فَضَائِلُ وَآدَابُ المَسْجِدِ النَّبَوِيِّ
وَأَحْكَامُ زِيَارَةِ قَبْرِ النَّبِيِّ ﷺ
وَقَبْرَي صَاحِبَيْهِ رَضِيَ اللَّهُ عَنْهُمَا
මස්ජිදුන් නබවි දේවස්ථානයේ මහිමය හා විනය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්රය හා එතුමාණන්ගේ සහාබාවරුන් දෙදෙනාගේ (රළියල්ලාහු අන්හුමා) කබ්ර් බැහැදැකීමේ නීති
اللَّجْنَةُ العِلْمِيَّةُ
بِرِئَاسَةِ الشُّؤُونِ الدِّينِيَّةِ بِالمَسْجِدِ الحَرَامِ وَالمَسْجِدِ النَّبَوِيِّ
අධ්‍යයන කමිටුව - මස්ජිද් හරාම් හා මස්ජිද් නබවී ආශ්රිත ආගමික කටයුතු මූලස්ථානය
بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ
මස්ජිදුන් නබවි දේවස්ථානයේ මහිමය හා විනය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්රය හා එතුමාණන්ගේ සහාබාවරුන් දෙදෙනාගේ (රළියල්ලාහු අන්හුමා) කබ්ර් බැහැදැකීමේ නීති
පෙරවදන
ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා සතු ය. ලෝකයට කරුණාවක් ලෙස යවන ලද දේව දූතයාණන්හටත් එතුමාණන්ගේ පවුලේ උදවියහටත් එතුමාණන්ගේ සහගාමීන්හටත් එතුමාණන්ගේ පිළිවෙත අනුගමනය කළ උදවියහටත් විනිශ්චය දිනය දක්වා එතුමාණන්ගේ මග පෙන්වීම අනුගමනය කළ උදවියහටත් ශාන්තිය හා සමාදානය අත් වේවා.
මෙය මස්ජිදුන් නබවි දේවස්ථානය සතු මහිමයන්, එය බැහැ දැකීමේ විනය, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමන්ගේ සොහොන් ගැබ සහ එතුමන්ගේ සහාබිවරුන් දෙදෙනාගේ සොහොන් ගැබ් බැහැ දැකීමේ විනය ඇතුළත් කෙටි ලිපියකි. මස්ජිදුන් නබවි දේවස්ථානය වෙත පැමිණෙන පිරිස, අපගේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ දේවස්ථානයේ මහිමය, එය බැහැ දැකීමේ සහ එහි සලාතය ඉටු කිරීමේ විනය පිළිබඳව දැනුවත් වී අවබෝධයක් ලබනු ඇතැයි යන අරමුණින් අප විසින් මෙය ගොනු කර ඇත. මෙය ප්‍රයෝජනවත් කර දෙන මෙන් ද යහපත් කර දෙන මෙන් ද ඔහුගේ තෘප්තිය සඳහා පමණක් සිදු කළ දෙයක් බවට පෙරළා දෙන මෙන් ද අපි අල්ලාහ්ගෙන් අයැද සිටිමු. ඔහු විශිෂ්ඨ භාරකරුවෙකු වේ. තවද වඩාත්ම ත්‍යාගශීලී ය.
අධ්‍යයන කමිටුව
පළමුවැන්න: මස්ජිදුන් නබවි හි මහිමය:
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
﴿وَرَبُّكَ يَخۡلُقُ مَا يَشَآءُ وَيَخۡتَارُۗ مَا كَانَ لَهُمُ ٱلۡخِيَرَةُۚ سُبۡحَٰنَ ٱللَّهِ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ68﴾
"තවද ඔබේ පරමාධිපති ඔහුට අභිමත දෑ මවන්නේ ය. ඔහු තෝරා ගන්නේ ය. තෝරා ගැනීමේ (අයිතිය) ඔවුනට නොමැත. අල්ලාහ් සුවිශුද්ධ ය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර ය." (අල්-කසස්: 68) අල්ලාහ් මෙම ස්ථානය තම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට අයත් මස්ජිදයක් ලෙස තෝරා, එයටම ආවේණික වූ මහිමයන් රැසක් ද ලබා දුන්නේය. ඒවා නම්:
වන්දනා ගමන් යෙදෙන මස්ජිද් තුනෙන් එය එකක් වීම:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
«لَا تُشَدُّ الرِّحَالُ إِلَّا إِلَى ثَلَاثَةِ مَسَاجِدَ: مَسْجِدِي هَذَا، وَمَسْجِدِ الحَرَامِ، وَمَسْجِدِ الأَقْصَى».
"මාගේ මෙම මස්ජිදය (වන මස්ජිදුන් නබවි), මස්ජිදුල් හරාම් හා මස්ජිදුල් අක්සා යන මස්ජිද් තුන වෙත හැර වෙනත් කිසිදු තැනකට වන්දනා ගමන් නොයන්න."1
එහි සලාතය ඉටු කිරීම, මස්ජිද් හරාමය හැර වෙනත් තැන්වල ඉටු කෙරෙන දහසක් සලාතයට වඩා උතුම්ය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
«صَلَاةٌ فِي مَسْجِدِي هَذَا خَيْرٌ مِنْ أَلْفِ صَلَاةٍ فِيمَا سِوَاهُ، إِلَّا المَسْجِدَ الحَرَامَ».
"මාගේ මස්ජිදයේ සලාත් ඉටු කිරීම ඒ හැර වෙනත් තැන්හි සලාත් දහසක් ඉටු කිරීමට වඩා උතුම්ය, නමුත් මස්ජිදුල් හරාම්හි හැර."2
ආරම්භක දිනයේ දේව භක්තියෙන් යුතු ව ස්ථාපිත කරන ලද මස්ජිදයයි:
අබූ සඊද් අල්-කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසුවේය: මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ එක් භාර්යාවකගේ නිවසට ඇතුළු වී, “අල්ලාහ්ගේ දූතයාණනි! භක්තිය මත පදනම් වූ මස්ජිදය, එම මස්ජිද් දෙකෙන් කවරක් ද?” යැයි විමසූවෙමි. එවිට එතුමාණෝ සිය අතට බොරළු මිටක් ගෙන එයින් පොළොවෙහි ගසා, පසුව මෙසේ පැවසූහ:
«هُوَ مَسْجِدُكُمْ هَذَا» لِمَسْجِدِ المَدِينَةِ.
"නුඹලාගේ මෙම මස්ජිදයයි" (මදීනාවේ මස්ජිදය පිළිබඳවය)3.
සැබැවින්ම ඒ වෙත පැමිණ දැනුම සොයා යන්නාගේ කුලිය, අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කරන්නාගේ කුලිය හා සමානය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
«مَنْ جَاءَ مَسْجِدِي هَذَا، لَمْ يَأْتِهِ إِلَّا لِخَيْرٍ يَتَعَلَّمُهُ أَوْ يُعَلِّمُهُ، فَهُوَ بِمَنْزِلَةِ المُجَاهِدِ فِي سَبِيلِ اللهِ، وَمَنْ جَاءَ لِغَيْرِ ذَلِكَ، فَهُوَ بِمَنْزِلَةِ الرَّجُلِ يَنْظُرُ إِلَى مَتَاعِ غَيْرِهِ».
“කවරෙකු මාගේ මෙම මස්ජිදය වෙත පැමිණෙන්නේ ද ඔහු යහපතක් ඉගෙන ගැනීම හෝ එය ඉගැන්වීම මිස වෙනත් කිසිදු අරමුණක් සඳහා නොපැමිණියේ ද, ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ වූ ජීවිත පරිත්‍යාග කළ අයකුගේ නිලයේ පසුවෙයි. තවද කවරෙකු එය හැර වෙනත් අරමුණක් සඳහා පැමිණියේ ද, ඔහු අන් අයගේ භාණ්ඩ දෙස බලන පුද්ගලයෙකු වැනිය”4.
එහි ශුද්ධ වූ 'අර්-රව්ළා අෂ්-ෂරීෆා' පිහිටා තිබීම:
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
«مَا بَيْنَ بَيْتِي وَمِنْبَرِي رَوْضَةٌ مِنْ رِيَاضِ الجَنَّةِ، وَمِنْبَرِي عَلَى حَوْضِي».
"මගේ නිවස හා මගේ මින්බරය (වේදිකාව) අතර පවතින ස්ථානය ස්වර්ග උයන්වලින් එකකි, මගේ මින්බරය මගේ හව්දය මත පිහිටා ඇත."5"
දෙවනුව: ශුද්ධ වූ 'මස්ජිදුන් නබවි' හෙවත් නබි තුමාණන්ගේ මස්ජිදය බැහැ දැකීම සතුටුදායක ය.
මේ මහිමයන් සහ මෙවැනි වෙනත් ශ්‍රේෂ්ඨත්වයන් නිසාවෙන්, මස්ජිදුන් නබවී හි සලාත් හා නැමදුම් සඳහා බැහැදැකීම සතුටුදායකය.
හජ් වන්දනාකරුට මෙන්ම අනෙකුත් අයට ද හජ් වන්දනාවට පෙර හෝ පසුව මස්ජිදුන් නබවි දේවස්ථානය බැහැ දැකීම සුන්නත් වේ. මෙම බැහැ දැකීම හජ් වන්දනාවේ කොන්දේසියක් හෝ එහි මූලික අංගයක් හෝ අනිවාර්යය කටයුත්තක් හෝ නොවේ. එය හා කිසිදු බැඳීමක් ද නැත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මස්ජිදය බැහැ දැකීම සඳහා නියමිත සලාත් සංඛ්‍යාවක් හෝ මදීනාවෙහි නියමිත කාල සීමාවක් රැඳී සිටීම හෝ එවැනි යමක් නියම කර නැත. එය ෆර්ල් (අනිවාර්ය) සලාතයක් හෝ නෆිල් එකක් වුව ද, කිනම් හෝ සලාතයක් ඉටු කිරීමෙන් එම බැහැ දැකීම සම්පූර්ණ වන්නේය. නමුත් එහි ඉටු කරන සලාත් සංඛ්‍යාව වැඩි වන තරමට, ප්‍රතිඵල ද වැඩි වන්නේය.
මස්ජිදුන් නබවී වෙත සියාරත් කිරීමට පැමිණෙන අයෙකුට, එහි අනිවාර්යය වූ සියලු සලාතයන් මෙන්ම නෆිල් සලාතයන් ඉටු කිරීම යෝග්‍ය වන්නේ ඉහත සඳහන් වූ පරිදි එහි ඉටු කරන සලාතය මස්ජිදුල් හරාමය හැර සෙසු ස්ථානවල ඉටු කරන සලාත් දහසකට වඩා උතුම් වන බැවිනි.
තෙවනුව: මස්ජිදුන් නබවි දේවස්ථානය බැහැ දැකීමේ විනය
යම් මුස්ලිම්වරයෙකු මස්ජිදුන් නබවි දේවස්ථානය වෙත පැමිණෙන විට, පොදුවේ සියලුම මස්ජිදයන්ට හා විශේෂයෙන් මස්ජිදුන් නබවි දේවස්ථානයට අදාළ ආගමික ආචාර ධර්ම පිළිපැදීම යෝග්‍ය වේ. ඒවා මෙසේය.:
මස්ජිදයට තැන්පත් ව, ගාම්භීර ව, පිරිසිදු ව, යහපත් පෙනුමකින් හා සුගන්ධවත් ව පැමිණීම. ඒ පිළිබඳව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ:
«إِذَا ثُوِّبَ لِلصَّلَاةِ فَلَا تَأْتُوهَا وَأَنْتُمْ تَسْعَوْنَ، وَأْتُوهَا وَعَلَيْكُمُ السَّكِينَةُ، فَمَا أَدْرَكْتُمْ فَصَلُّوا، وَمَا فَاتَكُمْ فَأَتِمُّوا، فَإِنَّ أَحَدَكُمْ إِذَا كَانَ يَعْمِدُ إِلَى الصَّلَاةِ فَهُوَ فِي صَلَاةٍ».
සලාතය සඳහා (ඉකාමතය) කියනු ලැබූ විට ඔබ දුවගෙන නොපැමිණෙන්න. ඔබ ශාන්තභාවය සහිත ව පැමිණෙන්න. ඔබට (සලාතයෙන්) කුමක් හිමි වන්නේ ද එය ඔබ ඉටු කරන්න. ඔබට කුමක් අතපසු වන්නේ ද එය ඔබ පූර්ණවත් කරන්න. මක්නිසාද යත්, නියතවශයෙන්ම ඔබ අතරින් කෙනෙක් සලාතය අරමුණු කරගෙන (ඒ සඳහා) ගමන් කරන විට, ඔහු සලාතයෙහි නිරත ව සිටින්නෙකු මෙනි.6 සැබැවින් ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල්-කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
«الغُسْلُ يَوْمَ الجُمُعَةِ وَاجِبٌ عَلَى كُلِّ مُحْتَلِمٍ، وَأَنْ يَسْتَنَّ، وَأَنْ يَمَسَّ طِيبًا إِنْ وَجَدَ».
“ජුමුආ දිනයේ ස්නානය කිරීමත් කට පිරිසිදු කිරීමත් සුවඳ විළවුන් ඇත්නම් එය ගැල්වීමත් වැඩිවියට පත් සෑම කෙනෙකුටම අනිවාර්යය වන්නේය.”7, කාන්තාවක් මස්ජිදයට පැමිණෙන විට, ඇය ඇගේ හිජාබයෙන් ආවරණය වී සිටිය යුතුය. ඇයට සුවඳ විළවුන් ගල්වා ගැනීම අනුමත නැත. එය නබි (සල්ලල්ලාහු අලෙයිහ වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයට අනුව ය:
«إِذَا شَهِدَتْ إِحْدَاكُنَّ المَسْجِدَ فَلَا تَمَسَّ طِيبًا».
"ඔබ (කාන්තාවන්) අතරින් කෙනෙකු මස්ජිදයට පිය නගන්නේ නම් සුවඳ විලවුන් තවරා නොගන්න."8
මස්ජිදුන් නබවි වෙත පිවිසීමේදී දකුණු කකුල මුලින් තබා, මස්ජිදයට පිවිසීමේ ප්‍රාර්ථනාව පැවසීම. පැමිණෙන තැනැත්තා අනෙකුත් මස්ජිදයන්ට පිවිසෙන්නාක් මෙන්, මස්ජිදුන් නබවි වෙත පිවිසෙන විට ද සිය දකුණු කකුල මුලින් තබා මෙම ප්‍රාර්ථනාව පැවසීම සතුටුදායකය:
«بِسْمِ اللَّهِ، وَالسَّلَامُ عَلَى رَسُولِ اللَّهِ، اللَّهُمَّ اغْفِرْ لِي ذُنُوبِي وَافْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ»،
"බිස්මිල්ලාහි, වස්සලාමු අලා රසූලිල්ලාහි, අල්ලාහුම්මග්-ෆිර් ලී දුනූබී වෆ්තහ් ලී අබ්වාබ රහ්මතික."9
තේරුම - අල්ලාහ්ගේ නාමයෙන්, ශාන්තිය හා සමාදානය අල්ලාහ්ගේ දූතයාණන් වෙත හිමිවේවා. යා අල්ලාහ්, මාගේ පාපයන්ට සමාව දී, ඔබගේ කරුණාවේ දොරටු මා කෙරෙහි විවෘත කරනු මැනවි. එමෙන් ම මෙසේ පැවැසිය යුතුයි.
«أَعُوذُ بِاللَّهِ العَظِيمِ، وَبِوَجْهِهِ الكَرِيمِ، وَسُلْطَانِهِ القَدِيمِ، مِنَ الشَّيْطَانِ الرَّجِيمِ».
"අඌදු බිල්ලාහිල් අළීම්, වබි වජ්හිහිල් කරීම්, වසුල්තානිහිල් කදීම්, මිනෂ් ෂෙයිතානිර් රජීම්."10
තේරුම: පළවා හරින ලද ෂෙයිතාන්ගේ නපුරෙන් සර්වබලධාරී අල්ලාහ්ගෙන් ද ඔහුගේ ගෞරවණීය භාවයෙන් ද ඔහුගේ පරම බලයෙන් ද මම ආරක්ෂාව පතමි.
තහිය්යතුල් මස්ජිද් ඉටු කිරීම: සලාතය ඉටු කිරීම සඳහා මස්ජිදුන් නබවීයට ඇතුළු වන්නෙකුට, වාඩි වීමට පෙර තහිය්යතුල් මස්ජිද් රකආත් දෙකක් ඉටු කිරීම සුන්නත් වේ. අබූ කතාදා අල්-හාරිස් ඉබ්නු රිබ්ඊ අල්-අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කර ඇත.: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ:
«إِذَا دَخَلَ أَحَدُكُمُ المَسْجِدَ، فَلَا يَجْلِسْ حَتَّى يُصَلِّيَ رَكْعَتَيْنِ».
"ඔබ අතුරින් කිසිවෙකු හෝ මස්ජිදය ට පිවිසියේ නම් රකආත් දෙකක් සලාතයට ඉටු කරන තෙක් වාඩි නොවන්න."11
පළමු පේළිවල සලාතය ඉටු කිරීමට උනන්දුවීම; මක්නිසාදයත් එහි ඇති අතිමහත් භාග්‍යය හේතුවෙනි. ඒ සඳහා වේලාසනින් පැමිණීමෙන් මිස එය සිදුවන්නක් නොවේ. අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසයට අනුව: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පැවසූහ:
«لَوْ يَعْلَمُ النَّاسُ مَا فِي النِّدَاءِ وَالصَّفِّ الأَوَّلِ، ثُمَّ لَمْ يَجِدُوا إِلَّا أَنْ يَسْتَهِمُوا عَلَيْهِ لَاسْتَهَمُوا».
"(සලාතය සඳහා වන) ඇරයුමෙහි හා පළමු පේළියේ පවතින දෑ (මහිමය) මිනිසුන් දැනගෙන සිටියා නම්, පසුව ඒ වෙත කුසපත් ඇදීමෙන් මිස එය ඔවුනට ලබා ගත නොහැකි තත්ත්වයක් උදාවූයේ නම්, ඔවුන් (ඒ සඳහා) කුසපත් අදිනු ඇත."12, එමෙන්ම එතුමාණන් තම සහාබාවරුන්ට (රළියල්ලාහු අන්හුම්) පැවසූ ප්‍රකාශයට අනුගතවය:
«تَقَدَّمُوا فَأْتَمُّوا بِي، وَلْيَأْتَمَّ بِكُمْ مَنْ بَعْدَكُمْ، لَا يَزَالُ قَوْمٌ يَتَأَخَّرُونَ حَتَّى يُؤَخِّرَهُمُ اللهُ».
«ඉදිරියට පැමිණෙන්න. මා අනුගමනය කරන්න. නුඹලාට පසුපසින් සිටින්නන් නුඹලා ව අනුගමනය කළ යුතු වේ. ජනතාවක් පසුබසිමින් සිටින තාක් කල් අල්ලාහ් ඔවුන් පසුපසට දමනු ඇත.»13
කාන්තාවන් පිළිබඳ බලන විට, ඔවුන්ට වඩාත් උතුම් වන්නේ පසු පේළිවල සලාතය ඉටු කිරීම සහ පිරිමින්ගෙන් දුරස්ව සිටීමයි. අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කර ඇත: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ වදාළහ:
«خَيْرُ صُفُوفِ الرِّجَالِ أَوَّلُهَا، وَشَرُّهَا آخِرُهَا، وَخَيْرُ صُفُوفِ النِّسَاءِ آخِرُهَا، وَشَرُّهَا أَوَّلُهَا».
"පිරිමින්ගේ පේළි අතරින් උතුම්ම පේළිය පළමු පේළිය වන අතර නරකම පේළිය අවසන් පේළිය වේ. එමෙන්ම කාන්තාවන්ගේ පේළි අතරින් උතුම්ම පේළිය අවසන් පේළිය වන අතර නරකම පේළිය පළමු පේළිය වේ."14 නමුත් ඔවුන් වෙන වෙනම සලාත් ඉටු කරන්නේ නම්, හෝ මස්ජිදුන් නබවියේ ඇති ආකාරයට ඔවුන් හා පිරිමින් අතර ආවරණයක් වේ නම්, එවිට ඔවුන්ගේ පේළි අතරින් වඩාත් උතුම් වන්නේ පළමු පේළියයි. මක්නිසාදයත් ඒ සඳහා වූ හේතු වූ සාධකය ඉවත් වන බැවිණි.
ඉමාම් පිටුපසින් සලාතය ඉටු කිරීම, සහ ඔහුට වඩා ඉදිරියට යාමෙන් ප්‍රවේශම් වීම; නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට අබූ හුරයිරා (රලියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දෙන ලද හදීසයකට අනුවය:
«إِنَّمَا جُعِلَ الإِمَامُ لِيُؤْتَمَّ بِهِ».
“සැබැවින්ම ඉමාම් වරයකු පත් කරනු ලබනුයේ ඔහුව අනුගමනය කිරීම සඳහාය.”15
සලාත් ඉටු කරන්නාට ඉමාම්වරයාට ඉදිරියෙන් සිටීමට අවසර නැත. නමුත් අත්‍යවශ්‍යතාවයක් මත මස්ජිදය සලාත් ඉටු කරන්නන්ගෙන් පිරී ඉතිරී යාම නිසා ඉමාම්වරයාට ඉදිරියෙන් හැර සලාතය ඉටු කිරීමට වෙනත් ස්ථානයක් සොයාගත නොහැකි අවස්ථාවක දී හැර.
සලාත පේළි අතර ඇති හිස්තැන් පිරවීමට හා ඒවා සෘජු කිරීමට උනන්දු විය යුතුය. මිනිසුන් තෙරපීමට ලක් කිරීම, ඔවුන් පීඩාවට පත් කිරීම, ඔවුන්ගේ ගෙලට ඉහළින් පා තබා යෑම සහ සලාතය ඉටු කරන්නන් ඉදිරියෙන් ගමන් කිරීම යනාදිය පාපයට ඇද දමන බැවින් එවැනි කටයුතුවලින් විය යුතුය.
පහසුකම් ඇති අය ශුද්ධ වූ 'අර්-රව්ළා අෂ්-ෂරීෆා' හි සලාත් ඉටු කිරීම; එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කළ හදීසයට අනුවය. එතුමාණෝ මෙසේ පැවසූහ:
«مَا بَيْنَ بَيْتِي وَمِنْبَرِي رَوْضَةٌ مِنْ رِيَاضِ الجَنَّةِ، وَمِنْبَرِي عَلَى حَوْضِي».
«මගේ නිවස හා මගේ මින්බරය අතර පවතින ස්ථානය ස්වර්ග උයන්වලින් එකකි, තවද මගේ මින්බරය මගේ හව්ළය මත පිහිටා ඇත»16.
'රවුළා' හි සලාතය ඉටු කිරීම සම්බන්ධයෙන් විශේෂිත වූ මහිමයක් වාර්තා වී නොමැත. නමුත්, පෙර සඳහන් කළ අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමාගේ හදීසයෙන් සනාථ වන පරිදි, එය ස්වර්ගයේ උද්‍යාන අතුරින් උද්‍යානයක් බව තහවුරු වී ඇත. නැමදුම්, ඒවායේ කාලය සහ ස්ථානයේ මහිමය හේතුවෙන් වඩාත් උතුම්භාවයට පත් වන්නේය.
සියාරත් කරන්නා 'රව්ලා'හි සලාත් ඉටු කිරීම සඳහා සුදුසු වේලාවන් තෝරාගත යුතු අතර, තදබදය අඩු වේලාවන් පිළිබඳව විමසිලිමත් විය යුතුය. එහි සලාත් ඉටු කිරීම සඳහා තම මුස්ලිම් සහෝදරයින්ට හිරිහැර කිරීම, ඔවුන්ගේ කරපිටින් පැන යාම හෝ සලාත් ඉටු කරන්නන් ඉදිරියෙන් ගමන් කිරීම හෝ නොකළ යුතුයි. එය අනුමත නැත. මන්ද, 'රව්ලා'හි ඉටු කරන සලාතය 'නෆිල්' (අමතර) සලාතයක් වන බැවිනි. එබැවින් 'හරාම්' (තහනම්) ක්‍රියාවක් එමඟින් ළඟා කර නොගත යුතුය. එමෙන්ම සියාරත් කරන්නා 'රව්ලා'වට ඇතුළු වීම සඳහා වන විශේෂ නීති රීති සහ විධිවිධාන පිළිපැදීමටත්, සුදුසු වේලාවන් තෝරා ගැනීමටත්, සියාරත් කරන්නන් ඇතුළට ගැනීමේ කටයුතු සංවිධානය කරන බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත් උනන්දු විය යුතුය.
සලාත් ඉටු කිරීම, කුර්ආනය පාරායනය කිරීම, දික්ර් කිරීම, ප්‍රාර්ථනා කිරීම සහ උපදේශන, ඉගැන්වීම්, ශුද්ධ වූ කුර්ආනය ඉගැන්වීමේ අධ්‍යයන කණ්ඩායම් යනා දී සභාවන්ට සහභාගී වීම වැනි උත්තරීතර මැවුම්කරු වෙත තමන්ව සමීප කරවන දැහැමි කටයුතුවල බහුලව නිරත වීමෙන් කාල වේලාවන් ප්‍රයෝජනයට ගැනීම.
සර්වබලධාරී අල්ලාහ්ගේ ග්රන්ථයට ගරු කිරීම සහ එහි පත්‍ර අයුතු ලෙස පරිහරණය කිරීමෙන්, ඒ මත ලිවීමෙන්, හෝ එය අසල පාවහන් තැබීම, බිම තැබීම වැනි දෑ තුළින් එයට නිග්‍රහ කිරීමෙන් හා අගෞරව කිරීමෙන් එය ආරක්ෂා කිරීම. එය උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශය අනුවය.:
﴿ذَٰلِكَۖ وَمَن يُعَظِّمۡ شَعَٰٓئِرَ ٱللَّهِ فَإِنَّهَا مِن تَقۡوَى ٱلۡقُلُوبِ32﴾
"(සත්‍යය) එයයි. තවද කවරෙකු අල්ලාහ්ගේ සංඥා ගරු කරන්නේ ද සැබැවින් ම එය හදවත් තුළ ඇති බිය බැතිමත්කම හේතුවෙනි." (අල් හජ්: 32)
අල්ලාහ් තහනම් කළ දැයින් බැල්ම පහත හෙළීම:
මස්ජිදුන් නබවී වෙත පැමිණෙන බැතිමතා තමාට බැලීමට අනුමත නොවන දැයින් තම බැල්ම පහත හෙළිය යුතුය. තවද මෙම ශුද්ධ භූමිවල පාපයක් සිදුකිරීමේ බරපතලකම හා එයින් ඇතිවන දඬුවම් ගැනද ඔහු දැනගත යුතුය. මක්නිසාදයත් කාලයේ සහ ස්ථානයේ ශ්‍රේෂ්ඨත්වය අනුව පාපයන් ප්‍රමාණයෙන් සහ ස්වභාවයෙන් බරපතල වන බැවිනි. එසේම යහපත් ක්‍රියාවන්ද එසේමය. මෙහි පාපයක් සිදුවීම ඉතා බරපතල බැවින් මුස්ලිම් කාන්තාව ෂරීආනුකූල හිජාබය පිළිපැදීමටත්, පිරිමින්ව අර්බුදයට පත් නොකිරීම සඳහා තම අලංකාරය විදහා නොපෑමටත් වග බලා ගත යුතුය.
ජංගම දුරකථනයෙන් රූප ගත කිරීමෙහි හෝ, රූප සහ දර්ශන නැරඹීමෙහි නිරත වීමෙන් වැළකිය යුතුය. එම රූප සහ දර්ශන තහනම් ඒවා නම්, එහි බරපතළකම තව තවත් වැඩි වේ.
වාද විවාද, උස් හඬින් කතා කිරීම, නැති වූ දෙයක් ගැන ප්‍රකාශ කිරීම, වෙළඳාම් කිරීම වැනි නුසුදුසු සියලු කාරණාවලින් නබිතුමාණන්ගේ මස්ජිදය මෙන්ම අනෙකුත් මස්ජිදයන් ද ආරක්ෂා කළ යුතුය. මන්ද, අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කරන ලද හදීසයක නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇත:
«إِذَا رَأَيْتُمْ مَنْ يَبِيعُ أَوْ يَبْتَاعُ فِي المَسْجِدِ، فَقُولُوا: لَا أَرْبَحَ اللَّهُ تِجَارَتَكَ، وَإِذَا رَأَيْتُمْ مَنْ يَنْشُدُ فِيهِ ضَالَّةً، فَقُولُوا: لَا رَدَّ الله عَلَيْكَ».
"මස්ජිදයේ (ව්‍යාපාරයේ නිරත වන) විකුණන්නෙකු හෝ මිල දී ගන්නෙකු ඔබ දුටුවෙහු නම් ‘ලා අබ්රහල්ලාහු තිජාරක‘-ඔබේ ව්‍යාපාරයෙ හි අල්ලාහ් ලාභය ඇති නොකරත්වා- යනුවෙන් පවසත්වා, තවද එහි නැති වුණු දෙයක් ගැන බෙරිහන් දෙන්නෙකු ඔබ දුටුවෙහු නම්, "ලා රද්දහල්ලාහු අලෙයික" (ඔබ ට අල්ලාහ් එය නැවත ලබා නොදෙත්වා) යනුවෙන් පවසත්වා"17
පුද්ගලික පිරිසිදුකම කෙරෙහි උනන්දුවීම, සහ සලාතය ඉටු කරන තම සහෝදරයින්ට හිංසාව ඇති කරවන සුදුළූණු, ළූණු, දුම්, දහඩිය, හා එවැනි දෑ වැනි පිළිකුල් සහගත දුර්ගන්ධයන්ගෙන් ප්‍රවේසම් වීම. ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසුවේය: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ:
«مَنْ أَكَلَ ثُومًا أَوْ بَصَلًا، فَلْيَعْتَزِلْنَا - أَوْ قَالَ: فَلْيَعْتَزِلْ مَسْجِدَنَا - وَلْيَقْعُدْ فِي بَيْتِهِ».
“කවරෙකු සුදුළූණු හෝ ළූණු අනුභව කළේ ද ඔහු අපෙන් ඉවත්ව සිටිත්වා - එසේ නැතහොත් අපගේ මස්ජිදයෙන් ඉවත්ව සිටිත්වා - එමෙන්ම තම නිවසේ රැඳී සිටිත්වා”18.
මස්ජිදුන් නබවිය පිරිසිදුව තබා ගැනීමට උනන්දු විය යුතු අතර, විශේෂයෙන්ම රමළාන් මාසයේදී ඉතිරි වූ ආහාර හා ඉෆ්තාර් අපද්‍රව්‍ය වැනි කසළ මස්ජිදය තුළ සහ එහි මිදුලේ දැමීම, ගමන් මාවත්වල සහ මිදුලේ කෙළ ගැසීම වැනි ක්‍රියාවලින් වැළකී සිටිය යුතුය.
අනිසි විපාක ඇතිවීම, මාර්ග අවහිර වීම සහ මුස්ලිම්වරුන්ට පීඩා සිදුවන බැවින්, ගමන් කරන මංතීරු වල, දොරටු අසළ සහ ජනාකීර්ණ ස්ථානවල සලාතය ඉටු කිරීමෙන් වැළකී සිටීම.
නබි තුමාණන්ගේ දේවස්ථානය තුළ හෝ එහි මළුවල, පිරිමින් සහ කාන්තාවන් ඔවුන් එක් එක් පාර්ශවය සඳහා වෙන් කරන ලද ස්ථානවල සලාතය ඉටු කළ යුතුය. පිරිමියෙකු කාන්තාවක් අසලින් ද, කාන්තාවක් පිරිමියෙකු අසලින් ද සලාතය ඉටු නොකළ යුතුය. එමෙන් ම, හැකි තාක් දුරට ඉමාම්වරයාට වඩා ඉදිරියට යෑමෙන් වැළකී සිටිය යුතුය.
මස්ජිදයෙන් පිටත් වන විට වම් පාදය ඉදිරියෙන් තැබිය යුතුය. එසේ පිටත්වන අවස්ථාවේ මෙසේ පැවසිය යුතුය:
«اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ فَضْلِكَ».
"අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් ෆද්ලික"19
තේරුම: අහෝ දෙවිඳුනි, මම ඔබගේ දායාදයෙන් ඉල්ලා සිටිමි. නැතහොත් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට සලවාත් පවසා මෙසේ පවසයි:
«رَبِّ اغْفِرْ لِي ذُنُوبِي، وَافْتَحْ لِي أَبْوَابَ فَضْلِكَ».
"රබ්බිග් ෆිර්ලී දුනූබී, වෆ්තහ්ලී අබ්වාබ ෆද්ලික"20.
තේරුම: මගේ පරමාධිපතියාණනි, මාගේ පාපයන්ට සමාව දෙනු මැනව. ඔබගේ භාග්‍යයේ දොරටු මා කෙරෙහි විවෘත කරනු මැනව.
සිව්වැන්න: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිණීවල හා එතුමාණන්ගේ සගයින් දෙදෙනා (රළියල්ලාහු අන්හුමා) ගේ මිණීවලවල් බැහැදැකීමේ නීති හා ආචාර ධර්ම
මදීනාවාසීන්ට මෙන්ම නගරයට පැමිණෙන අමුත්තන්ට හා බැහැදකින්නන්ට ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්රය හා එතුමාණන්ගේ සගයින් දෙදෙනා වන අබූ බක්ර් සහ උමර් (රළියල්ලාහු අන්හුමා) තුමන්ලාගේ කබ්ර් බැහැදැකීම සතුටුදායක ක්‍රියාවකි. එය, කබ්ර් ස්ථාන බැහැදැකීම නීත්‍යානුකූල බවට ඇති පොදු සාක්ෂි මත පදනම් වේ. එම සාක්ෂි අතරින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මෙම ප්‍රකාශය ද එකකි:
«نَهَيْتُكُمْ عَنْ زِيَارَةِ القُبُورِ، فَزُورُوهَا».
“කබ්ර් ස්ථාන බැහැ දැකීම මම නුඹලාට තහනම් කරමින් සිටියෙමි. දැන් නුඹලා ඒවා බැහැ දැකිය හැක.”21
තවද, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ වියෝවෙන් පසුව එතුමාණන් වෙත සලාම් පැවසීමේ ශ්‍රේෂ්ඨත්වය, එතුමාණන්ගේ මෙම ප්‍රකාශයෙන් සනාථ වේ:
«مَا مِنْ أَحَدٍ يُسَلِّمُ عَلَيَّ، إِلَّا رَدَّ اللهُ عَزَّ وَجَلَّ إِلَيَّ رُوحِي حَتَّى أَرُدَّ عَلَيْهِ السَّلَامَ».
«කිසිවකු හෝ මා වෙත සලාම් පවසන්නේ ද, ඔහුට මා පිළිතුරු වශයෙන් සලාම් පවසන තෙක් ශ්‍රේෂ්ඨ වූ ද උත්තරීතර වූ ද අල්ලාහ් මට මාගේ ප්‍රාණය ලබා දෙනු මිස නැත.»22
කාන්තාවන්ට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සොහොන හෝ වෙනත් මුස්ලිම්වරුන්ගේ සොහොන් බැහැ දැකීම ආගමානුකූලව නියම කර නැත. මක්නිසාදයත් සොහොන් බැහැදැකීම ආගමානුකූලව නියම කර ඇත්තේ පිරිමින් සම්බන්ධයෙනි. කාන්තාවන් සම්බන්ධයෙන් වන විට, ඔවුන් සොහොන් බැහැදැකීමෙන් වළක්වනු ලැබ ඇත. ඒ පිළිබඳව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසුවේය:
«لَعَنَ رَسُولُ اللَّهِ ﷺ زَائِرَاتِ القُبُورِ، وَالمُتَّخِذِينَ عَلَيْهَا المَسَاجِدَ وَالسُّرُجَ».
«මිනීවලවල් බැහැදකින්නට යන කාන්තාවන් හා ඒවා මත දේවස්ථාන හා පහන් තනාගන්නන්හට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ශාප කළේය.»23، අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
«أَنَّ رَسُولَ اللَّهِ ﷺ لَعَنَ زَوَّارَاتِ القُبُورِ».
"ඇත්තෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සොහොන් බැහැදකින කාන්තාවන්ට ශාප කළහ."24
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්ර් ස්ථානය පමණක් බැහැ දැකීමේ අරමුණින් වන්දනා ගමනක් යාම අනුමත නැත. සැබැවින්ම ඔහුගේ ගමනෙහි අරමුණ විය යුත්තේ මස්ජිදය බැහැ දැකීම හා එහි සලාතය ඉටු කිරීමයි. ඔහු මදීනාවෙහි පදිංචි වූ විට, එහි වැසියන්ට ආගමානුගත වන්නා සේම, ඔහුට ද කබ්ර් ස්ථානය බැහැ දැකීම ආගමානුගත වේ. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ පවසා ඇති බැවිනි:
«لَا تُشَدُّ الرِّحَالُ إِلَّا إِلَى ثَلَاثَةِ مَسَاجِدَ: مَسْجِدِي هَذَا، وَمَسْجِدِ الحَرَامِ، وَمَسْجِدِ الأَقْصَى».
"මාගේ මෙම මස්ජිදය (වන මස්ජිදුන් නබවි), මස්ජිදුල් හරාම් හා මස්ජිදුල් අක්සා යන මස්ජිද් තුන වෙත හැර වෙනත් කිසිදු තැනකට වන්දනා ගමන් නොයන්න."25
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්ර් ස්ථානය සහ එතුමාණන්ගේ මිතුරන් දෙදෙනාගේ (රළියල්ලාහු අන්හුමා) කබ්ර් ස්ථාන බැහැදැකීමේ ආගමානුගත පිළිවෙත් හා ආචාර විධි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්ර් ස්ථානය බැහැදකින්නා එයට මුහුණලා ඒ ඉදිරියේ විනයානුකූලව පහත් හඬින් සිට,
“අස්සලාමු අලෙයික යා රසූලල්ලාහ්, වරහ්මතුල්ලාහි වබරකාතුහ්” (අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔබට ශාන්තිය, අල්ලාහ්ගේ කරුණාව හා ඔහුගේ සමෘද්ධිය හිමි වේවා!) යැයි පවසයි. ඊට අමතරව
“අෂ්හදු අන්නක කද් බලග්ත අර්රිසාලත වඅද්දයිත අල්අමානත වනසහ්ත අල්උම්මත වජාහද්ත ෆිල්ලාහ් හක්ක ජිහාදිහී” (සැබැවින්ම ඔබ දූත පණිවිඩය ප්‍රචාරය කර ඇති බවටත් ඔබේ වගකීම ඉටු කර ඇති බවටත්, ප්‍රජාවට ඔබ උපදෙස් දී ඇති බවටත් අල්ලාහ්ගේ මාර්ගයේ ඔබ කැපවී ඇති බවටත් මම සාක්ෂි දරමි.) යැයි පැවසුවේ නම් එහි වරදක් නැත. මක්නිසාදයත් මේ සියල්ල සත්‍ය වන බැවිනි.
පසුව තම දකුණු දෙසින් පියවරක් තබා අබූ බක්ර් සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමාගේ කබ්ර් ස්ථාන මුහුණලා සිටගෙන මෙසේ පවසයි:
"අස්සලාමු අලයික යා අබා බක්ර් අස්-සිද්දීක්, අස්සලාමු අලයික යා කලීෆත රසූලිල්ලාහ්. රළියල්ලාහු අන්ක වඅර්ළාක වජසාක අන් උම්මති මුහම්මදින් කයිරා"
(අහෝ අබූ බක්ර් සිද්දීක් තුමනි, ඔබට ශාන්තිය අත් වේවා! අහෝ අල්ලාහ්ගේ දූතයාණන්ගේ ﷺ නියෝජිතයාණනි, ඔබට ශාන්තිය අත් වේවා! අල්ලාහ් ඔබ ගැන තෘප්තියට පත්ව ඔබව පිළිගනිත්වා! මුහම්මද් ﷺ තුමාගේ සමූහයා වෙනුවෙන් ඔබට අල්ලාහ් යහපත ආශිර්වාද කරත්වා!)
පසුව උමර් ඉබ්නු අල්-කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමාගේ කබ්ර් ස්ථානය මුහුණ ලා සිටීම සඳහා තම දකුණු පසට එක් පියවරක් තබමින් මෙසේ පවසයි:
"අස්සලාමු අලයික යා උමරල් ෆාරූක්, රළියල්ලාහු අන්ක වඅර්ළාක වජසාක අන් උම්මති මුහම්මදින් කයිරා"
(අහෝ උමර් අල්-ෆාරූක් තුමනි, ඔබට ශාන්තිය අත් වේවා! අල්ලාහ් ඔබ ගැන තෘප්තියට පත්ව ඔබවද පිළිගනිත්වා! මුහම්මද් තුමාගේ සමූහයා විසින් ඔබට අල්ලාහ් යහපත ආශිර්වාද කරත්වා!)
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා ගමනක් අවසන් කර ආපසු පැමිණි විට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්ර් ස්ථානය වෙත පැමිණ මෙසේ පවසා ඇත.: «"අස්සලාමු අලයික යා රසූලල්ලාහ්, අස්සලාමු අලයික යා අබා බක්ර්, අස්සලාමු අලයික යා අබ්තාහ්" (අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට ශාන්තිය අත්වේවා! අහෝ අබ්බක්කර් තුමනි! ඔබටත් ශාන්තිය අත්වේවා! පියාණනි! ඔබටත් ශාන්තිය අත්වේවා!) යැයි පවසා, පසුව හැරී යයි»26.
කබ්රයේ බිත්ති හෝ වැට ස්පර්ශ නොකළ යුතුය. ඒවා සිප නොගත යුතුය.
ඉමාම් මාලික් (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පවසයි: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත සලාම් පවසන විට, කිබ්ලාව දෙසට නොව කබ්ර් ස්ථානය දෙසට මුහුණ ලා සිට, ඊට සමීප වී සලාම් පැවසිය යුතු අතර, තම අතින් කබ්ර් ස්ථානය ස්පර්ශ නොකළ යුතුයි27.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ කබ්ර් ස්ථානය අතින් ස්පර්ශ කිරීම හෝ සිප ගැනීම නොකළ යුතු බවට ඉමාම්වරුන් එකඟ වී ඇත.
කබ්ර් ස්ථානය අසළ රැඳී සිටීම දීර්ඝ නොකර, සලාම් පවසා පසු ව හැරී යා යුතුය.
ඉමාම් මාලික් (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පවසයි: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්ර් ස්ථානය අසළ නැවතී අයැදීම සුදුසු යැයි මා දකින්නේ නැත. නමුත් සලාම් පවසා ඉවත්ව යා යුතුය"28.
නාෆිඃ (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පැවසීය.: "ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා කබ්ර් ස්ථානයට සලාම් පවසනු සිය වතාවකටත් වඩා මම දැක ඇත්තෙමි. එතුමාණෝ කබ්ර් ස්ථානය වෙත පැමිණ, "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට ශාන්තිය අත්වේවා. අබූ බක්ර් තුමාණන් හට ශාන්තිය අත්වේවා. මාගේ පියාණන් හට ශාන්තිය අත්වේවා" යි පවසා, ඉන්පසු පිටත්ව යයි."29."
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්රය බැහැ දකින ඇතැම් ජනයා විසින් ඒ අසළ උස් හඬින් කතා කිරීම, එහි දිගු කාලයක් රැඳී සිටීම යනාදිය ආගමානුකූලව විරුද්ධ ක්‍රියාවකි.
දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) හෝ කිසියම් හෝ වෙනත් මැවීමකින් තමන්ට සෙත සලසන මෙන්, හානිය වළක්වාලන මෙන්, අවශ්‍යතා ඉටු කර දෙන මෙන්, ව්‍යසනයෙන් මුදවා ගන්නා මෙන්, රෝගියාට සුවය ලබා දෙන මෙන්, මැදිහත්වන මෙන්, දඬුවමින් මුදවා දෙන මෙන් හෝ එවැනි වෙනත් දෑ ප්‍රාර්ථනා කිරීම සුදුසු නැත. මක්නිසාදයත් අල්ලාහ්ට හැර වෙනත් කිසිවෙකුට බලයක් නොමැති කරුණු සම්බන්ධයෙන් අල්ලාහ් නොවන කෙනෙකුගෙන් ප්‍රාර්ථනා කිරීම තහනම් කාර්යයක් වන අතර එය මහා සමාන කිරීමක් වන බැවිනි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:
﴿وَقَالَ رَبُّكُمُ ٱدۡعُونِيٓ أَسۡتَجِبۡ لَكُمۡۚ إِنَّ ٱلَّذِينَ يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِي سَيَدۡخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ60﴾
"තවද 'නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්‍රාර්ථනාව)ට පිළිතුරු දෙමි. නියත වශයෙන් ම මට ප්‍රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.' යැයි නුඹලාගේ පරමාධිපති පවසයි." (ගාෆිර්:60) තව ද සුවිශුද්ධ අල්ලාහ් මෙසේ ද පවසා ඇත:
﴿إِنَّ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ عِبَادٌ أَمۡثَالُكُمۡۖ فَٱدۡعُوهُمۡ فَلۡيَسۡتَجِيبُواْ لَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ194﴾
"නියත වශයෙන් ම අල්ලාහ්ගෙන් තොරව නුඹලා අයැද සිටින දෑ නුඹලා මෙන් ගැත්තන් ය. එබැවින් නුඹලා ඔවුන් අයැදිනු. නුඹලා සත්‍යවාදීන්ව සිටියෙහු නම් නුඹලාට ඔවුන් පිළිතුරු දෙත්වා." (අල් අඃරාෆ්: 194) උත්තරීතර අල්ලාහ් මෙසේද සඳහන් කරයි.
﴿وَأَنَّ ٱلۡمَسَٰجِدَ لِلَّهِ فَلَا تَدۡعُواْ مَعَ ٱللَّهِ أَحَدٗا18﴾
"තවද නියත වශයෙන් ම මස්ජිදයන් අල්ලාහ් සතු ය. එහෙයින් නුඹලා අල්ලාහ් සමඟ කිසිවෙක් නො අයදිනු." (අල්-ජින්: 18)
නබි තුමාණන්ගේ කබ්ර් ස්ථානය අබියස අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා නොකළ යුතුය. යමෙකුට ප්‍රාර්ථනා කිරීමට අවශ්‍ය නම්, ඔහු ඉන් ඉදිරියට ගොස් කිබ්ලාව දෙසට හැරී ප්‍රාර්ථනා කළ යුතු අතර සොහොන දෙසට හැරී ප්‍රාර්ථනා නොකළ යුතුය.
ඉමාම් මාලික් (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පවසයි: "නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කබ්ර් අසළ නැවතී ප්‍රාර්ථනා කිරීම මා අනුමත නොකරමි."
මස්ජිදයට ඇතුළු වන විට හෝ ඉන් පිටවන විට, මදීනාවාසීන්ට හෝ ඉන් පිටත සිට පැමිණෙන බැහැ දකින්නන්ට හෝ මිනීවළ වෙත නිතර නිතර යාම අනුමත නැත. මක්නිසාදයත්, එය මිනීවළ උත්සව ස්ථානයක් ලෙස ගැනීමක් විය හැකැයි යන බිය ඇති බැවිනි.
එය නොකරන ලෙස අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) විසින් පවසා ඇත.
«لَا تَتَّخِذُوا قَبْرِي عِيدًا، وَلَا تَجْعَلُوا بُيُوتَكُمْ قُبُورًا، وَحَيْثُمَا كُنْتُمْ فَصَلُّوا عَلَيَّ، فَإِنَّ صَلَاتَكُمْ تَبْلُغُنِي».
"මාගේ මිනීවල උත්සව සමරන්නට නො ගන්න. නුඹලාගේ නිවෙස් මිනීවලවල් බවට පත්කර නො ගන්න. නුඹලා කොතැනක සිටිය ද මා වෙත සලවාත් පවසන්න. හේතුව සැබැවින්ම නුඹලා පවසන සලවාතය මා වෙත ළඟා වනු ඇත."30
"මාගේ මිනීවළ උත්සව සමරන ස්ථානයක් බවට පත් නොකරනු" යන්නෙහි අර්ථය නම්, නිශ්චිත වේලාවක හෝ නිශ්චිත අවස්ථාවක දී ඒ වෙත නැවත නැවත පැමිණීමයි. නිදසුනක් ලෙස, සෑම දිනකම, සතියකම, හෝ මාසයකම එය බැහැදැකීම විශේෂ කර ගැනීම, හෝ එය බැහැදැකීමට නිශ්චිත තත්ත්වයක් නියම කර ගැනීමයි. තවද, ‘එනම් නුඹලා එක්රැස් වන උත්සව සමයක් බවට එය පත් කර නොගන්න’ යැයි ද පවසා ඇත.31.
ඉමාම් මාලික් (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පවසයි: "මදීනා වාසීන් අතරින් මස්ජිදයට ඇතුළු වී ඉන් පිටව යන්නාට සොහොන අසල රැඳී සිටීම අනිවාර්ය නොවේ. එය ආගන්තුකයින් සඳහා පමණකි."32
"එය ආගන්තුකයන් සඳහා පමණි" යන එතුමාණන්ගේ (රහිමහුල්ලාහ්) ප්‍රකාශය මගින් අදහස් කෙරෙන්නේ, ඇතුළු වන විට හා පිට වන විට නැවත නැවත බැහැ දැකීම නොව, සාමාන්‍ය බැහැ දැකීමක් යන්නය.
සොහොන ඉදිරිපිට, සලාතය ඉටු කරන්නෙකු මෙන් තම එක් අතක් අනෙක් අත පපුව මත හෝ ඊට පහළින් තබාගෙන නොසිටිය යුතුය. මක්නිසාද යත්, එම ඉරියව්ව සලාතයට පමණක් විශේෂිත වූවක් වන බැවිනි. එය යටහත්කමේ හා බැගෑපත්කමේ ඉරියව්වක් වන අතර, එය සුවිශුද්ධ උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් මිස වෙන කිසිවෙකු වෙනුවෙන් වූ වලංගු කාර්යයක් නොවේ.
ඇතැම් ජනයා සිදු කරන්නාක් මෙන්, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පැවසීම සඳහා දුර ස්ථානයක සිට සොහොන වෙත හැරී සිටීමට නොහැක. මක්නිසාදයත් සහාබාවරුන් (රළියල්ලාහු අන්හුම්) හෝ ඉමාම්වරුන් සිව්දෙනා හෝ සලෆ් සාලිහ්වරුන් (දැහැමි මුතුන් මිත්තන්) අතරින් කිසිවෙකු හෝ මෙය සිදු කර නැත.
ගෞරවණීය කබ්ර් ස්ථානය වෙත කිසියම් දිශාවකින් මුහුණලා ප්‍රාර්ථනා කිරීම, කුර්ආන් පාරායනය කිරීම හෝ ඒ හා සමාන ක්‍රියා සිදුකිරීමද අනුමත නැත. මෙය පෙර පැවති නවෝත්පාදන ගණයට අයත් වන ක්‍රියාවන් වේ. අල්ලාහ් විසින් අවසර නොදෙන දේවල් තම ආගමට එක් කිරීම මුස්ලිම්වරයෙකුට අනුමත නැත. ඉමාම් මාලික් (රහ්මතුල්ලාහි අලෙයිහි) තුමා මෙවැනි ක්‍රියාවන් ප්‍රතික්ෂේප කළේය. එතුමා මෙසේ පැවසුවේය.: "මෙම උම්මතයේ (ප්‍රජාවේ) අවසානය සාර්ථක වන්නේ එහි ආරම්භය සාර්ථක කළ දේ මගින් පමණි."33
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට සලාම් පවසන අතර වාරයේ ඡායාරූප ගැනීම, සජීවීව විකාශය කිරීම යනාදියෙහි නිරත නොවිය යුතුය.
අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් එතුමාණන්ගේ පවුලේ ඥාතීන් හා එතුමාණන්ගේ හිත මිතුරන්ටත් අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත්වේවා
***
පටුන
පෙරවදන 2
පළමුවැන්න: මස්ජිදුන් නබවි හි මහිමය: 3
දෙවනුව: ශුද්ධ වූ 'මස්ජිදුන් නබවි' හෙවත් නබි තුමාණන්ගේ මස්ජිදය බැහැ දැකීම සතුටුදායක ය. 7
තෙවනුව: මස්ජිදුන් නබවි දේවස්ථානය බැහැ දැකීමේ විනය 8
සිව්වැන්න: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිණීවල හා එතුමාණන්ගේ සගයින් දෙදෙනා (රළියල්ලාහු අන්හුමා) ගේ මිණීවලවල් බැහැදැකීමේ නීති හා ආචාර ධර්ම 21
***
si492v1.0 - 02/11/2026
මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (1190) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (1395) යටතේ වාර්තා කර ඇති අතර මෙහි සඳහන් පද පෙළ බුහාරි සතු වූවකි.
මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක (1398) යටතේ වාර්තා කර ඇත.
මෙය ඉමාම් ඉබ්නු මාජා විසින් හදීස් අංක (227) යටතේ වාර්තා කර ඇති අතර, එහි සනදය (වාර්තාකරණ දාමය) සහීහ් (නිවැරැදි) වේ.
. බුහාරි හා මුස්ලිම්. බුහාරි, අංක (1195), මුස්ලිම්, අංක (1390).
මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (636) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (602) යටතේ වාර්තා කර ඇත.
. අල් බුහාරි හා මුස්ලිම් ග්‍රන්ථවල සමාන අදහසින් වාර්තා කළ (එනම්, මුත්තෆකුන් අලයිහි ගණයට අයත්) හදීසයකි: අල් තුමා හදීස් අංක (846) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (858) යටතේ මෙය වාර්තා කර ඇත. 'අල්-මුහ්තලම්' යනු වැඩිවියට පත් වූ තැනැත්තා ය.
මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක (443) යටතේ වාර්තා කර ඇත.
මෙය ඉබ්නු මාජා හදීස් අංක (771) යටතේ නිවැරදි (සහීහ්) වාර්තා දාමයකින් යුතුව වාර්තා කර ඇත.
මෙය අබූ දාවුද් විසින් හදීස් අංක (466) යටතේ සහීහ් වාර්තා දාමයකින් යුතුව වාර්තා කර ඇත.
බුහාරි හා මුස්ලිම් ග්‍රන්ථවල සමාන අදහසින් වාර්තා කළ (එනම්, මුත්තෆකුන් අලයිහි ගණයට අයත්) හදීසයකි. බුහාරි, අංක 1171, මුස්ලිම්, අංක 714.
. අල් බුහාරි හා මුස්ලිම් ග්‍රන්ථවල සමාන අදහසින් වාර්තා කළ (එනම්, මුත්තෆකුන් අලයිහි ගණයට අයත්) හදීසයකි. අල් බුහාරි, අංක 615, මුස්ලිම්, අංක 437.
මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක (438) යටතේ වාර්තා කර ඇත.
මෙය ඉමාම් මුස්ලිම් විසින් වාර්තා කර ඇත. හදීස් අංකය (440).
මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (722) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (417) යටතේ වාර්තා කර ඇත.
. අල් බුහාරි හා මුස්ලිම් ග්‍රන්ථවල සමාන අදහසින් වාර්තා කළ (එනම්, මුත්තෆකුන් අලයිහි ගණයට අයත්) හදීසයකි. අල් බුහාරි, අංක 1195, මුස්ලිම්, අංක 1390.
මෙය තිර්මිදි තුමා හදීස් අංක (1321) යටතේ ද ඉබ්නු කුසෛමා තුමා හදීස් අංක (1305) යටතේ ද සහීහ් සනදයක් සහිතව වාර්තා කර ඇත.
මෙය බුහාරි තුමා හදීස් අංක (7359) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (564) යටතේ වාර්තා කර ඇත.
මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක (713) යටතේ වාර්තා කර ඇත.
මෙය තිර්මිදි තුමා විසින් හදීස් අංක (314) යටතේ නිවැරදි සනදයක් මඟින් වාර්තා කර ඇත.
මෙය ඉමාම් මුස්ලිම් විසින් හදීස් අංක (977) යටතේ වාර්තා කර ඇත.
මෙය අහ්මද් විසින් ‘මුස්නද්’ හි හදීස් අංක: (10815) යටතේ, හසන් මට්ටමේ සනදයක් සහිතව වාර්තා කර ඇත.
අබූ දාවුද් හදීස් අංක (3236), අත්-තිර්මිදී හදීස් අංක (320), අන්-නසාඊ හදීස් අංක (2043) යටතේ මෙය වාර්තා කර ඇත.
අත්තිර්මිදී හදීස් අංක (1056) යටතේ ද, ඉබ්නු මාජහ් හදීස් අංක (1576) යටතේ ද වාර්තා කර ඇත. මෙහි වාර්තාකරුවන්ගේ දාමය හසන් (යහපත්) මට්ටමේ පවතී.
මෙය බුහාරි තුමා හදීස් අංක (1189) යටතේ හා මුස්ලිම් තුමා හදීස් අංක (1397) යටතේ වාර්තා කර ඇති අතර මෙම පද පෙළ මුස්ලිම් සතු වූවකි.
මෙය අස්-සුනන් කුබ්රාහි අංක: (10271) යටතේ, සහීහ් සනදයක් සමඟ බයිහකී තුමා විසින් වාර්තා කර ඇත.
අෂ්-ෂිෆා ලිල්-කාදී ඉයාද් (2/ 199)
අෂ්ෂිෆා ලිල්කාදී ඉයාද් (2/ 199)
මෙය අල් ආජුරී තුමා විසින් ‘අෂ්-ෂරීආ’ නම් ග්‍රන්ථයේ (5/2374) හදීස් අංක (1853) යටතේ වාර්තා කර ඇත.
මෙය අහ්මද් තුමා විසින් ‘මුස්නද්’ හි හදීස් අංක (8804) යටතේ හසන් දාමයක් සහිතව වාර්තා කර ඇත.
රාගිබ් අල්-අස්ෆහානිතුමාගේ "අල්-මුෆ්රදාත්" පිටුව 594 සහ ෂව්කානිතුමාගේ "ෂර්හුස් සුදූර් බිතහ්රීම් රෆ්ඉල් කුබූර්" පිටුව 16 බලන්න.
කාදී ඉයාද්ගේ අශ්-ශිෆා (2/204), ඉබ්නුල් හාජ්ජිගේ අල්-මද්ඛල් (1/262).
ඉබ්නු බාස්ගේ "මජ්මූඋ ෆතාවා" (16/ 110).
මෙය බුහාරි තුමා විසින් හදීස් අංක (1189) යටතේ හා මුස්ලිම් තුමා විසින් හදීස් අංක (1397) යටතේ වාර්තා කර ඇති අතර මෙම පද පෙළ මුස්ලිම් සතු වූවකි.