PHPWord

 

 

فَضْلُ عَشْرِ ذِي الحِجَّةِ

 

 

දුල් හජ් මස ආරම්භක දින දහයේ මහිමය

 

 

اللَّجْنَةُ العِلْمِيَّةُ

بِرِئَاسَةِ الشُّؤُونِ الدِّينِيَّةِ بِالمَسْجِدِ الحَرَامِ وَالمَسْجِدِ النَّبَوِيِّ

 

මස්ජිදුන් නබවි දේවස්ථානය බැහැ දැකීමේ විනය හා නීති පිළිබඳ සාරාංශය

 


بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ

දුල් හජ් මස ආරම්භක දින දහයේ මහිමය

පෙරවදන

ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා සතු ය. ලෝවැසියන්ට කරුණාවක් ලෙස යවන ලද දේව දූතයාණන්හටත් එතුමාණන්ගේ පවුලේ උදවියහටත් එතුමාණන්ගේ මිතුරන්හටත් එතුමාණන්ගේ සන්ත්‍රාසය අනුගමනය කළ උදවියහටත් විනිශ්චය දිනය දක්වා ධාර්මික ලෙසින් ඔවුන්ව අනුගමනය කරන්නන් හටත් ශාන්තිය හා සමාදානය අත් වේවා!

මෙය කෙටි ලිපියකි. දුල් හජ් මස ආරම්භක දින දහයේ මහිමය පිළිබඳ මුස්ලිම්වරයකුට අවශ්‍ය වැදගත් කරුණු මෙහි ඇතුළත් වේ. එය ශුද්ධ භූමියට පැමිණෙන පිරිසට සහ ඔවුන්ගේ ආගමික කටයුතු පිළිබඳව දැනුවත් වීමට සහ අවබෝධයක් ඇති කර ගැනීමට අප විසින් ගොනු කර ඇත. අපගේ ප්‍රාර්ථනාව වන්නේ අල්ලාහ්ගේ අශිර්වාදය මෙම ලිපිය මඟින් ලබා දී, එය සාර්ථක කර, අල්ලාහ්ගේ ප්‍රසාදය සඳහා පමණක් වූවක් බවට මෙය පත් කර දෙන ලෙස ය. ඔහු ශ්‍රේෂ්ඨ විනිශ්චයකරු ය. බලාපොරොත්තු තබනු ලබන මහා ත්‍යාගශීලී ය.

විවිධ භාෂා සඳහා වූ ඉස්ලාමීය අධ්‍යන කටයුතු පිළිබඳ සේවා සංගමයේ විද්‍යාත්මක කාරක සභාව

දුල් හජ් මාසයේ දින දහයේ මහිමය:

දුල් හිජ්ජා මාසයේ දින දහය, එහි මහිමය අති මහත් ය. එය උත්තරීතර අල්ලාහ් තම ග්‍රන්ථයේ පැහැදිලි කර ඇති අතර, ඔහුගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ද තම වදන් තුළ පැහැදිලි කර ඇත. මේවා උත්තරීතර අල්ලාහ් තම ග්‍රන්ථයේ දිවුරා පවසා ඇති දින කිහිපයකි.

﴿وَٱلۡفَجۡرِ 1 وَلَيَالٍ عَشۡر2

අරුණෝදය මත ද දිවුරමින්.

දස රාත්‍රියන් මත දිවුරමින් (අල් ෆජ්ර්: 1,2) එය දුල් හජ් මාසයේ දින දහය බව ඉබ්නු අබ්බාස්, ඉබ්නු අස්සුබෙයිර්, මුජාහිද්, ඉබ්නු කසීර්, ඉබ්නු අල් කය්යිම් සහ අනෙකුත් සලෆ් පෙරටුගාමී හා කලෆ් පසුගාමී විද්වතුන් විසින් පවසා ඇත.1.

මෙම දිනවල සිදු කරන දැහැමි ක්‍රියාවන් අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීමට වඩා උතුම් වේ; එය අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලද හදීසයට අනුව ය.

«مَا مِنْ أَيَّامٍ الْعَمَلُ الصَّالِحُ فِيهِنَّ أَحَبُّ إِلَى اللَّهِ مِنْ هَذِهِ الْأَيَّامِ الْعَشَرِ»، قَالُوا: يَا رَسُولَ اللَّهِ! وَلا الْجِهَادُ فِي سَبِيلِ اللَّهِ؟ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «وَلا الْجِهَادُ فِي سَبِيلِ اللَّهِ، إِلَّا رَجُلٌ خَرَجَ بِنَفْسِهِ وَمَالِهِ فَلَمْ يَرْجِعْ مِنْ ذَلِكَ بِشَيْءٍ».

“දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමේදී අල්ලාහ්ට වඩාත් ප්‍රිය මනාප දිනයන් වනුයේ මෙම දින දහය මිස වෙනත් නැත.” ඔවුහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම (ඊටත් වඩා ප්‍රිය මනාප) නොවන්නේ ද’ යැයි විමසා සිටියෝ ය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: “අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම ද (ඊට සමාන) නැත. නමුත් තම ජීවිතය හා තම ධනය කැප කරමින් පිටත්ව ගොස්, ඒ කිසිවක් සමග නැවත හැරී නොඑන මිනිසා හැර”2.

දුල් හිජ්ජා මාසයේ ආරම්භක දින දහයේ යහපත් ක්‍රියාවන්හි මහිමයන්:

1. හජ් හා උම්රා ඉටු කිරීම, එය මෙම දින දහය තුළ සිදු කරනු ලබන වඩාත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවන් අතර වේ; එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය පරිදි ය:

«مَن حَجَّ هَذَا الْبَيْتِ فَلَمْ يَرْفُثْ وَلَمْ يَفْسُقْ رَجَعَ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ».

"කවරෙකු මෙම ගෘහය වෙත හජ් වන්දනාව ඉටු කර, (එම කාලය තුළ) කාමයේ නොහැසිරී, අසභ්‍ය හෝ දුරාචාරයේ නොයෙදී වැළකී සිටියේ ද ඔහුගේ මව ඔහු බිහි කළ දිනය මෙන් ඔහු නැවත හැරී එනු ඇත." මුස්ලිම් හි සඳහන් තවත් ප්‍රකාශයක:

«مَن أَتَى هَذَا الْبَيْتِ فَلَمْ يَرْفُثْ وَلَمْ يَفْسُقْ؛ رَجَعَ كَيَوْمٍ وَلَدَتْهُ أُمُّهُ».

"කවරෙකු මෙම ගෘහය වෙත පැමිණ (එම කාලය තුළ) කාමයේ නොහැසිරී, අසභ්‍ය හෝ දුරාචාරයේ නොයෙදී වැළකී සිටියේ ද ඔහුගේ මව ඔහු බිහි කළ දිනය මෙන් ඔහු නැවත හැරෙනු ඇත."3 "කවරෙකු මෙම ගෘහය වෙත පැමිණ..." යන එතුමාණන්ගේ ප්‍රකාශය තුළ حج (හජ්) සහ عمرة (උම්රා) යන දෙකම ඇතුළත් වන්නේය. සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. නබි තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ.

«الْعُمْرَةُ إِلَى الْعُمْرَةِ كَفَّارَةٌ لِمَا بَيْنَهُمَا، وَالْحَجُّ الْمَبْرُورُ لَيْسَ لَهُ جَزَاءٌ إِلَّا الْجَنَّةُ».

උම්රා ව අනෙක් උම්රා ව දක්වා ඒ දෙක අතර සිදු වන පාපයන්ට වන්දිය වන්නේය. විධිමත් ව ඉටු කරනු ලබන හජ් ඒ සඳහා වූ ප්‍රතිඵලය ස්වර්ගය මිස වෙනෙකක් නොමැත.4

2. දින නවයක් හෝ ඉන් හැකි පමණක් උපවාසයේ යෙදීම; එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශය අනුවය:

«مَا مِنْ أَيَّامٍ الْعَمَلُ الصَّالِحُ فِيهِنَّ أَحَبُّ إِلَى اللَّهِ مِنْ هَذِهِ الْأَيَّامِ الْعَشَرِ».

"දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමේදී අල්ලාහ්ට වඩාත් ප්‍රිය මනාප දිනයන් වනුයේ මෙම දින දහය මිස වෙනත් නැත." උපවාසය යනු අතිශය යහපත් ක්‍රියාවන්ගෙන් එකකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එය පිළිබඳව උනන්දුවෙන් දිරිමත් කළහ. එතුමාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශයක් මෙසේය:

«مَا مِنْ عَبْدٍ يَصُومُ يَوْمًا فِي سَبِيلِ اللَّهِ إِلَّا بَاعَدَ اللَّهُ بِذَلِكَ الْيَوْمِ وَجْهَهُ عَنِ النَّارِ سَبْعِينَ خَرِيفًا».

"අල්ලාහ්ගේ මාර්ගයේ යොමු ව සිටිය දී උපවාසයේ නිරත වන කවර ගැත්තෙකු හෝ වේවා ඒ හේතුවෙන් අල්ලාහ් ඔහුගේ මුහුණ වසර හැත්තෑවක් පමණ දුර නිරයෙන් දුරස් කරනු මිස නැත."5

3. උල්හිය්යා දීම යව්මුන් නහ්ර් (හෙවත් හජ් අවුරුදු දිනය) සහ තෂ්රීක් දිනවල ආගමානුගත වේ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයක් ඒ ගැන මෙසේ සහතික කර ඇත:

«ضَحَّى بِكَبْشَيْنِ أَمْلَحَيْنِ، أَقْرَنَيْنِ، ذَبَحَهُمَا بِيَدِهِ، وَسَمَّى وَكَبَّرَ وَوَضَعَ رِجْلَهُ عَلَى صِفَاحِهِمَا».

"අං සහිත කළු සහ සුදු මිශ්‍රිත බැටළුවන් දෙදෙනෙකු එතුමාණෝ කැප කළ අතර, එය එතුමාණන් විසින්ම කපා හරින ලදී. එතුමාණෝ 'බිස්මිල්ලාහ්' (අල්ලාහ්ගේ නාමයෙන් ) අල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය)! යැයි පවසා එතුමාණන්ගේ පාදය උන්ගේ පිට සහ සුදු මිශ්‍රිත බැටළුවන් දෙදෙනෙකු එතුමාණෝ කැප කළ අතර, එය එතුමාණන් විසින්ම කපා හරින ලදී. එතුමාණෝ 'බිස්මිල්ලාහ්' (අල්ලාහ්ගේ නාමයෙන්) අල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය)! යැයි පවසා එතුමාණන්ගේ පාදය උන්ගේ පිට මත තැබූහ.6

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:

«مَا عَمِلَ ابْنُ آدَمَ مِنْ عَمَلٍ يَوْمَ النَّحْرِ أَحَبُّ إِلَى اللَّهِ مِنْ إِهْرَاقِ الدَّمِ، وَإِنَّهُ لَيُؤْتَى يَوْمَ الْقِيَامَةِ بِقُرُونِهَا وَأَشْعَارِهَا وَأَظْلافِهَا، وَإِنَّ الدَّمَ لَيَقَعُ مِنَ اللَّهِ بِمَكَانٍ قَبْلَ أَنْ يَقَعَ فِي الْأَرْضِ، فَطَيِّبُوا بِهَا نَفْسًا».

"ආදම්ගේ පුත්‍රයා විසින් නහර් දිනයේ සිදු කරන ක්‍රියාවන් අතරින් අල්ලාහ්ට වඩාත් ප්‍රිය මනාප වනුයේ සතෙකු කපා හැරීමය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උගේ අං උගේ රෝම සහ උගේ කුර සමඟ ඌ ගෙන එනු ලැබේ. ලේ පොළවට වැටීමට පෙර අල්ලාහ් අබියස වැටේ. එබැවින්, එය සත් සිතින් ඉටු කරන්න. 7

දුල් හජ් මාසයේ දින දහය උදාවෙත්ම, උල්හිය්යා දීමට අපේක්ෂා කරන පුද්ගලයා තම හිසකෙස් සහ ශරීර ශරීරයේ ඇති රෝම ඉවත් කිරීමෙන් වැළකී සිටිය යුතුය. එය උම්මු සලමා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලද හදීසයකට අනුවය: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ:

«إِذَا رَأَيْتُمْ هِلَالَ ذِي الْحِجَّةِ وَأَرَادَ أَحَدُكُمْ أَنْ يُضَحِّيَ؛ فَلْيُمْسِكْ عَنْ شَعْرِهِ وَأَظْفَارِهِ».

“නුඹලා දුල් හජ් මාසයේ නව සඳ දුටු විට, නුඹලාගෙන් කවරෙකු උල්හිය්යා දීමට කැමති නම් ඔහුගේ රෝම සහ නියපොතු ඉවත් කිරීමෙන් වළකින්න.” තවත් ප්‍රකාශයක

«... فَلَا يَأْخُذَنَّ مِنْ شَعْرِهِ وَلَا مِنْ أَظْفَارِهِ شَيْئًا حَتَّى يُضَحِّيَ».

"ඔහුගේ රෝම හෝ ඔහුගේ නියපොතු කිසිවක් උල්හිය්යා ලබා දෙන තෙක් ඉවත් නොකළ යුතු ය."8

4. මෙම දින දහය තුළ සහ තශ්රීක් දිනවල එනම් (හජ් මස 11, 12, 13 යන දිනවල) වැඩි වශයෙන් තක්බීර්, තහ්ලීල්, සහ දික්ර් යනාදියෙහි නිරත වීම. එය නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් බින් උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කළ හදීසයකට අනුවය:

«مَا مِنْ أَيَّامٍ أَعْظَمَ عِندَ اللَّهِ وَلَا أَحَبُّ إِلَيْهِ مِنَ الْعَمَلِ فِيهِنَّ مِنْ هَذِهِ الْأَيَّامِ الْعَشَرِ، فَأَكْثِرُوا فِيهِنَّ: مِنَ التَّهْلِيلِ، وَالتَّكْبِيرِ، وَالتَّحْمِيدِ».

මෙම දින දහය තුළ නැමදුම්වලට නිරත වීමට වඩා උතුම් හා ප්‍රිය මනාප වෙනත් දිනයන් අල්ලාහ් අබියස නැත. එබැවින් මෙම දිනවල වැඩි වශයෙන් තහ්ලීල්, තක්බීර්, හා තහ්මීද් යනාදියෙහි නිරත වන්න.9

පහත සඳහන් පරිදි තක්බීර් කොටස් දෙකක් ලෙස වර්ගීකරණය කළ හැක: :

පළමු කොටස: සලාතයන් අවසානයේ නියම නොකළ පොදු තක්බීර්, එය සෑම වේලාවකම ආගමානුගත කර ඇත.

'ඊදුල් අළ්හා' හි තක්බීර් පවසන්නට ආරම්භ කරනුයේ දුල් හිජ්ජා මාසයේ මුල් දහයේ සිට තෂ්රීක් දිනවල අවසානය දක්වා ය. එය සියලු අවස්ථාවල, රාත්‍රියේ, දහවලේ, මාර්ගයේ, වෙළඳපොළවල, මස්ජිද්වල, නිවෙස්වල, සහ අල්ලාහ්ව මෙනෙහි කළ හැකි සෑම ස්ථානයකම පවසනු ලැබේ.

දෙවන කොටස: නියම කරන ලද තක්බීර්: එය විශේෂයෙන්ම ඊදුල් අළ්හා උත්සවයේ සලාතයන් අවසානයේ නියම කළ තක්බීර් වේ. එහි කාලය සහ ක්‍රමය පහත පරිදි ය:

පළමුව: අරාෆා දින ෆජ්ර් සලාතයෙන් පසු තක්බීර් පැවසීම ආරම්භ කර, තෂ්රීක් දිනවල තුන්වන දිනයේ අසර් සලාතයෙන් පසු අවසන් කරයි. මෙය හජ් නොකරන්නන් සඳහා වන අතර, හජ් ඉටු කරන්නන් සඳහා නහර් (උත්සව) දින ලුහර් වේලාවේ සිට තක්බීර් පැවසීම ආරම්භ කරයි.

දෙවනුව: තක්බීර් පැවසීමේ ක්‍රමය: "අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, ලා ඉලාහ ඉල්ලල්ලාහ්, වල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් ව ලිල්ලාහිල් හම්දු"

(තේරුම: අල්ලාහ් අති ශ්‍රෙෂ්ඨයි. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයි. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයි සියලු ප්‍රශංසා ඔහු සතුය.)10

5. හජ් නොකරන අය සඳහා ඊද් සලාතය ඉටු කිරීමට උනන්දු කරවා ඇත. ඒ සඳහා තක්බීර් පැවසීම, දේශනාවට සවන් දීම. ඉස්ලාමයේ අතිමහත් සංකේත අතුරින් එකකි. එමෙන්ම එහි වැදගත්කම නිසාම තරුණ කාන්තාවන් මෙන්ම ඔසප් කාන්තාවන් පවා ඒ වෙත පිටත්ව යාමට නියෝග කර ඇත; උම්මු අතියියා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ පවසයි:

«كُنَّا نُؤْمَرُ أَنْ نَخْرُجَ يَوْمَ الْعِيدِ حَتَّى نُخْرِجَ الْبِكْرَ مِنْ خِدْرِهَا، حَتَّى نُخْرِجَ الْحُيَّضَ فَيَكُنَّ خَلْفَ النَّاسِ، فَيُكَبِّرْنَ بِتَكْبِيرِهِمْ، وَيَدْعُونَ بِدُعَائِهِمْ، وَيَرْجُونَ بَرَكَةَ ذَلِكَ الْيَوْمِ وَطَهَارَتِهِ».

අවුරුදු දිනයේදී අපි ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවන් ඇතුළුව කන්‍යාවියන් ඔවුන්ගේ නිවෙසින් බැහැරට ගෙන යාමටත්, ඔසප් තත්වයේ කාන්තාවන් මිනිසුනට පසුපසින් සිටින ලෙසටත් අණ කරනු ලැබුවෙමු. ඔවුහු අන් අය ප්‍රකාශ කරන තක්බීරය සමග තක්බීර් ප්‍රකාශ කරති. ඔවුන් පතන ප්‍රාර්ථනාවන් සමඟ එක්ව ප්‍රාර්ථනා කරති. එදින ආශීර්වාදය හා පවිත්‍රභාවය බලාපොරොත්තු වෙති. තවත් ප්‍රකාශයක

«وَأَمَرَ الْحُيَّضَ أَنْ يَعْتَزِلْنَ مُصَلَّىٰ الْمُسْلِمِينَ».

"ඔසප් කාන්තාවන් මුස්ලිම්වරුන්ගේ සලාතය ඉටු කරන ස්ථානයෙන් ඉවත්ව සිටින ලෙස අණ එතුමාණෝ අණ කළහ."11

6. අතිරේක සලාත් ඉටු කිරීම, දානමාන කටයුතුවල නිරත වීම, අල් කුර්ආනය කියවීම, යහපත් කටයුතු කිරීමට උපදෙස් දීම සහ නපුරු කටයුතු වලින් වැළැක්වීම, අසල්වැසියන් සමග උපකාරශීලීව කටයුතු කිරීම, ඥාතීන් සමඟ සබඳතා පවත්වා ගැනීම සහ වෙනත් යහපත් ක්‍රියාවන් වල වැඩි වශයෙන් නිරත වීම. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ පොදු ප්‍රකාශයකට අනුවය:

«مَا مِنْ أَيَّامٍ الْعَمَلُ الصَّالِحُ فِيهِنَّ أَحَبُّ إِلَى اللَّهِ مِنْ هَذِهِ الْأَيَّامِ الْعَشَرِ»، قَالُوا: يَا رَسُولَ اللَّهِ! وَلا الْجِهَادُ فِي سَبِيلِ اللَّهِ؟ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : «وَلا الْجِهَادُ فِي سَبِيلِ اللَّهِ، إِلَّا رَجُلٌ خَرَجَ بِنَفْسِهِ وَمَالِهِ فَلَمْ يَرْجِعْ مِنْ ذَلِكَ بِشَيْءٍ».

“දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමේදී අල්ලාහ්ට වඩාත් ප්‍රිය මනාප දිනයන් වනුයේ මෙම දින දහය මිස වෙනත් නැත.” ඔවුහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම (ඊටත් වඩා ප්‍රිය මනාප) නොවන්නේ ද’ යැයි විමසා සිටියෝය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: “අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම ද (ඊට සමාන) නැත. නමුත් තම ජීවිතය හා තම ධනය කැප කරමින් පිටත්ව ගොස්, ඒ කිසිවක් සමග නැවත හැරී නොඑන මිනිසා හැර”12.

අප උගත දැයින් අපට ප්‍රයෝජනය ලබා දෙන මෙන් ද, අපට ප්‍රයෝජනවත් වන දෑ අපට උගන්වන මෙන් ද අපි අල්ලාහ්ගෙන් පතමු. සැබැවින්ම ඔහු පෝෂකය, ත්‍යාගශීලීය. අපගේ නබි මුහම්මද් තුමාණණන් හටත් හා එතුමාණන්ගේ පවුලේ උදවිය හටත් අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදාන වැඩි වැඩියෙන් හිමි වේවා!

 

***

 

 

පටුන

 

පෙරවදන 2

දුල් හජ් මාසයේ දින දහයේ මහිමය: 3

දුල් හිජ්ජා මාසයේ ආරම්භක දින දහයේ යහපත් ක්‍රියාවන්හි මහිමයන්: 4

 

***

 

si431v1.0 - 24/05/2026


මෙය බුහාරි හා තිර්මිදි විසින් වාර්තා කර ඇති අතර මෙහි සඳහන් පද පෙළ තිර්මිදි සතු වූවකි.

මෙය බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කර ඇත.

. මෙය බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කර ඇත.

මෙය බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කර ඇත.

. මෙය බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කර ඇත.

ඉමාම් තිර්මිදි විසින් මෙය වාර්තා කර ඇත.

මෙය මුස්ලිම් විසින් වාර්තා කර ඇත.

මෙය ඉමාම් අහ්මද් විසින් වාර්තා කර ඇත.

ඉබ්නු කුද්දාමා තුමාගේ අල් මුග්නී (3/290) සහ අෂ්-ෂර්හුල් කබීර් සමඟ මුක්නිඋ සහ ඉන්සාෆ් (5/380) යන ග්‍රන්ථ බලන්න.

මෙය බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කර ඇත.

මෙය බුහාරි හා තිර්මිදි විසින් වාර්තා කර ඇති අතර මෙහි සඳහන් පද පෙළ තිර්මිදි සතු වූවකි.

තෆ්සීර් ඉබ්නු කසීර් (4/106), සහ Zසාදුල් මාආද් (1/56).