දෑත් ය.
අල්ලාහ් ඔහුව සමස්ත මිනිස් වර්ගයා වෙතට එවූ අතර, ජින්වරුන් සහ මිනිසුන් යන සමස්ත දෙකොටසටම ඔහුට අවනත වීම අනිවාර්ය කළේය. ඊට සාක්ෂිය වශයෙන් උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
﴿قُلۡ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُمۡ جَمِيعًا...﴾
‘අහෝ ජනයිනි! සැබැවින් ම මම නුඹලා සියළු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි යැයි නබිවරය නුඹ පවසනු...’ (අල් අඃරාෆ්:158)
තවද අල්ලාහ් එතුමා මගින් දහම පරිපූර්ණ කළේය. ඊට සාක්ෂිය නම් උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි:
﴿...ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗاۚ...﴾
අද දින නුඹලාට නුඹලාගේ දහම මම සම්පූර්ණ කළෙමි. නුඹලා කෙරෙහි වූ මාගේ ආශිර්වාදය ද සම්පූර්ණවත් කළෙමි. නුඹලා වෙනුවෙන් දහමක් ලෙස ඉස්ලාමය මම පිළිගතිමි. (අල් මාඉදා: 3)
එතුමාගේ මරණය සඳහා වූ සාධකය, උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි.
﴿إِنَّكَ مَيِّتٞ وَإِنَّهُم مَّيِّتُونَ ٣٠ ثُمَّ إِنَّكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عِندَ رَبِّكُمۡ تَخۡتَصِمُونَ ٣١﴾
නියත වශයෙන් ම නුඹ මිය යන අයෙකි. එමෙන් ම නියත වශයෙන් ම ඔවුහු ද මිය යන අය වෙති. පසුව නියත වශයෙන් ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපති අබියස වාද කරන්නෙහු ය. (අස්-සුමර්: 30-31)
තවද මිනිසුන් මිය ගිය කල්හි නැවත නැගිටුවනු ලබති; ඊට සාධකය නම් උත්තරීතරයාණන්ගේ මෙම ප්‍රකාශයයි:
﴿مِنۡهَا خَلَقۡنَٰكُمۡ وَفِيهَا نُعِيدُكُمۡ وَمِنۡهَا نُخۡرِجُكُمۡ تَارَةً أُخۡرَىٰ ٥٥﴾
(මහපොළොව වන) එයින්ය අප නුඹලා මැව්වේ. තවද ඒ තුළටය අප නුඹලා නැවත යොමු කරනුයේ. තවද යළිත් වරක් එයින්ය අප නුඹලා බැහැර කරනුයේ. (තාහා: 55)
තවත් වැකියක අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
﴿وَٱللَّهُ أَنۢبَتَكُم مِّنَ ٱلۡأَرۡضِ نَبَاتٗا ١٧شَهِدَ ثُمَّ يُعِيدُكُمۡ فِيهَا وَيُخۡرِجُكُمۡ إِخۡرَاجٗا ١٨﴾
“තවද අල්ලාහ් නුඹලාව මහපොළොවෙන් බිහි කර වැඩෙන්නට සැලැස්වී ය. පසුව ඒ තුළට ඔහු නුඹලාව නැවතත් එවන්නේ ය. තවද නුඹලාව බැහැර කරමින් නික්මෙන්නට සලස්වන්නේ ය.” (අන් නූහ්: 17-18)
යළි අවදි කිරීමෙන් පසු ව ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව විනිශ්චය කරනු ලබන අතර ප්‍රතිඵල ද පිරිනමනු ලැබේ. ඊට සාධකය වශයෙන් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:
﴿...لِيَجۡزِيَ ٱلَّذِينَ أَسَٰٓـُٔواْ بِمَا عَمِلُواْ وَيَجۡزِيَ ٱلَّذِينَ أَحۡسَنُواْ بِٱلۡحُسۡنَى﴾
නපුරුකම් කළවුනට ඔවුන් සිදු කළ දෑ අනුව ප්‍රතිවිපාක දෙනු පිණිසත් යහපත් අයුරින් යහකම් කළවුනට ප්‍රතිඵල දෙනු පිණිසත් ය. (අන්-නජ්ම්: 31)
තවද කවරෙකු නැවත නැගිටුවීම බොරු කරන්නේ ද, ඔහු කාෆිර්වරයෙක් (අල්ලාහ් ව ප්‍රතික්ෂේප කළ කෙනෙක්) වේ. මීට සාධකය වශයෙන් උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත:
﴿زَعَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَن لَّن يُبۡعَثُواْۚ قُلۡ بَلَىٰ وَرَبِّي لَتُبۡعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلۡتُمۡۚ وَذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ٧﴾
තමන් (මළවුන් කෙරෙන්) අවදි කරනු නො ලබන්නෝම යැයි ප්‍රතික්ෂේප කළවුන් තරයේ ම සිතුවෝ ය. “එසේ නොව මාගේ පරමාධිපති මත දිවුරමින් නියත වශයෙන් ම නුඹලා අවදි කරනු ලබනු ඇත. පසුව නුඹලා සිදු කළ දෑ පිළිබඳව නුඹලාට දන්වනු ලබනු ඇත” යැයි (නබිවරය!) නුඹ පවසනු. තවද එය අල්ලාහ් වෙත පහසු ය. (අත්-තඝාබුන්: 7)
තවද අල්ලාහ් සියලු දූතවරුන් ශුභාරංචි දන්වන්නන් ලෙස හා අවවාද කරන්නන් ලෙස එව්වේය. එයට සාධකය වශයෙන් උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:
﴿رُّسُلٗا مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى ٱللَّهِ حُجَّةُۢ بَعۡدَ ٱلرُّسُلِ...﴾
එම රසූල්වරුන්ට පසුව කිසිදු සාධකයක් අල්ලාහ්ට එරෙහිව ජනයාට නො වනු පිණිස ඇතැම් රසූල්වරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙස සිටියහ. (අන් නිසා: 165)
ඔවුන් අතුරින් පළමුවැන්නා නූහ් (අලෙයිහිස් සලාම්) තුමාය.
ඔවුන්ගෙන් අවසාන තැනැත්තා මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ය. එතුමාණන් නබිවරුන්ගේ මුද්‍රාවයි. එතුමාණන්ගෙන් පසු කිසිදු නබිවරයෙකු නොමැත. ඊට සාක්ෂිය නම් උත්තරීතර අල්ලාහ්ගේ මෙම ප්‍රකාශයයි:
﴿مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٖ مِّن رِّجَالِكُمۡ وَلَٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّـۧنَ...﴾
මුහම්මද් නුඹලාගේ පිරිමින් අතුරින් කිසිවකුගේ පියෙකු නො වීය. එහෙත් ඔහු අල්ලාහ්ගේ ධර්ම දූතයාණන් ය. තවද නබිවරුන්ගේ මුද්‍රාව ය... (සූරා අල් අහ්සාබ් 33:40)
ඔවුන් අතුරින් පළමුවැන්නා නූහ් බවට වන සාධකය: උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය මෙසේය:
﴿إِنَّآ أَوۡحَيۡنَآ إِلَيۡكَ كَمَآ أَوۡحَيۡنَآ إِلَىٰ نُوحٖ وَٱلنَّبِيِّـۧنَ مِنۢ بَعۡدِهِ...﴾
සැබැවින් ම නූහ්ට හා ඔහුගෙන් පසු වූ නබිවරුන්ට වහී (දිව්‍ය පණිවිඩය) පහළ කළාක් මෙන් නුඹ වෙත ද සැබැවින් ම අපි වහී පහළ කළෙමු... (අන් නිසා: 163)
තවද අල්ලාහ් සෑම සමූහයකට ම - නූහ්ගේ සිට මුහම්මද් දක්වා - දූතයකු එව්වේ, ඔවුන්ට අල්ලාහ්ට පමණක් නැමදුම් කරන ලෙස අණ කිරීමටත්, තාගූත් (අල්ලාහ් හැර නමඳිනු ලබන අනෙකුත් දෑ) නැමදුම් කිරීමෙන් ඔවුන් වැළැක්වීමටත් ය. එයට සාක්ෂිය නම් උසස් වූ අල්ලාහ්ගේ ප්‍රකාශයයි:
﴿وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّٰغُوتَ...﴾
තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද නපුරු බලවේගවලින් වැළකී සිටිනු යැයි (දන්වා) සැබැවින් ම අපි සෑම සමූහයකට ම රසූල්වරයකු එව්වෙමු... (අන්-නහ්ල්: 36)
අල්ලාහ් සියලුම ගැත්තන් මත (අල්ලාහ් හැර නමඳිනු ලබන) තාගූත් ප්‍රතික්ෂේප කිරීමත්, අල්ලාහ්ව විශ්වාස කිරීමත් අනිවාර්ය කළේය.
ඉබ්නුල් කයියිම්තුමා මෙසේ පවසයි: තාඝූත් යනු, ගැත්තා තම සීමාව ඉක්මවා ගොස්, නැමදුම් කරන, අනුගමනය කරන හෝ කීකරු වන දෙයයි.
තාඝූත් යනුවෙන් හඳුන්වනු ලබන්නන් බොහෝය. ඔවුන්ගේ ප්‍රධානීන් පස් දෙනෙකි. 1. අල්ලාහ්ගේ ශාපයට ලක් වූ ඉබ්ලීස්. 2. තමන් නැමදුම් කරනු ලැබීම පිළිබඳව තෘප්තිමත් වන්නා. 3. තමන්ට නැමදුම් කරන මෙන් ජනයාට ආරාධනා කරන්නා. 4. ගුප්ත දැණුමෙන් යම් දෙයක් තමන් දන්නා බවට ප්‍රකාශ කරන්නා. 5. අල්ලාහ් පහළ කළ දැයට පටහැනිව තීන්දු දෙන්නා.
පරමාධිපති අල්ලාහ් මේ පිළිබඳ මෙසේ පවසයි.
﴿لَآ إِكۡرَاهَ فِي ٱلدِّينِۖ قَد تَّبَيَّنَ ٱلرُّشۡدُ مِنَ ٱلۡغَيِّۚ فَمَن يَكۡفُرۡ بِٱلطَّٰغُوتِ وَيُؤۡمِنۢ بِٱللَّهِ فَقَدِ ٱسۡتَمۡسَكَ بِٱلۡعُرۡوَةِ ٱلۡوُثۡقَىٰ لَا ٱنفِصَامَ لَهَاۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ٢٥٦﴾
දහම තුළ කිසිදු බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි විය. එබැවින් කවරෙක් නපුරු බලවේගයන් ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ව විශ්වාස කරන්නේ ද එවිට ඔහු ශක්තිමත් රැහැනක් අල්ලා ගත්තේ ය. එයට විසන්ධි වීමක් නොමැත. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව ඥානී ය. (අල් බකරා: 256)
මෙය ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යන්නෙහි අර්ථයයි, තවද හදීසයේ:
"رَأْسُ الأَمْرِ: الإِسْلَامُ، وَعَمُودُهُ: الصَّلَاةُ، وَذِرْوَةُ سَنَامِهِ: الجِهَادُ فِي سَبِيلِ اللَّهِ".
කටයුත්තේ සිරස ඉස්ලාමයයි, එහි කුළුණ සලාතයයි, එහි උච්චතම හා ඉහළම ස්ථානය අල්ලාහ්ගේ මාර්ගයේ වූ ජිහාදයයි.
මැනවින් දන්නා අල්ලාහ්ය!
۞۞۞
පටුන
දෙවන මූලධර්මය 16
තුන්වන මූලධර්මය 26
۞۞۞